topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අසත්‍ය ප්‍රචාරය කළ අය නීතිය හමුවට ගේන්න – තෙල් සංස්ථාවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්…

Pettroliyam_ Arjuna _Ranathunga _news

රටතුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාරය කරමින් මහජනතාව නොසන්සුන් බවට පත් කරන අය හඳුනා ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි පැමිණිල්ලක් අද ගොනු කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කිසිම ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවයි. කෙසේනමුත් ඇතැම් ඉන්ධන පිරිවුම්හල් ඉන්ධන තොග පවතිද්දීත් ඉන්ධන බෙදා හැරීම් නොකරන බවට සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකය විසින් හඳුනා ගෙන ඇති බවත් එවැනි ඉන්ධන පිරිවුම්හල් ඉදිරියේදී සංස්ථාවට පවරා ගන්නා බවත් අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි. ඒ අද (20) අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“මම ඉතාමත් වගකීමෙන් කියනවා අමාත්‍යවරයා හැටියට, දැනට අපිට පෙට්ට්‍රල්, ඩීසල්,ජෙට් A – 1 යන ඉන්ධන කිසිම ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඉතිරි සති දෙක ඇතුළත මේ රටට තවත් නැව් තුනකුත් එන්න තියෙනවා. ඒ නිසා අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැහැ. මොකක්හරි ප්‍රශ්නයක් එනවා නම් මම අමාත්‍යවරයා ලෙස මේ සියලු දෙනාම දැනුවත් කරන්නම්, ඉන්ධනවල අඩුවක් තියෙනවා, ඒ නිසා පරිස්සමින් ඉන්ධන පාචිච්චි කරන්න කියලා. නමුත් අද වන විට අපිට එවැනි ප්‍රශ්නයක් නැහැ.

සාමාන්‍යයෙන් දවසකට පෙට්ට්‍රල්වල ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 2500ක්. නමුත් අපි මෙට්ට්‍රික් ටොන් 3500ක් 4000ක් පමණ මේවන විට බෙදා හරිනවා. අද සමහර ඉන්ධන පිරවුම්හල්වලට බවුසරය ගියාම ඒ බවුසර් අනිත් පැත්තට හරවලා එවනවා තෙල් තියෙනවා කියලා. නමුත් තවත් පැත්තකින් අපිට ආරංචි වෙලා තියෙනවා, පිරිවුම්හලේ ඇතුලේ තෙල් තියා ගෙන බෙදලා නැහැ. එවැනි ඉන්ධන පිරවුම්හල් ගැන මම වාර්තාවක් කැඳවා තිබෙනවා. එම පිරවුම්හල්වල අයිතිකරුවන් කවුරු වුණත් කමක් නැහැ, ඉදිරියේදී මම එවැනි ඉන්ධන පිරවුම්හල් ගැන දැඩි තීරණ ගන්නවා.  එවැනි ඉන්ධන පිරිවුම්හල් අපිට පවරා ගන්න කටයුතු කරනවා. අද වන විට මේ තෙල් ව්‍යාපාරයේ  ව්‍යාපාරික මාෆියාවක් ඉන්නවා. අපේ ආණ්ඩුව එන්න පෙර, අවුරුදු 10ක් තිස්සේ එකම කාණ්ඩායමක් තමයි තෙල් ගෙනත් තියෙන්නේ. අපි ඒවා වෙනස් කරලා ඔවුන්ට යන මුදල් ආයතනයට සහ මහජනතාවට ලැබෙන විදිහට වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒවා කරන්න මම බය නෑ. මට මඩ ගහයි. නමුත් මම රටට හරිදේ කරනවා. එතැනදී මේ සමහර අය අපිට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. ඒ ගැන මම ඉදිරියේදී තීරණයක් ගන්නවා. මට මේ අමාත්‍යාංශයේ මෙතන ඉඳගෙන ඉන්න එක නෙවෙයි වැදගත්. මේ රටේ හරි දේ හරි විදිහට කරන එක තමයි මට වැදගත්.

එක් අවස්ථාවකදී තෙල් තිබිලත් මෙහෙම වෙන්නේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ඉදිරියේදී මැතිවරණයක් එනවා. ඇත්තටම තෙල් නැහැ කියලා සෝෂල් මීඩියාවල කතා කරන්නේ එකම කණ්ඩායමක්. ආණ්ඩු විරෝධි කණ්ඩායමක්. මේ මම කතා කරන්නේ දේශපාලනඥයින් ගැන විතරක් නෙමෙයි. සමහර නිළධාරීන් වෙන්න පුළුවන්, සමහර ව්‍යාපාරිකයින් වෙන්න පුළුවන්. දැන් වන විට අපි ඉන්ධන මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් නව යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශේෂයෙන්ම විදේශයකදී නැවට ඉන්ධන පටවන විට එම වරායේදීම තෙල්වල සාම්පලයක් ගෙන මෙරටට ගෙන්වා ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දැන් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා දැන් තෙල්වල තත්ත්වය පරීක්ෂා කිරීමට නැව මෙරටට පැමිණ තෙක්ම බලා ගෙන සිටිය යුතු නැහැ. ඒ වැඩපිළිවෙල යටතේ යම්කිසි විදියකින් නැවේ තෙල් හොඳ නැති බව වාර්තා වුණොත් අපිට වෙනත් විකල්පවලට යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තෙල් ටැංකි කිහිපයක් සෑදීමටත් අපේක්ෂා කරනවා. ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග  පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.