topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තව බලකායක් එයි.

Minister Patali Champika Ranawaka_ News

කොළඹ කසළ කළමනාකරණයට දහසක බලකායක් පිහිටුවන වන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකලේ කොළඹ කසළ කළමණාකරණයට දහසක බලකායක් ඇති කිරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කසළ කළමණාකරණය සහ කසළ හා බැඳුනු, ඒ සම්බන්ධව අපට තිබෙන වගකීම පිළිබඳව ඔබ හරහා ප‍්‍රජාව වෙත පණිවිඩයක් යැවීම පළමුව බලාපොරොත්තුවන අතර දෙවනුව කසළ එකතු කිරීම පිළිබඳව ඔබට තිබෙන ගැටළු, වතුවල, ආයතනවල ජනතාවට තිබෙන ගැටළුත්  අනාගතයේදී අපවෙත ගෙන එනු ලබන්නේත් ඔබ විසින්. මෙම නගරය ආසියාවේ පිරිසිදුම නගරය බවට පත් කර ගන්න නායකත්වය දෙන පිරිස ලෙස ප‍්‍රජා නායකයින් ලෙස ඔබවෙත වගකීම පැවරෙනවා ඇති. මෙම කොළඹ කසළ කළමණාකරණය පිළිබඳව 1992 සිට විවිධ වැඩසටහන් සිදුකිරීමට උත්සාහ කළත්, ඒ හැම උත්සාහයක්ම දේශපාලන විරෝධතා විසින් පරාජය කළා. එනිසා මීතොටමුල්ලේ සහ බ්ලූමෙන්ඩල්වල කසළ කඳු ගොඩගැසීම සිදු වූ අතර මීතොටමුල්ලේ කසළ කන්ද නතර වූයේ ජීවිත විසි ගණනක් බිලි ගැනීමෙන්.

තැන තැන කසළ ගොඩගසනු ලබන 800 කට අධික පිරිසක් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරියේදී නිවසේ කසළ පාලනය කරගනිමින් ආරක්‍ෂක අංශ මගින් කරනු ලබන එම අධික්‍ෂණයන්ට ජනතා සහයෝගය ලබාදිය යුතුයි. කොළඹ නගර සභාව දිස්ත‍්‍රික් 6කට වෙන් කර තිබෙන අතර එහි කසළ එකතු කරනු ලබන ආයතන වෙන් වෙන් වශයෙන් සඳහන්කර කසළ එකතු කරන ආකාරය, දිරණ කසළ, ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන පිරිසිදු කසළ සහ අපිරිසිදු කසළ ලෙස වෙන්කර ඒ සඳහා වෙනම දිනයන් ලබාදී කසළ එකතු කරනු ලබනවා. දිරණ කසළ, නොදිරණ කසළ සහ ප‍්‍රතිචක‍්‍රීයකරනු ලබන කසළ ලෙස තුන් ගොඩකට වෙන් කර ලබාගැනීමේ වගකීම ඔබවෙත පැවරෙන අතර ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වගකීමද ඔබ සතුවෙනවා.

අද කොළඹ නරගයේ කසළ ටොන් 700 න් 400 ක්ම ප‍්‍රයෝජනවත් කසළ බවට පරිවර්තනය කිරීමේ හැකියාවත් සමග කසළ ගැටළුව විසඳීමේ දී යම් ප‍්‍රගතියක් ලබා තිබෙනවා. අගෝස්තු 1 වන දා වන විට අපි ඉලක්ක කරනවා, සියළු නායකයින්, ප‍්‍රජානායකයින් අපේ වතුවල, ආයතනවල කසළ වෙන්කර නගර සභාවට සහ අදාල පෞද්ගලික ආයතන වෙත ලබාදීමට. රජයේ මෙන්ම පෞද්ගලික ආයතන 23,000 ක් තිබෙනවා. ඒ හැම එකකටම අපි දැනුම් දී තිබෙනවා කසළ වෙන්කර ලබාදෙන ලෙස. මෙය ඔබේ වගකීමක්, එය නිවසින් පටන් ගෙන ඉදිරියට ගෙන ආයුතුයි. ඒ සඳහා අපි දැඩිව කි‍්‍රයා කරනවා. දවසකට අප නිපදවන කසළ ප‍්‍රමාණය අඩු කිරීමට අප සියළු දෙනා වග බලා ගත යුතුයි.  

මේ කසළ ගැටළුව අපි විසඳිය යුතුයි අපේ දරුවෝ වෙනුවෙන්.  වයස අවුරුදු 10 ට අඩු දරුවෝ තමයි වැඩිපුර ඩෙංගු රෝගය වැළඳී මිය යන්නෙ. අපේ පස, වතුර, වායුව විනාශ උනොත් අපත් විනාශ වෙනවා. සමහර දේශපලනඥයෝ උපදෙස් දුන්නා රජයට පාඩම් උගන්වන්න පාරට ගෙනැවිත් කසළ ගිනිතියමු කියලා. මතක තියා ගන්න මේ ගිනිතියන ප්ලාස්ටික් පොලිතීන් වලින් නිකුත්වන වායුව මගින් අනිවාර්යයෙන්ම පිළිකා රෝගය වැළඳෙනවා. ඒ නිසා අවස්ථාවාදී දේශපලනඥයෝ ලබාදෙන උපදෙස් පිළිපදින්න එපා, අපි සියළු දෙනාම එකතු වී මෙම ගැටළුව විසඳමු. කසළ නිවැරදිව වෙන්කර නගර සභාවට ලබාදීම සිදු කරන්න, සභාව මගින් එය එකතු කරන්නේ නැතිනම් අපි ඉදිරියේදී අප හා ඔබට සම්බන්ධ විය හැකි ඍජු දුරකතන අංකයක් ලබාදෙනවා එයට දැනුම් දෙන්න අපි ඒ ගැන කටයුතු කරනවා. නගර සභාවේ නිලධාරීන් සමග දේශපාලන බේදයකින් තොරව එම සම්බන්ධතාවය ශක්තිමත්ව දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.

කොළඹ නගරයේ කුඩා ජනාවාස 1,735 ක් තිබෙනවා. අද මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ 750 කට ආසන්න ජනාවාස නියෝජනය කරන පිරිසක්. තව ජනාවාස 1000 ක් තිබෙනවා. ඒ ජනාවාස සියල්ලම අපි විධිමත් ලෙස සකස් කරනවා. 2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වලින් බාගයක් අපි විධිමත් නිවාස වලට ගෙන යනවා. දැනටමත් එම වැඩපිළිවෙල දියත් කරනවා. මේ කොළඹ නගරය ඉදිරි කාලයේදී මහා ඉදිරිපිම්මක් ළඟා කර ගන්නවා. අද ආසියාවේ කොහෙවත් නැති තරම් දොඹකර ප‍්‍රමාණයක් කොළඹ නගරයේ කි‍්‍රයාත්මකයි. තට්ටු 40 ට ඉහළ ගොඩනැගිලි 96 ක් ඉදිවන අතර තවත් 300 ක් ඊ ළඟ  වසර 4 තුළදී එනවා. ආසියාවේ බලගතුම නගරය බවට මෙම නගරය පරිවර්ථනය වෙමින් තිබෙනවා. එහි ජයග‍්‍රහණය ලබන්නේ කොළඹ ජීවත්වන ජනතාව. ඔබේ දරුවන් ජීවත්වීමට යන්නේ ඔබ ජීවත් වූ නගරයේ නෙමෙයි ඉතාම ශක්තිමත්, ආර්ථික බලයක් තිබෙන නගරයක. අද මෙම නගරයේ ඉඩම්වල වටිනාකම බටහිර රටවල නගරයක ඉඩම්වලට වඩා වැඩිවෙලා තිබෙන්නේ මෙම මහා බලය සකී‍්‍රයව කටයුතු කරන නිසයි.

ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊ ළ`ග අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එය සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා. කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ  දී අපි පරිවර්ථනය කරනවා. එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපලක් ඉදිකිරීමටත් එමගින් කටුනායකට නොගිහින් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාවලැබෙනවා ඉදිරි වසර 10  තුළ එම යෝජනාව කි‍්‍රයාත්මක කළහොත්. මෙම ආයෝජකයින් කොළඹට එන්නේ නගරය ලස්සනව පිරිසිදුව විධිමත් නගරයක් ලෙස තිබුණොත් පමණයි. එසේම අලූත් පිම්මක් ගැනීමට නම් නගරයේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. විශ්ව විද්‍යලවලට, වෛද්‍යපීඨටයට, ඉංජිනේරුපීඨයට වගේම කොළඹ නගරයේ ප‍්‍රධාන පාසල්වලට නගරයේ දරුවන් යොමුකළ යුතුයි. ඒවායේ බොහෝමයක් අධ්‍යාපනය ලබන්නේ කොළඹින් පිට දරුවන්. එම ස්ථාන කොළඹ අපේ දරුවන්ගේ ස්ථාන බවට පත්කරගන්න ලෑස්තිවිය යුතුයි ඊළ`ග යුගයට කොළඹ රැගෙන යාමට.

ලබන මාසේ අගෝස්තු 10 වෙනිදා අපි කසළවලින් විදුලිය නිපදවන වැඩසටහනක් ආරම්භ කරන අතර මාස 14 කින් අපට එම බලාගාර ලැබීමට නියමිතයි. ඒ වගේම අරුවක්කාලූ ප‍්‍රදේශයේ සෞඛ්‍ය සම්පන්න කසල බිම් රඳවනයක් හදන්න බලාපොරොත්තු වෙනවා. කැළණියේ ඉඳන් දුම්රියෙන් කසළ ප‍්‍රවාහනය කරන්න බලාපොරොත්තුවෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ එහි කටයුතු ආරම්භ කරනවා. එතකොට පාරට බහින්න කට්ටිය බලා ඉන්නවා, අපිත් පාරට බැහැලා කොළඹට අත තියන්න එන්න එපා, කසළවලට විරුද්ධ අයට නගරය තහනම් කියලා කියන්න ඔබ හැමදෙනාම පාරට බහින්න ලැහැස්ති විය යුතුයි. කසළවලට විරුද්ධවන අයට මේ කොළඹ නගරය තහනම්. කොළඹ නගරය කියන්නේ මේ රටේ ජනතාවගේ ජාතික නගරය මිස මෙහි ජීවත්වන අහිංසක දුප්පත් ජනතාවගේ අයිතියක් විතරක්ම නෙමෙයි. අපි හැමෝම මෙයට සූදානම් විය යුතුයි. අපි හදන්න යන්නේ දොම්පේ කළා වගේ විද්‍යාත්මක කසළ රඳවනයක් නිසා අපි විධිමත්ව මෙම කටයුත්ත කරනවා. විරෝධතා කරුවෝ අයුක්ති සහගත විදිහට එනවා නම් ඒ අයුක්ති සහගත අයට අපේ සාධාරණ විරෝධය පළකරනවා.

මූල්‍ය නගරයට විරුද්ධව විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා ආවා. අපි ඒ සෑම එකක්ම බොහොම සාධාරණ විදිහට විසඳුවා. ඒ අනුව දැන් එහි 50% ක කටයුතු අවසන් කර තිබෙනවා. රටේ ඉතිහාසයේ ලොකුම ව්‍යාපෘතිය සද්ධබද්ධවලින්, වැඩි ප‍්‍රචාරයන්ගෙන් තොරව අද එතන නිමවෙනවා. ඒ වගේ ජයග‍්‍රාහීව මෙම කටයුත්තත් සෑම පාර්ශවයක්ම ඒකරාශී කරගෙන අපි මෙම කටයුත්ත සිදු කරනවා. මෙම නගරය රටේ අගනගරය හැටියට ඉහළින් ඔසවා තැබීමට ඔබ සියළුදෙනාම අපත් සමග අධිෂ්ඨානයෙන් වැඩකටයුතු කළ යුතු යයි පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.