ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු පළාත් මෙහෙයුම් කාර්යාලය ලගදීම යාපනයේ දී විවෘත කරන බවත් එතැන් සිට උතුරේ ජනතාවට සෘජුවම පක්ෂයේ කටයුතු සදහා මැදිහත් වීමට අවස්ථාව උදාවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටී. ඔහු මේ බව සඳහන් කළේ උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකරීන් පිරිසක් නෙලුම් මාවත කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අපි මෙච්චර කල් සම්බන්ධකම් පැවැත්වුයේ සහ දේශපාලනය කලේ උතුරේ නායකයොත් එක්ක.නමුත් මෙතැන් සිට සෘජුවම උතුරේ ජනතාව සමග සම්බන්ධ වෙන්න අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තීරණය කලා අපේ අලුත් පක්ෂෙ ප්‍රතිපත්ති හදන අවස්ථාවෙමයි අපි ඒකමතිකව ඒ තීරණයට ආවේ යයි සඳහන් කළේය.