Breaking News
Home > විදෙස් > ඔක්සිජන් නොමැතිව දරුවන් 60 දෙනෙකු මරුට.

ඔක්සිජන් නොමැතිව දරුවන් 60 දෙනෙකු මරුට.

මෙතරම් දරුවන් ප්‍රමාණයක් මියයාමට හේතුව දෙමාපියන් දැන සිටියේ නැත

“ඔක්සිජන් සැපයුම නතරවීම හේතුවෙන්” ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 60 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඔක්සිජන් සැපයුම අඩාල වූ බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පිළිගෙන ඇති නමුත් මෙම ළමුන් මිය යාමට එය හේතුවක් වී නොමැති බව ඔවුහු පවසති.

අතින් ක්‍රියා කරවන ශ්වසන ආධාරක මගින් ළමුන්ට ඔක්සිජන් ලබා දීමට සාත්තු සේවිකාවන් උත්සාහ දරමින් සිටි බවත් ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් පැවතුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක්
ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක්

මිය ගිය ළමුන්ගෙන් වැඩි පිරිස අලුත උපන් බිළිඳු දරුවෝ වෙති.

මෙම ළමුන් පිරිස මිය ගොස් ඇත්තේ පසුගිය සඳුදා පටන් දින පහක් ඇතුළත ය. රෝහල් බලධාරීන් පවසන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් ළමුන් තිස් දෙනෙකු පමණ මිය ගිය බවය.

ළමුන් මිය යාමෙන් අනතුරුව රෝහල් සේවකයෝ ඔක්සිජන් සිලින්ඩර පරීක්ෂා කළහ
ළමුන් මිය යාමෙන් අනතුරුව රෝහල් සේවකයෝ ඔක්සිජන් සිලින්ඩර පරීක්ෂා කළහ

ඔක්සිජන් සැපයුම්කරුට මුදල් ගෙවීම පමාවීම හේතුවෙන් ප්‍රශ්නයක් මතුවී තිබුණු බව දිස්ත්‍රික්ක බලධාරී අනිල් කුමාර් හෙළිදරව් කළ නමුත් ඔහු කියා සිටියේ බොහෝ ළමුන් “අසාධ්‍ය තත්වයෙන්” සිටියදී රෝහලට ඇතුළත් කර තිබීම නිසා “සවාභාවික හේතූන් මත” මෙම ළමුන් මිය යන්නට ඇති බවය.

“අපිට අද රාත්‍රියේ හෝ හෙට වනවිට අලුතින් ඔක්සිජන් සිලින්ඩර ලැබෙනවා. සැපයුම්කරුට ගෙවීමට තිබු මුදල් ද නිදහස් කර තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

(BBC)

About LNC

Check Also

Nawaz-Sharif-2

නවාස් ශරීෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බවට තීරණයක්.

හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් නිකුත් කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *