topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට එල්ල කළ නාවික හමුදා ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිමු.

press-iii

තම සාධාරණ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලමින් හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් සිදු කරමින් පැවති සාධාරණ උද්ඝෝෂණයට ආණ්ඩුව හමුදාව යොදවා පහරදීමක් සිදු කර ඇත. එය රටට හෙළි කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද තම හැඳුනුම්පත පෙන්වා සිටීමේදී පවා ඉතා නින්දිත අයුරින් පහරදීමක් සිදුකරන ලදී. වරාය සේවකයින්ට හා මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද මෙම ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර මෙම ප‍්‍රහාරයට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුවට බල කර කියා සිටිනවා යයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි .ඒ පැවති මාධ්‍ය හමුවකදී  පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අදහස් දක්වමිනි.වැඩි දුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති
“වරාය සේවකයින්ගේ ඉල්ලීම වූයේ තම සේවය ස්ථීර කරණ ලෙසයි. ඔවුන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙසයි. සෑම වරායකම සේවකයින් එම වරායට අයිති වුවද හම්බන්තොට වරායේ සේවකයින් වරාය අධිකාරියට අයිති නැහැ. මේ සේවකයින් බඳවාගැනීමේ සිටම රැුවටීමකට ලක් කර තිබෙනවා. මොවුන් පසුගිය ආණ්ඩුවෙන් මෙසේ රැුවටීමට ලක් කර ඇත්තේ. මෙම සේවකයින් බඳවාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමකට. එම නිසා ඔවුන් වරාය සේවකයින් ලෙස සලකන්නේ නැහැ. මෙම තත්වය තුළ මෙම වරාය විකිනීමේ ක‍්‍රියාවලිය වරාය හදන මොහොතේ සිටම තිබුනේදැයි අපට සැක සිතෙනවා. මෙම වරායේ හාබර් මාස්ටර් පවා වරායේ කෙනෙක් නෙවෙයි. මෙලෙස සේවකයින් 483දෙනෙක් පසුගිය ආණ්ඩුව විසින් රැවටීමට ලක් කරලා තිබෙනවා.
අපි සලකා බලන්න ඕනෑ ඇයි මේ සේවකයින්ට මෙලෙස උද්ඝෝෂණය කරන්න සිද්ධ වුනේ කියලා. ඒ ශ‍්‍රී ලංකා රජය, රජය කීවත් වැරදියි ආර්ථික කමිටුව චීන සමාගමකට වරාය විකිනීමට තීරණය කිරීමත් සමගයි මෙම උද්ඝෝෂණය ආරම්භ කළේ. සේවකයින්ට රැකියාවේ ස්ථිරරභාවය පිළිබඳ ගැටලූවක් මතු වුනා. මන්ද ඔවුන් වරායේ සේවකයින් නොවන නිසා මිලදී ගන්නා රට හෝ සමාගම වරාය සේවකයින් ලෙස පිළිගනියිද කියන ගැටළුව ඔවුන්ට තියෙනවා. ඒක අතිශය මාණුෂීය ප‍්‍රශ්නයක්.
ඔවුන් වැඩවර්ජනය කළේ වරාය අධිකාරියට දැනෙන ලෙස. ලංගම සේවකයින්, දුම්රිය සේවකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් උද්ඝෝෂණය කරන්නේ එම ආයතනවලට දැනෙන ආකාරයට. මෙම වරාය සේවකයනුත් කළේ එවැනිම උද්ඝෝෂණයක්. නමුත් ආණ්ඩුව පිළිතුරු දුන්නේ නින්දිත පහරදීමක් කරලා.
අපි වගකීමක් ඇතිව කියනවා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, චීන සමාගමක් සමග අත්සන් කරන්න අවබෝධතා ගිවිසුමක් සූදානම් කරලා තියෙනවා. ඒ අවබොධතා ගිවිසුම අනුව පළමුව අවුරුදු 100කටත් දෙවනුව අවුරුදු 100කටත් ලෙසයි මෙම විකිනීම සිදු වන්නේ. මෙම ගිවිසුමේ කොතනකවත් මේ වරායේ සේවකයින්ට වන දේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් වරාය සේවකයින් පාරට බහින එක සාධාරණ නැද්ද?
වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැඩබලන වරාය ඇමති ලෙස 2016.11.03 වරාය අමාත්‍ය අර්ජුන රණතුංගගේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු අන්තර්ගත වෙනවා. වරාය මෙහෙයුම්, නියාමනය, ඉඩම් බලය සියල්ල ඉවත් කරගෙන මෙම ගිවිසුම අත්සන් කරන්නේ. කැබිනට් සංදේශයේ අනුව චීන සමාගමට වරාය බහුතර අයිතිය පැවරෙනවා. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන්නේ ප‍්‍රදීපාගාරයට ලැබෙන ගාස්තු පමණි. වරාය අධිකාරියට ඊට පස්සේ කියන්න වෙන්නේ ‘‘ප‍්‍රදීපාගාර අධිකාරිය’’ කියලයි. ඒ වගේම මෙහි සඳහන් වෙනවා මෙය රටේ ජාතික ආරක්ෂාවට තර්ජණයක් කියලා. මෙම ගිවිසුම මගින් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළනවා. ඒ වගේම එහි, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්මික උද්ඝෝෂණ සිදුවිය හැකි බවට අනතුරු අගවා තියෙනවා. කැබිනට් මණ්ඩලයට වරාය බාර ඇමතිවරයාම ඒ බව දැනුම්දීලා තියෙනවා. වරාය බාර ඇමතිවරයාගේ එකාගතාවයත් මෙම ගිවිසුමට ලැබිලා නැහැ. ඉඩම්, කන්ටේනර්, ගෑස් පිළිබඳ අයිතිය, පශු සම්පත් අයිතිය, තෙල් ටැංකි, ඩොක්යාඞ්, වෙයා හවුස් යනාදී සියල්ලගේම අයිතිය මෙම ගිවිසුම හරහා සමාගමට ලැබෙනවා. නමුත් මෙම ගිවිසුමේ සේවකයින් පිළිබඳ කිසිඳු සඳහනක් නැහැ. ඉතින් සේවකයින් ප‍්‍රශ්න කරනවා, අපි පිළිබඳව මෙම ගිවිසුමේ කිසිවක් නැහැ කියලා. ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි. මෙම සේවකයින් වෙනත් රැකියා කරන අය නෙවෙයි. මෙම ගිවිසුම අත්සන් කළාම ඔවුන්ට වෙන්නේ ගෙදර යන්නද?. ඔවුන් තම සේවා අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කළේ. එම සාධාරණ ඉල්ලීමටයි ආණ්ඩුව නාවික හමුදාව යොදවලා නින්දිත ආකාරයෙන් පහර දුන්නේ.
මෙම ප‍්‍රහාරයට සම්බන්ධ වූ නාවික නිලධාරියා කවුද? නිල්පාට කොට කලිසමක් හා ටීෂර්ට් එකක් ඇඳගෙන ඇවිත් සිවිල් පුරවැසියෙක් මාධ්‍යවේදීන්ට ගහනවා අපි දැක්කා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි නාවික හමුදාපති. රවීන්ද්‍ර විජේගුණරත්න. ඔහු තමා පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ පුතාගේ නාවික හමුදාවට බඳවාගැනීම්, පුහුණුවීම්, උසස්වීම් සඳහා මැදිහත් වුනේ. ඔහුට තියෙන්නේ ඔහුගේ පුටුව පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ කාලේ රාජපක්ෂ පාක්ෂිකභාවය පෙන්නුවා වගේ දැන් යහපාලන පාක්ෂිකභාවය පෙන්වනවා. මාධ්‍යවේදීන් හැඳුනුම්පත පෙන්වද්දීත් පහරදෙන්න තියෙන අයිතිය කුමක්ද? මාධ්‍යවේදීන්ගෙන් තිබුණ බාධාව කුමක්ද? නාවික හමුදාව ආවේ සුද්ද කරලා යන්න. ඒක මාධ්‍ය රටට පෙන්වන නිසයි මාධ්‍යවේදීන්ට පහර දුන්නේ. සිරස මාධ්‍යවේදියාට පන්න පන්නා පහර දුන්නා. හිරු මාධ්‍යවේදියා හැඳුනුම්පත පෙන්වද්දිත් පහර දුන්නා. මෙම පහරදීමෙන් ඔවුන් බලාපොරොත්තු වුනේ කුමක්ද? නැව් දෙක මුදවා ගැනීමද? නැහැ. ආණ්ඩුව මෙම පහරදීමෙන් පෙන්නුම් කළේ ආණ්ඩුවේ ආර්ථික සැලැස්මට අනුව රටේ ජාතික සම්පත් විකිනීමට එරෙහිවන්නන්ට පහරදෙනවා කියන එකයි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ තම ආර්ථික සැලැස්ම කෙසේ හෝ ක‍්‍රියාත්මක කරනවා යන්න පෙන්වීමටයි. මේ පහරදුන්නේ වරයා සේවකයින්ට හා මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි. මේ පහරදීම රටේ ජාතික සම්පත් විකිනීමට එරෙහිවන්නන්ට කළ පහරදීමක්. වරාය, ඉඩම්, පුල්මුඬේ ඛණිජවැලි, පොස්පේට් නිදිය, වෙන්න පුළුවන් අන්න ඒවට එරෙහිව නැගී සිටින අයට කරන ලද පළමු සංඥාවයි මේ. එමනිසා වික‍්‍රමසිංහ මෛත‍්‍රී යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගීසිටින්න කියලා අපි ජනතාවට කියා සිටිනවා. එසේම කිසිදු සේවකයෙකුගෙන් පලිගැනීම් නොකර ඔවුන්ගේ සේවක අයිතීන් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට කියා සිටිනවා ” පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.