සාක් නීති කටයුතු පිළිබද ලේකම් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හමුවිය.
මෙම හමුවේදී සාක් කලාපයේ ඉදිරි කටයුතු පිලිබදව සාකච්ජා කරනු ලැබීය.
එම අවස්ථාවට සාක් නීති කටයුතු පිළිබද ලේකම් කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක Vipin Bhat සහ සාක් නීති කටයුතු පිළිබද ලේකම් කාර්යාලයේ මහ ලේකම් Muhammad Mohsen Rashid ඇතුලු එම කාර්යාලයේ නියෝජිත පිරිසක් සහභාගී විය.