ශ්‍රී ලංකාව තුළ ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර සාමය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය හරහා විශාල කාර්යභාරයක් සිදු කළ හැකි අතර ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය හැකි විශේෂ ඒකකයක් පිහිටුවීම අද (23) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.
ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ ප්‍රධානත්වයෙනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව මෙම විශේෂ ඒකකය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත. මීට සමගාමීව සාමය හා සංහිඳියාව පිළිබඳ වන www.peru.lk නව වෙබ් අඩවිය ජනගත කිරීම ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.