විධායක ජනාධිපති ක්‍රමයක් නොමැති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ඒ තුළින් මහජන නියෝජිතයින්ට හා පාර්ලිමේන්තුවට බලය ලැබිය යුතු බවත් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය පවතින තැනක පාර්ලිමේන්තුවෙන් වැඩක් නොමැති බවත් ඒ නිසා නිසැකයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත්, පොළොන්නරුව ගොවි වෘත්තීය සමිති ඒකාබද්ධ දිසා මහ සමුළුවට සහභාගී වූ ලාල්කාන්ත සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වා ඇත.