ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ස්ථාවර නියෝග 23/2 යටතේ අද පාර්ලිමේන්තුවේදී උතුර පිලිබදව ප්‍රශ්න කරනු ලැබුවා .
පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ හටගත් සිදුවීම විසින් මතුකරන සමාජීය අවදානම පිළිබඳව
මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
පසුගිය 16වැනි දින යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී
සිංහල හා දෙමළ සිසුන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකු
තුවාල ලැබූ ලබා රෝහල් ගතකිරීමට සිදුවුණා.
මෙය විශ්වවිද්‍යාලයක සිදුවූ හුදු පහරදීමේ සිදුවීමක් නෙමෙයි. දේශපාලනික හා සමාජීය වශයෙන්
බරපතළ අවදානමක් මතුකරන, ජන කොට්ඨාසයන් දෙකක් නියෝජනය කරන සිසුන් අතර
හටගත් සිදුවීමක් ලෙස තේරුම් ගත යුතුව තිබෙනවා. සමාජයක් ලෙස හෙළා දැකිය යුතු හා
පිටුදැකිය යුතු ජාතිවාදයේ විසකුරුභාවය මෙම සිදුවීම පිටුපස දැකිය හැකියි.
විශේෂයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් කරන ලද පහරදීම
උතුරේ වර්ධනය වෙමින් වෙමින් ඇති ජාතිවාදී මනෝභාවයේම දිගුවක්. මෙම තත්වය සියලූ
වර්ගයේ ජාතිවාදීන්ට උත්තේජනයක් සපයනවා. ඕනෑම ජාතිවාදය අනෝන්‍ය වශයෙන් එකිනෙකා
මත යැපෙනවා. එක් ජාතිවාදයක් එහිම විරුද්ධවාදී ජාතිවාදයට අනියමින් උදව් කරනවා. එසේම
ජාතිවාදය තවත් ජාතිවාදයකින් යටපත් කළ නොහැකි බව අප දන්නවා.
මෙවැනි සුළු ලෙස වර්ධනය වූ සිදුවීම් විසින් විශාල යුද්ධයක් නිර්මාණය කිරීමට ඉවහල් වූ බව
මෑත ඉතිහාසයේ සිදුවීම් විසින් අපට පෙන්වා දෙනවා. එහෙයින් මෙම සිදුවීම හුදු සිසුන් අතර
ඇති වූ ගැටුමක් ලෙස සලකා නීතිය හමුවේ හෝ විනය පරීක්ෂණවලින් හෝ කාලය විසින් හෝ
අවසන් වේයැයි සිතිය නොහැකියි.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ
තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. මෙම ගැටුම පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය කවරේද?
2. සිදුවීමට අදාළ හේතු හා ප්‍රතිඵල හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබ
තිබේද?
3. එසේනම් එම කමිටු නිර්දේශ කවරේද?
4. මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට සතු වැඩපිළිවෙළ කවරේද?
අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී