ඉන්දියාවේ බුවනේෂ්වර් හි පැවැත්වෙන 22 ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ දී ශ්රී ලංකා නාමය ඉදිරියේ රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් සටහන් කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ.
දකුණු ආසියාවේ 100m වේගවත්ම ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායකට එම ඉසව්වෙන් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදු වුවද මීටර් 200 ධාවන ඉසව්වෙන් 23.43 කාලයක් වාර්ථා කරමින් රිදී පදක්කම දිනා දීමට සමත් වූවාය.
මීටර් 800 ධාවන තරඟයෙන් වි. 2. 05. 25 කාලයක් වාර්ථා කරමින් රිදී පදක්කමක් දිනා දීමට නිමාලි ලියනආරච්චි සමත් වූ අතර ඇයට තප්පර දශම 2 ක් පිටුපසින් පැමිණි ගයන්තිකා අබේරත්න එම ඉසව්වේම ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ඒ අනුව දැනට තරඟාවලියේ පදක්කම් සටහනේ ශ්රී ලංකා නාමය ඉදිරියේ රිදී 3ක් හා ලෝකඩ 1 ලෙස සටහන් වේ.
ගිලීමලේ එස් චම්පික.