රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් සිය ගම්බිම් හැර පළා යාමෙන් පසු මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පළමු වරට රඛයින් ප්‍රාන්තයේ සංචාරයක නිරත වේ.
බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටි රඛයින් ප්‍රාන්තය වෙත ඇය ළඟා වූයේ මියන්මාර හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි. මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තය තුළ දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබීමත් සමග එම කලාපයේ අර්බුදකාරී වාතාවරණයක් හටගැනිණි.