ලංකාවේ මූල්‍ය ස්ථාවර භාවය පවත්වා ගැනීම සඳහා රුපියල් කෝටි හාරදාස් හයසීයකට අධික ණයක් ප්රදානය කිරීමට ජපන් ආර්ථික සහයෝගිතා ආයතනය පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉදිරි පස් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සංවර්ධනය පෙරට ගෙන යමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක මුදුන් පත් කර ගැනීම සඳහා ‘යෙන්’ දශ ලක්ෂ 33,137 ක එම මූල්‍ය ණය සැපයෙන බවයි මුදල්අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ
අදාළ සමස්ත ණය මුදලින් ‘යෙන්’ දහදාහක් සැපයෙන්නේ සංවර්ධන ප්‍රතිපත්තිමය ණයක් වශයෙන් බවත් ඒ අනුව රාජ්‍ය අංශයේ කළමනාකරණ ක්ෂේත්රයේ දියුණුව සඳහාත් එසේම සංවර්ධන න්‍යාය පත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍ය ස්ථාවරභාවය ශක්තිමත් කිරීමට පෞද්ගලික අංශයේ තරඟකාරිත්වය සඳහාත් වැඩ පිළිවෙලක් සකස් කෙරෙනු ඇත.
ඊට අතිරේකව, අදාළ ණය මුදලින් රුපියල් දශ ලක්ෂ 32,169 ක් අනුරාධපුර වයඹ සැපයුම් ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ කටයුතු සඳහා වෙන් කෙරෙයි.
එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම මගින් බලාපොරොත්තු වෙන්නේ උතුරු මැද පළාතේ වේගයෙන් පැතිර යමින් පවතින වකුගඩු රෝගය නතර කිරීමය.
පදවිය, කැබිතිගොල්ලෑව හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් බල ප්‍රදේශ එම ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරෙනු ඇත.
අදාළ ණය මුදල පිළිබඳ ගිවිසුම් වලට මුදල් අමාත්‍යංශයේ දී අත්සන් තැබුණි.
ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපති කෙනිචි සුගුමා ජපන් ආණ්ඩුව වෙනුවෙන් ද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී.ඒකනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ද ගිවිසුමට අත්සන් කළහ.