topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට ප‍්‍රහාරය මගින් මේ ආණ්ඩුවේ යහපාලනයේ නිරුවත පෙන්නුවා.

Vijitha Herath

ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වෙනකොට හම්බන්තොට ප‍්‍රහාරය මගින් මේ ආණ්ඩුවේ යහපාලනයේ නිරුවත පෙන්නුවා යයි ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කරයි. ඔහු මෙසේ කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවක් අමතමිනි.වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත් හේරත්
“අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. 2015 ජන. 08වැනිදා මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලූ බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය දියත් කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්. ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් ඉටුකරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ජනතාවගේ අතමිට සරු කරනවා කිව්වට එම ප‍්‍රකාශ පුස්සක් වෙලා. රටේ සම්පත් ටික කුණු කොල්ලයට විදෙස් සමාගම්වලට දෙනවා. ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරගන්නවා. මෛතී‍්‍ර-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. කැපවීමක් නැහැ.
ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව ශිෂ්‍යයින් පාරට බැස්සා. ගොවිජනතාව පාරට බැස්සා. රටේ ජනතාව පීඩාවට එරෙහිව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල හමුදාව, පොලීසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප‍්‍රහාර එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. හම්බන්තොට ජනතාව තමන්ගේ පාරම්පරික ඉඩම් රැුකගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කැපවීමක් කළා. එදා රාජපක්‍ෂ පාලනය තුළ හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර 11,000ක් බලහත්කාරයෙන් පවරාගත්තා. ඉරිදා සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් නාමල් රාජපක්‍ෂ ඒ බව කියනවා. මිරිජ්ජවිල කර්මාන්ත ව්‍යාපෘතියට, මත්තල ගුවන්තොටුපොළට, හම්න්තොට වරායට ඒ විදිහට ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගත්තා. එදා රාජපක්‍ෂලා කරපු දේ අද රනිල්-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුව කරනවා. ඒ නිසා තමන්ගේ ඉඩම් හම්බන්තොට වරායත් කුණු කොල්ලයට විකුණා දැමීමෙන් ආරක්‍ෂා කර ගැනීමට හම්බන්තොට ජනතාවට වගකීමක් තිබෙනවා.
අපේ රටේ කර්මාන්ත හදන්න ඕනෑ බව අපි පිළිගන්නවා. නමුත් ඒ වෙනුවෙන් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න දෙන්න බැහැ. ජනතාවගේ ඉඩම් පවරාගෙන කර්මාන්තශාලා හදල වැඩක් නැහැ. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ කර්මාන්ත හදන මුවාවෙන් විදෙස් සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා එදා වේල පිරිමහ ගන්නයි. අපි ආණ්ඩුවට කියනවා හම්බන්තොට ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න එකත් වරාය විකුණන එකත් වහාම නතර කරන්න කියලා. එසේ නැතහොත් ඊට එරෙහිව දහස් ගණන් ජනතාව සමඟ ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාමාර්ග ගන්නවා.
ඊයේ හම්බන්තොට ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් දියත් කළා. ගමෙන් ගමට නිවසෙන් නිවසට ජනතාව මෙම උද්ඝෝෂණයට එකතු වුණා. ආණ්ඩුව හම්බන්තොට ප‍්‍රදේශයේ මහා භීෂණයක් ඇති කළා. හමුදාව පොලීසිය කැඳෙව්වා. මට්ටක්කුලි කුරුණෑගල ගාල්ල මාතර මැරයෝ, ඇමතිලාගේ ගෝලයෝ 06වැනිදා රාති‍්‍රයේ සිටම ප‍්‍රදේශවාසීන් බියවැද්දීම් කළා. පොලීසිය පාරවල් වහලා බැරියර් දැම්මා. මේ නිසා ජනතාව කෝපයට පත්වුණා. ජනතාව ප‍්‍රතිිචාර දැක්වුවා. ආණ්ඩුවේ නිල නොවන මැරයො නිල පොලීසිය හමුදාව එක්වී හම්බන්තොට ජනතාවට දියත් කළ මැර ප‍්‍රහාරය ඉතාම අමානුෂික ම්ලේච්ඡු ප‍්‍රහාරයක්. තමන්ට අයිති ඉඩම රැුකගන්න උද්ඝෝෂණය කළ හම්බන්තොට ප‍්‍රදේශයේ පාරම්පරික ඉඩම් හිමි අම්මලාට තාත්තලාට තමයි ආණ්ඩුව මේ විදිහට පහර දුන්නේ. ආණ්ඩුවේ මර්දනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකිනවා. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.
දේශපාලන වශයෙන් බංකොළොත් වෙලා ඉන්න පිරිසක් මේ සටන පාවා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. තමන්ගේ ඇත්ත ප‍්‍රශ්නය වෙනුවෙන් සටන් කරන ජනතාව තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගන්න එම කණ්ඩායම කටයුතු කරනවා. එදා හම්බන්තොට ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගත්තු ඔවුන් ඒවා නැහැ කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඔවුන් මැදිහත් වෙලා ජනතාවගේ සටන දියාරු කරන්න හදනවා. සැබෑ අරගලය යටපත් කරනවා. ආණ්ඩුව ඔවුන්ගේ කි‍්‍රයාමාර්ගත් මේ සටන මර්දනය කරන්න යොදා ගන්නවා. එම නිසා බංකොළොත් කණ්ඩායම්වලට මේ සටන දියාරු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ආණඩුව වසර දෙකක් ගෙවෙන මේ මොහොතේ ජනතාවට පෙන්නුවේ යහපාලනය නෙවෙයි. ආණ්ඩුව ප‍්‍රායෝගිකව පෙන්නලා තිබෙනවා යහපාලනය බොරුවක් කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ජනතාවට පහර දීලා මර්දනය කරලා යහපාලනයේ ඇත්ත නිරුවත පෙන්නුවා.

Sisira Kumara wahalathanthri
දකුණු පළාත් සභා මන්තී‍්‍ර සිසිර වාහලතන්ත‍්‍රී  මෙහිදී  අදහස් දක්වමින්…
හම්බන්තොට ජනතාවගේ ප‍්‍රශ්නය වෙනුවෙන් පක්‍ෂ පාට භේදයෙන් තොරව ජනතාව පාරට බැස්සා. රජ කාලේ සිට පරම්පරාවෙන් ලැබුනු ජනතාව ජීවත් වුණු ඉඩම්, වගා කරපු වගාබිම් සමඟ හම්බන්තොට වරාය ආණ්ඩුව චීනට දෙන්න යනවා. මේ ඉඩම් පවරා ගන්න කලින් ආණ්ඩුව කිසිදු පරිසර ඇගයීමක් කළේ නැහැ. පරිසර හානි තක්සේරු කළේ නැහැ. රටේ නීතියට අනුව කැලෑ ඉඩම් හෙක්ටයාර් එකක් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගන්නවා නම් ඊට අදාලව පරිසර ඇගයීමක් කළ යුතුයි. ආණ්ඩුව ඒවා කළේ නැහැ. ආණ්ඩුවේ නිලධාරීන් ඇවිත් ඉඩම් මනින්න පටන් ගත්තා. ජනතාව ඒවා ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. පාලකයින්ට ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා. අපි හම්බන්තොට ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය හැදුවා. සියලූ පක්‍ෂවල පිරිස්, ස්වාමින් වහන්සේලා එයට දායක වුණා. මේ පිළිබඳව පළාත් සභාවේදී, දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවේදී ප‍්‍රශ්න කළා. හම්බන්තොට ජනතාව සමඟ එකතු වෙලා සාමකාමීව සටනක් දියත් කළා. ජනතාව පාරට බහින්නේ ඒ අනුවයි. පසුගිය දින තුනක් පුරා හමුදාව, යුද ටැංකි, මැර හමුදාව, එම ප‍්‍රදේශයට ගෙන්නුවා. තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්න යනවා කියලා ජනතාව බියට පත්වුණා. ඒ නිසා තමයි ජනතාව උද්ඝෝෂණය කළේ. එජාපය සුපුරුදු පරිදි මැර හමුදාව එවලා පහර දුන්නා. උත්සව භූමියේ ඉඳලා තමයි ජනතාවට ගල් ගහලා තිබෙන්නේ. ආණ්ඩුවේ මැරයින් ඇති කරපු භීෂණයට තමයි ජනතාව ප‍්‍රතිචාර දැක්වුවේ. මේ වනවිට විශාල ප‍්‍රමාණයක් උද්ඝෝණයට සහභාගි වුණු ජනතාව අත් අඩංගුවට ගත්තා. විශාල පිරිසක් තුවාළ ලබලා.
ඉඩම් අහිිමිවන ජනතාවට කිසිදු විකල්පයක් නැහැ. යහපාලන ආණ්ඩුව දැන් ජනතාවගේ ඉඩම් පවරා ගනිමින් ඉන්නවා. ජනතාව දීර්ඝ කාලයක් සාමකාමීව සටනක් ගෙන යමින් ඉන්නවා. ඇතැම් අය ජනතාව ප‍්‍රකෝප කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවේ මේ කි‍්‍රයාමාර්ග නිසා හම්බන්තොට ජනතාව සමාජ දේශපාලන මෙන්ම ජීවත් වීමේ ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් ඉන්නවා. මේ වනවිට හම්බන්තොට ජනතාව ජල හිඟයකට මුහුණ දීලා. ගොවි පවුල් 15,000ක් අසරණ වෙලා. එසේ තිබියදී ආණ්ඩුව චීන සමාගම්වල ව්‍යාපෘතිවලට ජලය ලබාදෙන්න ව්‍යාපෘති දියත් කරනවා. ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම මොකක්ද කියලා ජනතාව දන්නවා. ලියන්ගහතොට, රිදියගම ව්‍යාපෘති හරහා තමයි ආණුව එම සමාගම්වල ව්‍යාපෘතිවලට ජලය ලබාදෙන්න යන්නේ. මේ නිසා හම්බන්තොට ගොවි ජනතාවට වගාවට වතුර නැතිවෙනවා. බොන්න පවා වතුර අහිමි වන තත්වයක් මතුවෙනවා. ඒ අනාගත ව්‍යසනයත් දන්න ජනතාව තමයි මේ උද්ඝෝෂණවලට එකතු වෙලා ඉන්නේ.
හම්බන්තොට ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානයේ සුරංග සංජීව
පළමුවෙන්ම ආණ්ඩුවේ ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකිනවා. වගඋත්තරකරුවන් ජනතාව නොවෙයි. 06වැනිදා පොලිසිය හමුදාව, හමුදා ට‍්‍රක් රථ හම්බන්තොට ප‍්‍රදේශයේ ස්ථාන ගත කළා. එස්.ටී.එෆ්. යතුරු පැදි බලකාය පවරා ගැනීමට යෝජනා කර ඇති ඉඩම් තිබෙන ප‍්‍රදේශවල සැරිසැරුවා. මෙයින් ජනතාව බියට පත්වුණා. කි‍්‍රයාමාර්ගයක් ගත යුතු බවට ජනතාවට ඒත්තු ගැන්වුණා. අම්බලන්තොට නෝනාගම ප‍්‍රධාන පාරවල් වහලා, මාර්ග බාධක දැම්මා. පොදු ප‍්‍රවාහනය පවා නතර කරලා දැම්මා. එයින් ජනතාවට යම් පණිවිඩයක් ලැබුණා. ඒ නිසා ජනතාව උත්සව භූමිය අසලටත් මාර්ගවලටත් ඇවිත් විරෝධය දක්වන්න පටන් ගත්තා. එවිට ආරක්‍ෂක අංශ මගින් ජනතාවට පහර දෙන්න පටන් ගත්තා. එයින් ආරක්‍ෂා වීමට ජනතාව නිවාසවලට ඇතුල් වෙද්දී නිවාසවල සිටි රෝගීන්, කුඩා දරුවන් ගැන පවා නොසිතා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. උදේ 10.30ට පමණ ආරම්භ කළ ප‍්‍රහාරය සවස 6.00 පමණ වන තෙක් දියත් කළා. මොන ප‍්‍රහාරයක් එල්ල වුණත් ජනතාව ජීවත් වන භූමිය අතහැරලා අපි යන්න සූදානම් නැහැ.

Sumith Kumara

හම්බන්තොට ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානයේ ලේකම් සුමිත් කුමාර

2017 අලූත් අවුරුද්දේ ජනවාරි උදා වුණේ හම්බන්තොට ජනතාවට ආණ්ඩුව මැර ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග. මේ ඉඩම් පවරා ගැනීමත් වරාය විකිණීමත් පිළිබඳව හම්බන්තොට ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය විසින් ජනතාව දැනුවත් කිරීමේ කි‍්‍රයාමාර්ග දියත් කළා. එක ගමක ජන හමු 7-8ක් කළා. දේශපාලන වශයෙන් බංකොළොත් කණ්ඩායම් එම කි‍්‍රයාමාර්ග දියාරු කරන්න කටයුතු කළා. මේ සටන හම්බන්තොට බේරාගැනීමේ පොදු සටනක්. ආණ්ඩුව සමඟ හිටගෙන ඉන්න කුමන්ත‍්‍රණකාරී පිරිස් සටන දියාරු කරන්න කටයුතු කරනවා. මේ ආණ්ඩුව හම්බන්තොට ජනතාවට වගේම රටේ සියලූම ජනතාවට කිව්වා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හදනවා කියලා. යහපාලනය හදනවා කිව්වා. දැන් අපි ඉන්න භූමියෙන් අපිව නෙරපන්න කටයුතු කරනවා. ජනතාව ඡුන්දය දුන්නේ පැරණි ගමන යන්න නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවේ මේ ගමන හකුළා ගන්න කියලා.
ව්‍යාපෘතියට මුල් ගල තබන අවස්ථාවේදී ආණ්ඩුවේ මැරයෝ ජනතාවට ගල් ප‍්‍රහාර එල්ල කළා. හාමුදුරුවන්ට පවා ගල්වලින් ගැහුවා. නිවෙස්වලට ගිහින් හානි කළා. දේපළවලට හානිකළා. කඩ කුඩු කළා. ග‍්‍රාමසේවක කාර්යාලයක් කුඩු කළා. ඒ අසල නවත්වා තිබූ යතුරු පැදිවලට පහර දුන්නා. සවස වනවිට මැරයන් බස් රථයකින් ඇවිත් අහිසංක මිනිසුන්ට පහර දුන්නා. අපි ආණ්ඩුවට කියනවා, හම්බන්තොට ජනතාව මේ සටන ජයග‍්‍රහණය දක්වා මෙහෙයවනවා කියලා. අපේ අතපය කඩලා මේ සටන නතර කරන්න පුළුවන්කමක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා අපේ ජීවිත අරගෙන තමයි මේ වැඬේ ආණ්ඩුවට කරන්න වෙන්නේ කියලා.

 

 

Leave A Reply

Your email address will not be published.