ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් හම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට 80% ක් හා වරාය අධිකාරියට 20% ක් ලෙස අවුරුදු 99ක් සඳහා බදුදීමේ එකඟතා ගිවිසුම හා අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2017.03.21 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබී කඩිනම් කටයුත්තක් ලෙස සළකා විකුණා දැමීමේ ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව සදහන් කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෘත්තීය සමිති, සියලු බලවේග එකමුතුව හම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට විකිණීම පරාජය කලයුතුයයි කියා සිටියි.
නාවික ගමනා ගමනයේදී හම්බන්තොට වරාය අනාගතයේදී ඉතාමත් වැදගත් වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙම වරාය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. මේ දක්වා හම්බන්තොට වරාය වෙනුවෙන් ලබාගන්නා ලද ණය මුදල් ආපසු ගෙවීමේ කටයුතු වරාය අධිකාරිය මඟින් සිදුකරන ලද අතර එසේ ණය ගෙවීමෙන් පසු 2016 වර්ෂයේ බිලියන 11 ක ලාභයක් ලැබීමට වරාය අධිකාරිය සමත් වී ඇත.
විදේශ විනිමය අවශ්‍යතාවය සඳහා රටේ සංවර්ධනය වෙනුවෙන් ඉතාම වැදගත් ජාතික සම්පත් විදේශීය සමාගම් වෙත විකිණීමට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෘත්තීය සමිති වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය, කාර්මික පරිපාලක සංගමය, එක්සත් සේවක සංගමය හා සමුද්‍රීය නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය යන වෘත්තීය සමිති එ්කාබද්ධ වී කටයුතු කරනු ලැබේ. වෘත්තීය සමිති එ්කාබද්ධ වී වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ මඟින් හම්බන්තොට වරාය චීනයේ සමාගමට විකිණිමට එරෙහි ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසකට සුදානම් බවද කියා සිටියි.