වයස අවුරුදු නමයක පාසල් දැරියක් පාසළ තුළදී අපයෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට දස වසරක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් ලබාදීමට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් නියෝග කර ඇති බව සඳහන් වේ. යාපනය, කයිට්ස් නාරාන්තනෙයි ප්‍රථමික විද්‍යාලයේ වයස අවුරුදු නමයක දැරියක් 2009 වසරේ අපයෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට එලෙස දඩුවම් නියම කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අතර, අනතුරුව නීතිපති උපදෙස් මත නඩු විභාගය යාපනය මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් දැරිය ලබාදුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකාර විදුහල්පතිවරයාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවත් සඳහන් වේ.