විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ ඉල්ලීම පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ මූලිකත්වයෙන් පසුගිය දින ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවේදී රත්නපුර දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම් ගැටලූ සම්බන්ධව විශේෂ සාකච්ජාවක් පවත්වන ලදි.
එහිදී රත්නපුර දිස්ති‍්‍රක්කයේ නිවිතිගල මැතිවරණ කොට්ඨාෂයේ නිවිතිගල, ඇලපාත, කහවත්ත සහ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ බලංගොඩ, ඉඹුල්පේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල ඉඩම් ඔප්පු නොමැති අය වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඒ ස`දහා ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරිය කරන ලද ඉල්ලීම සලකා බලමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් හැකි ඉක්මණින් එම අදාළ ප්‍රදේශ වල ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කරන ලෙස අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අයි.එච්.කේ මහානාම, ඉඩම් අමාත්‍යංශයට අනුබද්ධ ඉඩම් ප්ර්රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව යන ආයතන වල නිළධාරීන් සහ නිවිතිගල, ඇලපාත, කහවත්ත, බලංගොඩ, ඉඹුල්පේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ පිරිසක් එක් වූහ.