සෝමාලියානු කොල්ලකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හමුමාරුවක්.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්රහණයේ පවතින ශ්රී ලාංකිකයින් 8 දෙනෙකු සහිත ඒරිස් 13 නෞකාව මුදා ගැනීම සඳහා එරට පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් වයඹදිග සෝමාලියාවේ හබෝ ප්රදේශය ආශ්රිතව මේ වනවිට ආරම්භ කර තිබේ.
එහිදී කොල්ලකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හමුමාරුවක් සිදුව ඇති බවට වාර්තා වේ.