Home > අලුත් ඇසකින් > කෙසෙල්පත්‍ර, ආහාර ද්‍රව්‍ය එතීම සඳහා සාර්ථක ලෙස යොදා ගන්නා හැටි.

කෙසෙල්පත්‍ර, ආහාර ද්‍රව්‍ය එතීම සඳහා සාර්ථක ලෙස යොදා ගන්නා හැටි.

Bananas _How to _Successfully _Wrap_ Food.

පරිසරය දුෂණය කරන එක් ප්‍රධාන සාධකයකි පොලිතීන්. අපද්‍රව්‍යයක් ලෙස ඉවතලන පොලිතීන් කාබනික අපද්‍රව්‍ය මෙන් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයෙන් ජීර්ණයට ලක්නොවේ.විශාල වශයෙන් ආහාර දැවටීම පිණිස භාවිතා කරනු ලබන පොලිතීන් වලින් සකසන ලද කෘතීම දවටන සඳහා විකල්පයක් ලෙස“ජීව දවටන” ඉදිරිපත් කල හැකිය. ජීව දවටන සකස්කිරීම සඳහා අප රටේ බහුලව වගාකෙරෙන පළතුරු බෝගයක් වන කෙසෙල් යොදාගනී.‍

පුවක් කොළය ද , කඩේට ගෙනියන පන් මල්ලද එදාට නොව අදට නවතාක්ෂණයෙන් නව කලාවෙන් ඉදිරිපත් කරන්නේ නම් සිලි සිලි මල්ල මුල්ලක තියා පරිසර හිතකාමි ගමනක් යන්නට හැකිය. මේ සඳහා මේ ආශ්‍රිතව ඇති කර්මාන්ත දියුණු කළ යුතුව ඇත.

වී වගා කල නොහැකි බිමිවල පන් වගාව, කෙසෙල් වගාව, වටට ,නියරට පුවක් වගාවක් ද අගනේය. බලන්න ගහ දන්නා අයට කොල පෙන්නවා වාගේ කටයුතු නොඛල හොත් මෙය ප්‍රායෝගිකව සිදුකළ හොත් කිසිදු අයකෙට අපිට කොල පෙන්වා රැවටිය නොහැකිය.

කෙසෙල් යනු ලෝකයේ නිවර්තන හා උපනිවර්තන කලාප වල වගාකෙරෙන පළතුරු බෝග අතරින් දෙවැනිතැන ගන්නා පළතුරු බෝගයයි.ශ්‍රී ලංකාව ගත්කල ප්‍රධාන පළතුරු බෝගයයි.පිසීමෙන් ආහාරයට ගන්නා කෙසෙල් ප්ලාන්ටන් නමින් හදුන්වන අතර පරිභෝජනයට ගන්නා ඉදුණු කෙසෙල් ඩෙසර්ට් බනානා ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ කෙසෙල් කොළය ආහාර ද්‍රව්‍ය එතීම සඳහා බහුලව භාවිතා කෙරේ.

කෘතිම ආහාර දවටන වලට පිළියමක් ලෙස ආහාර දවටන සඳහා කෙසෙල් කොළ යොදා ගැනීමටත් ඒවා දීර්ඝ කාලයක් තුල වර්ණයේ සහ තත්වයේ වෙනසක් නොවන පරිදි තබා ගැනීමටත් අවශ්‍ය ක්‍රම වේදය තෙලිජ්ජවිල කෘෂි කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයෙන් මෑතකදී  සොයා ගන්නා ලදී.

වර්ණයෙහි සහ තත්ත්වයෙහි වෙනසක් සිදුනොවී ශීතකල තත්ව යටතේ මසකට වැඩි කාලයක් තබාගත හැකි ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර නිෂ්පාදනය කිරීමේ ක්‍රමය සොයාගන්නා ලදී.අප රටේ වගා කරනු ලබන ඕනෑම කෙසෙල් ප්‍රභේදයක පත්‍ර මෙම කටයුත්ත සඳහා යොදාගත හැකිය. මෙහිදී හොදින් වැඩුණු සහ සම්පූර්ණයෙන් දිගහැරුණු පත්‍රවල ,මැද නාරටිය අඩංගු නොවන පරිදි (සෙ.මී.45-45 ප්‍රමාණයේ) කැබලිවලට කපා වෙන් කරනු ලැබේ.

මෙම පත්‍ර කැබලි අවශ්‍යතාවයට අනුව චතුරස්‍රාකාර හෝ වෘත්තාකාර ලෙස සකසා ගත හැකිය.මෙසේ වෙන්කරගත් පත්‍ර කැබලි මත තැන්පත්ව ඇති දුවිලි සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම පිණිස පළමුව පිරිසිදු ජලයෙන් සෝදනු ලැබේ.ඉන් අනතුරුව,පත්‍රවලට ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර මේ සඳහා පහත සඳහන් ශිල්ප ක්‍රම අනුගමනය කිරීමට පිළිවන.

උදුනක වියලීම

මෙහිදී උදුනක ආධාරයෙන් සෙ. 800 – 850 ත් අතර උෂ්ණත්වයක විනාඩි 5ක කාලයක් පත්‍ර වියලා ගැනීම සිදුකෙරේ.

හුමාලයෙන් තැම්බීම

පත්‍ර ඔලිව් කොළ පැහැවන තෙක් තත්පර 25 – 60ත් අතර කාලයක් ස්ටීමරයේ තැම්බීම

උණු -ජල ප්‍රතිකාරය

පත්‍රවල කොළපැහැ පෙනුම වෙනස්වනතුරු උණුවතුරේ බහා තබා වහාම සීතල වතුරට දැමීම මෙහිදී සිදුකෙරේ.

පීඩන උදුනක ප්‍රතිකාර කිරීම

පීඩන උදුනක විනාඩි කිහිපයක් පත්‍ර තබා ගැනීම මෙහිදී සිදුකෙරේ.

ඉහත සඳහන් ඕනෑම ක්‍රමයක ආධාරයෙන් ප්‍රතිකාර කරනලද කෙසෙල් පත්‍ර මතුපිට ජලය ඇත්නම් එම ජලය ඉවතහලා කෙසෙල්පත්‍ර කැබලි පැය 8-10ක කාලයක් පවනෙහි වියලාගත යුතුය.

හොදින් ප්‍රතිකාර කරන ලද කෙසෙල් පත්‍ර මනාලෙස අසුරා ශීත කල තත්ව යටතේ ගබඩා කල යුතුය.

තෙතමනය උරාගැනීම සඳහා පුවත්පත්,දවටන කොළ,කඩදාසි-අත්පිස්නා වැනි කඩදාසි කැබැල්ලක් සෑම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රයක් සමගම අසුරා පත්‍ර 10-20කින් යුත් මිටි සෑදීම සිදු කලයුතුය. මේවා කුඩා පෙට්ටිවල හෝ ඇලුමිනියම් ලෝහ පත්‍රවල ආධාරයෙන් අසුරාගත හැකිය.

මෙම ආකාරයට වර්ණයේ සහ තත්වයේ වෙනසකට බදුන් නොවී කාමර උෂ්ණත්වයේ දින 05ක් ද ශීතකල තත්ව යටතේ මාසයකට අධික කාලයක් ද තබා ගත හැකිය.මෙලෙස දැඩිකරන ලද කෙසෙල්පත්‍ර ආහාර ද්‍රව්‍ය එතීම සඳහා සාර්ථක ලෙස යොදා ගැනීම සිදු කල හැකිය.මේවා නැමීමේදී ඉරී නොයන අතර ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රවල ඔතන ලද කෑම පාර්සල් විවෘත කිරීමේදී නැවුම් සුවඳක්ද අත්විදිය හැකිය.

ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රවල ඔතන ලද ආහාර ද්‍රව්‍ය ක්ෂුද්‍ර තරංග (මයික්‍රෝවේ) උදුනක ආධාරයෙන් ඒවායේ කිසිදු වෙනසක් ඇති නොවන පරිදි උණුසුම් කරගත හැකිය.

සාමාන්‍යෙයන් කෙසෙල් වගාවක් සලකන කල කෙසෙල් ගසකින් කෙසෙල් කැන ලබා ගැනීමට අමතරව වසරකට පත්‍ර 10ක් පමණ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර සෑදීම සඳහා ලබාගත හැකිය.සෑම පත්‍රයකින්ම(සෙ.මී.45-45 ප්‍රමාණයේ) පත්‍ර කැබලි 5-8 ත් අතර සංඛ්‍යාවක් සකසාගත හැකිය.ඒ අනුව හෙක්ටයාරයක කෙසෙල් වගාවකින් මෙවැනි දවටන 120,000ක් නිෂ්පාදනය කලහැකිවනු ඇත.එක කෙසෙල් කොළ දවටනයක් ශත 50ක් ලෙස මිල කලහොත් වගාවෙන් ලබාගන්නා කෙසෙල් කැන්වල ආදායමට පරිභාහිරව රු:60,000.00ක පමණ අමතර ආදායමක්ද ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ දිනකට ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 8000-10000ක් පමණ වේ. මෙය ලංකාවේ ජනගහනයෙන් බෙදූ කල එක් අයෙකුට දිනකට ග්රෑම් 500කි. ආසියාවේ සෙසු රටවල් සමඟ සැසඳීමේදී මෙය විශාල අගයක් බව වාර්තා වේ. මුළු කුණු ප්‍රමාණයෙන් හරි අඩක් ජනනය වන්නේ කොළඹ නගරයෙනි. රජයට ආයතනයකට පුද්ගලයෙකුට මේ සම්බන්ධව ඇඟිල්ල දිගු කිරීමට නොහැකිය. එහෙත් මේ ව්‍යසනයෙන් එ‍ෙතරවීමට මඟක් තිබිය යුතුය. එමෙන්ම මෙහි බරපතළ ‍ඛේදවාචකය වන්නේ කුණු ජනනය කරන්නේ එක් පිරිසක් වීමත් ඉන් පීඩාවට පත්වෙන්නේ තවත් පිරිසක් වීමත්ය. වරප්‍රසාද අහිමි නිර්දන පන්තිය කුණු නිසා තම ජන ජීවිතය අඩාල කරගනිති.

දැනට වසර ගණනාවක සිට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඒ ඒ පළාතවලට පැවැරී තිබුණි. එසේම ඒ ආයතන ක්‍රමානුකූව අපද්‍රව්‍ය කළමනාකරණය කළ බවට ද වාර්තා වී තිබුණි.

එහෙත් මීතොටමුල්ල කුණු කන්ද නායයෑමත් සමඟම මාධ්‍ය ඔස්සේ විද්වතුන් දැක්වූ අදහස්වලට අනුව අප කුණු ජනනය අවම කරගන්නා තුරු මේ ප්‍රශ්නය ජාතික ව්‍යසනයක්ව පවතින බවය. එහෙත් මේ නිසා සිදු වන ස්වභාවික සම්පත්වල විනාශය කෙබඳ ආකාරයකින්වත් නැවැත්විය නොහැකි බවයි. මෙය ජාතික ප්‍රශ්නයක් වෙන තුරුම අපට බලා සිටිය නොහැකිය. එදා ගම්බද පළාත්වල එක් නි‍ෙවසකට අක්කර එකහාමාරක ඉඩක් තිබුණ අතර ඒ සෑම වත්තකම කුණුවළක් තිබුණි.

මුළුතැන් ගෙයින් එළියට දැමූ කුණු වළට මිදුල අතු ගා දමන කොළ ටික ද මේ කුණුවළට දැමිය හැකිය. කුණුවල පිරීමට ආසන්නවන විට ඊට කුකුළු පොහොර එළු පොහොර එක් කර පස් දමා වසනු ලබයි.

පැළයක් ඉන්දවීමට මෙය කදිම ස්ථානයක් වන බැවින් පැරැණියෝ මෙහි කෙසෙල් පැළයක් ඉන්දවති. මාසයක් දෙකක් ගත වනවිට කෙසෙල් පැළය ගසක් වී කැනක් දීමට සූදානම් වෙයි. මේ අයුරින් එදා නම් කුණු මනාව කළමනාකරණය කිරීමෙන් පැරැණියෝ සරු අස්වැන්නක් ලබා ගත්හ.

එදා කුණුවල පොලිතින් තිබුණේ නම් ඒ කලාතුරකිනි. එදා ජනතාව ෂොපින් බෑග් භාවිතා නොකළහ. කඩේ පොළේ යාමට භාවිතා කළේ වේවැල් කූඩයයි. මාළු ඔතාගෙන ආවේ හබරල කොළයකය. මේ ආකල්ප නිසා මිනිස් ක්‍රියාවලින් කිසිවිටකත් පරිසරයට හානියක් නොවුණි.

ෂොපින් බෑග් අපේ රටට පැමිණි මුල් අවස්ථාවේ දී බොහෝදෙනාට පුදුමයක් ඇති වුණි. මෙතරම් විශාල බරක් මේ කුඩා මල්ල ඔසවාගෙන යන්නේ කෙසේද? යන කුහුල බොහෝදෙනා තුළ ඇති විය.

ශ්‍රී ලංකාවේ දිනකට මිලියන 20ක ෂොපින් බෑග් ප්‍රමාණයක් ද මිලියන 15ක කෑම ඔතන කොළ ප්‍රමාණයක් ද භාවිතා කරයි. එක් ෂොපින් බෑගයක් දෙවරක් භාවිතා කරන්නේ නම් මෙය මිලියන දහය දක්වා අඩු කරගැනීමට හැකි වනු ඇත. එමෙන්ම ෂොපින් බෑග්එකක් දහවතාවක් පරිහරණය කළොත් ෂොපින් බැග් එකක් පරිභෝජනය දහයෙන් පංගුවක් වේ.

බත් ඔතන කොළ මිලියන 15 නැවත නැවත සෝදා පරිහරණය කළ නොහැකිය. මේ නිසා කෑම බහාලීමට කෑම පෙට්ටියක් භාවිතා කිරීම සුදුසුය. කොළ භාවිතයට පෙර කෑම එතීමට යොදා ගත්තේ කෙසෙල් කොළය. එහෙත් ඒ තත්ත්වය යොදාගත හැක්කේ ස්වල්පදෙනෙකුට පමණි. නාගරිකව ජීවත්වෙන්නට හෝ තට්ටු නිවාසයක ජීවත්වෙන්නෙකුට මෙය ප්‍රායෝගිකව කළ නොහැකිය.

ඇමෙරිකාවේ යූ එස් ඩී ඒ හෙවත් ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ආකාරයට නම් මුළුතැන් ගේ නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් කසළ කළමනාකරණය කළ හැකි බවයි.ඇමෙරිකාවේ කසළ කළමනාකරණය ඉතාමත් යහපත්ව සිදුවේ. මේ සඳහා මුළුතැන්ගෙයි සවිකොට ඇති බිමි පැන්ට්‍රි කබඩයක පියන අරින විට පියනට සවිකර ඇති බහාලුම් බඳුන් තුනක් හතරක් පමණ පියන සමඟ එළියට පැමිණෙයි. මෙයින් එක් බඳුනක් කොළ ටිෂූ වැනි දේටත්, තවත් එකක් වීදුරු බඳුන් හෝ කටු සඳහාත්ය. තවත් බඳුනක් ලෝහ ද්‍රව්‍ය සඳහාය. අනෙක් බඳුන කුණු රොඬු සඳහාය.

කෑම පිළියෙල කිරීමේ දී කැපී යන එළවළු කොටස් විශාල සිදුරුවලින් පහළට යයි. බොත්තමක් ක්‍රියාත්මක කළ පමණින් කුඩා එළවළු කොටස් කැබලිවී නළ දිගේ ඉහළට යයි.මහජනයාත් රජයත් අතර දක්වන අනෝන්‍ය සහයෝගිත්වය නිසා නිසි කසළ කළමනාකරණයක් ඇති කර ගැනීමට හැකි වී තිබේ. එමෙන්ම රජයේ ආයතනවල කුණු බැහැර කරන භාජන දක්නට තිබුණි.

2011 වසරේ මුළු ලංකාවට ගං වතුර තර්ජණය ඇති වූයේ අද මෙනි. මේ නිසා බොහෝ ජීවිත හානි විය. සම්පත් නාස්ති වී ගියේය. මේ තත්ත්වයට හේතුව වූයේ කානු පද්ධතිවල කුණු හිරවීමයි. මෙයට වඩාත්ම හේතුව වූයේ කානු පද්ධතිවල ෂොපින් බෑග් හිරවීම බව පරිසරවේදීන් අනාවරණය කර දී ඇත.

අපේ පිළිබඳ කොතෙක් කතා කළත් ඒවා වචනවලට පමණක් සීමා වී ඇත. එයට හේතුව ඒවා ප්‍රායෝගීකරණය නොවීමයි. කුණු නිෂ්පාදනය සඳහා මුල්වෙන්නේ කාන්තාවන්ය. ඔබට පුදුම හිතෙනු ඇත. මේ සඳහා ඔබේ මුළුතැන් ගෙය ඔබ පිළියෙලට තබා ගත යුතුය.

මුළුතැන් ගෙයින් ඉවත් කරන කුණු මනා ලෙස නිදහස් කළ යුතුය. එමෙන්ම පොලිතින් භාවිතාය අවම කළ යුතුය. මේ සඳහා කඩේ පොළේ යාමේ දී සුදුසු ආකාරයේ මලු පාවිච්චි කළ හැකිය. කෑම පිසිමේදී අපතේ නොයන ආකාරයට පිස ගත යුතු අතර කෑම බෙදා ගැනීමේදී ද ප්‍රමාණවත් ආකාරයෙන් කෑම බෙදා ගත යුතුය. මේ සියල්ලෙන් අපට තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම් මුළුතැන් ගෙයි කුණු කළමනාකරණයෙන් බොහෝ ප්‍රශ්න අඩු කරගත හැකි බවයි. එමෙන්ම ඔබ කළමනාකරණය කරන කුණුවලින් ඔබේම ගෙවත්තේ සරු අස්වැන්නක් ලබා ගන්නත් අවස්ථාව උදා කරගත හැකිය. නිවසට සරු අස්වැන්නක් මෙන්ම ජාතික ව්‍යසනයක් වළක්වන්න ගෘහණියක ගේ දායකත්වය හේතුවන බව අවබෝධ වීමෙන් ඔබ මේ සඳහා ඔබේ දායකත්වය ලබා දෙනු ඇතැයි අපේ විශ්වාසයයි.

පුවක්‌ අත්ත සහ කොළපත ,බිත්තර වී සකස්‌ කිරීමේදී ජලයේ පොඟවා ගත් වී නිවසේ අඳුරු තැනෙක මුල්ලකට මුලින්ම බිම අතුරන්නේ අමු පුවක්‌ අතුය. ඉන්පසු බිත්තර වී ඒ මත හෙලා ගොඩගසා ඒ මතද පුවක්‌ අතු අතුරා වසා දමයි. ඉදී බිම වැටෙන පුවක්‌ අත්තේ කොළයෙන් වෙන්කරගත් “පුවක්‌ ඉරටු” එකට මිටියක්‌ සේ බැඳ ගොම මැටි ගෑ ගෙබිමේ දූවිලි පිස දමන්නට අතීතයේ ගැමි ගෙවල්වල භාවිත කෙරිණි.

කොළපත් පැදීම ,පුවක්‌ අත්තේ “කොළපත” ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. අතීත ගැමි දරුවන් “කොළපත් පැදීම” ලෙසින් නම් කළ ක්‍රීඩාව සඳහා යොදා ගත්තේ ගසකින් ඉදී වැටුණු පුවක්‌ අත්තක කොළ ඉවත් කළ නාරටිය සහිත කොළපතකි. කොළපතෙහි ඉඳගෙන එහි ඉදිරි නාරටියෙන් අල්ලා ගන්නා දරුවෙකු තවත් කෙනෙකු විසින් ඇදගෙන යමින් කොළපත් ඇදීමේ සෙල්ලමින් පෙරදා දරුවන් ඉහළ සතුටක්‌ ලැබූහ.

කොළපත් බත්මුල ,අද මෙන් කෘත්‍රීම කෑම කොළ නොතිබුණු අතීතයේ බත් මුලක්‌ බැඳීමට පවා යොදගත්තේ සීරුවට සකසා ගත් කොළපතකි. මෙසේ කොළපතක ඔතා සකසන ලද බත්මුල ඉක්‌මනින් පිළුණු නොවීමද විශේෂත්වයකි. කොළපත් පට්‌ටයක ඔතන ලද බත් මුලද ලබු කැටයකට ජලයද පුරවාගෙන හේනට කුඹුරට යන ගොවියා එය ඉතා ප්‍රනීත බත් මුලක්‌ බව දනී.

කොළපත් ගොට්‌ට ,කුඹුරට හේනට කමතට පමණක්‌ නොව නිවසට ජලය ගෙන ඒමටද පෙරදා කොළපතින් සකසාගත් කොළපත් ගොටු භාවිතාවිය. කොළපත් පට්‌ටා , කොළපත සිහින් දිග තීරුවලට ඉරාගත් පසු ලැබෙන “පටි” ලණුවක්‌ සේ භාවිතා කිරීමටද පුළුවණ. මේ අනුව හණ පට්‌ටා මෙන්ම කොළපත් පට්‌ටාද අතීතයේ ලණු වෙනුවට භාවිතා විය.

කොළපතින් ලැබුණු තවත් ප්‍රයෝජන ,අතීතයේ ගැමි ගෙදරක ලිපේ අළු ඇදීමටද කසළ එකතු කිරීමටද මැටි කළගෙඩිය තැබීමටද කොස්‌ඇට, දෙල් ඇට හෝ ගොම ආදිය එකතු කිරීමටද භාවිත කළේ කොළපතකි. ගසකින් කඩාගත් කොස්‌ ගෙඩිය පවා කර මත තබාගෙන පැමිණියේ කොළපතක්‌ මත තබාගෙනය. අතීතයේ ගැමි ගෙවල්වල කුස්‌සියේ භාවිත කළ හැඳි ආණ” සකස්‌ කළේද පුවක්‌ ගසේ කොළපතකිනි. (හැඳි ආණ යනු පොල්කටු හැඳි රඳවා තබන උපකරණයයි) සමහර අවස්‌ථාවල වර්ෂා ජලය පොල්අතු වහලයෙන් රූරා විත් ගෙබිම මත වැටේ එවන් විටක පැරැන්නන් වහලයේ තෙමෙන තැනට තාවකාලික පිළියමක්‌ ලෙස කොළපතක්‌ තෙමෙන තැන රැඳවූහ.

කොළපත් පිඟාන , කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම අඩුක්‌කුව (කෑම වේල) සප්පායම් (කෑම ගැනීම) වීමද අතීතයේ සුළභව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක්‌ පිඟානක්‌ කොළපතක්‌ මත තබා සමහර දිගු කොළ පතකින් එවැනි පිඟන් දෙකක්‌ හෝ තුනක්‌ කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක්‌ හෝ කෙසෙල් කොළයක්‌ එලා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ද එක්‌වන බව අතීත ගැමියන් දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීපව මිතුරෙකු උදව්කාරයෙකු වූවේ එලෙසිනි.

අන්තිමට මට ඉතුරු වුණේ ඇඳිවතයි කොළපතයි විතරයි” මේ ඉඟි වැකිය ඊට කදිම සාක්‌ෂියකි. “කප්රුක” ලෙස හැඳින්වෙන පොල්ගස තරමටම පුවක්‌ ගසද ජන ජීවිතය හා ඉතා තදින්ම බැඳුණු ගසක්‌ බව පැහැදිලිව පෙනී යන කරුණකි. පුවක්‌ ගසක වටිනාකම දැන එහි ව්‍යාප්තියට සහාය වීම අපගේ යුතුකමයි. ( තොරතුරු පත පොත හා අන්තර්ජාලයයෙනි.)

 

600px_r-2-2  ks4

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

 

 

 

About LNC

Check Also

Studio_20170506_155837

සමලිංගික කාන්තාවකගේ අපරාජිත ප්‍රේමය.

ඊජිප්තුවේ උපන් ශාසා ඉස්මයිල් ලන්ඩනයේ ජීවත්වූයේ ඇයගේ පෙම්වතිය වන ස්පාඤ්ඤ ජාතික ස්පැනියාර්ඩ් රිකෝ සමඟ ය. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *