හලාවත, සිප්පිකලාන ප්රදේශයේ කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව සඳහන් වේ. පොලිසිය සඳහන් කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි සිප්පිකලාන මුගුණුවටවන ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවත් සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.