සයිටම් විරෝධී ජන පවුර සංවිධානය සඳහන් කර ඇත්තේ මෙතෙක් සිදුකළ ක්‍රියාමාර්ගවලට අනුව සයිටම් ආයතනය අහෝසි කිරීමට පාලකයන් කටයුතු නොකරන නිසා හෙට (30) රාත්‍රියේ මුළු රටම රත් කරන බවයි. සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ සාමාජික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ සමස්ථ ලංකාවම ආවරණය වන පරිදි හුළු පන්දම් ඇතුළු විවිධ ආලෝකයන් උපයෝගී කරගෙන විරෝධතා රැලි, පාගමන්, අත්පත්‍රිකා බෙදීම් හා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවය.