මහ බැංකුවෙන් ලද පැමිණිල්ලක් මත සැකකටයුතු ගිණුමක් ගිණුමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
විදෙස් රටවල්වල සිට සිදු කරන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් සිදු කළ දැනුම්දීමක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
අනතුරුව මේ පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනවල දී නයිජිරියානු සහ අමෙරිකානු ජාතිකයින් යොදවා මෙරට තුළ සිදු කරන ආයෝජන වෙනුවෙන් මුදල් ගෙන්වා ගැනීම් කටයුතු සිදු කරන පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවද නයිජිරියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත