topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉතිහාසයේ පළමු වතාවට උප කුලපති පත්කිරීම සාධාරණීකරණය කිරීමට මාධ්‍ය සාකච්ඡාවක්.

DSCN8327

ශ්‍රී  ලංකාවේ විශ්විද්‍යාල ආරම්භ කර දැනට දශක අටකට ආසන්න කාලයක්  ගතව ඇති මුත් මෙම කාලය තුළ විශ්වවිද්‍යාල උප කුලපතිවරු පත් කිරීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවීය. එවැනි පත් කිරීම් පිළිබද යම් යම් විරෝධතාවන් පැවතුන ද උප කුලපති තනතුරට පත් වු පුද්ගලයාගේ පාර්ශවය වයෙන් ඒ සම්බන්ධයෙන් සාධාරණීකරණය කිරීමක් සිදු නොවීමෙන් එම පත් කිරීම් පිළිබද එතරම් ගැටලූ මේ වනතෙක්ම  පැන නොනැගුන බැවිණි.

2017 මාර්තු පළමුවන දින ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවති  කැලණිය විශ්වවිද්‍යාලයේ  නව උප කුලපති පත්කිරීම සාධාරණීකරණය කිරීම සදහා කැළණි විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්කණ්ඩායමක්   මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත . එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට සිටින උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර  වෙනුවට 2017. 03. 18 දින සිට නව උපකුලපතිවරයෙකු පත් කර තිබීම කෙතරම් අවුල් සහගත තත්ත්වයක් ඇති කර තිබේද යත් එම පත්වීම සාධාරණීකරණය කිරීමට පත් කර ඇති  උපකුලපතිවරයාගේ පාරශ්වයට  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට පවා සිදු වී තිබේ. මේ ආකාරයට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වු ප‍්‍රථම අවස්ථාව මෙය බව විශ්විද්‍යාල ප‍්‍රජාවගේ අදහස වී ඇත .

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සේමසිංහ  පත්කිරීමට ගත් තීරණය තුල විශ්වවිද්‍යාල පද්ධතිය අවුල් වී ඇති ආකාරය ඉන් පැහැදිලි වේ.  ජනාධිපතිවරයාගේ තීරණය සාධාරණ එකක් වුයේ නම් මාධ්‍ය සාකච්ඡා  පවත්වා එයට සුජාත බවක් ලබා දීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. අනෙක් අතට පත් වීම් ලිපියක් නිකුත් කර තිබිය දී එය භාර ගෙන ඉටු කරන සේවාව තුළින් තම හැකියාව පෙන්වීම වෙනුවට මෙවැනි මාධ්‍ය සාකච්ඡාපවත්වා අන් අයට අපහස කිරීම සහ චරිත ඝාතනය තුළින් පැහැදිලි වන්නේ නව උපකුලපතිවරයාත් ඔහු වටා සිටින කණ්ඩායමේත් අදබාල භාවයයි.  ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු හා වාර්තා ඉදිරිපත් කිරීම මගින් පත්වීම ලබාගත් නමුත් එය මහත් වියවුලක් ඇති කිරීමට හේතු වී ඇති බව වසන් කිරීම මෙම පාර්ශවයේ උත්සාහය වී තිබේ. එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම තුළින් ජනාධිපතිවරයා ද හෑල්ලූවට ලක් කොට තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ සාධනීය ආකාරයෙන් ගුණාත්මකවවත්  ප‍්‍රමාණාත්මකවත්  සීඝ‍්‍රයෙන්  ගොඩනැගෙමින් පැවති විශ්වවිද්‍යාලය අදුරු ආගාධයකට ඇද දැමීමමට මෙම පාර්ශවය කටයුතු කරන බවත් එයින් නොනැවතී  ව්‍යාජ සහ අසත්‍ය තොරතුරු පතුරවමින් විශ්වවිද්‍යාලයට මහගු සේවාවක් ඉටු කළ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර ගේ චරිතය ඝාතනය කිරීමේ පහත් කි‍්‍රයාදාමයකට අවතීරණය වී ඇති බවය.

Leave A Reply

Your email address will not be published.