topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“තහංචි දමා අපව නවත්වන්න බැහැ”.උතුරු කොරියාව

නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳව සතුටුවන කිම් ජොන්ග් අන්

තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කරන තරමට සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවයි.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍යංශය දැඩි වචන භාවිත කරමින් නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ නවතම සම්බාධක “කුරිරුතම, අචාරධර්ම විරෝධී, අමානුෂික සතුරුකමක්” වන බවය.

මේ අතරතුර දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී කොරියානු කලාපයට ඉහළ ගුවනේ හමුදා අභ්‍යාස දියත් කළේය.

උතුරු කොරියානු අර්බුදය, මේ සතිය තුළ මුළුදීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ ප්‍රධාන මාතෘකාව වනු ඇති බවට විශ්වාස කෙරේ.

පසුගිය සිකුරාදා උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් විදිනු ලැබූ මිසයිලය මෙතෙක් ඔවුන් මුදාහළ මිසයිල අතරින් වැඩිම දුරක් ගමන්කළ මිසයිලය ලෙස වාර්තා විය.

දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී කොරියානු කලාපයට ඉහළ ගුවනේ හමුදා අභ්‍යාස
මෙම න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් අනතුරුව එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට එරෙහිව නැවතත් තහංචි මාලාවක් පනවන ලදී.

උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බැලීමක් සිදු කිරීම “අතිශය ප්‍රකෝපකාරී” ක්‍රියාවක් ලෙස හඳුන්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එය ඒකමතිකව හෙළාදකින ලදී.

“එක්සත් ජනපදය සහ එහි ගැති රටවල් උතුරු කොරියානු ජනරජයට එරෙහිව තහංචි පැනවීම සහ පීඩනයක් එල්ල කිරීම තුළින් අපේ න්‍යෂ්ටික බලය පිහිටුවීමේ අවසාන ඉලක්කය කරා යන ගමනේ වේගය වැඩිවීම පමණක් සිදුවනු ඇත” යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම නිවේදනය වාර්තා කර ඇත්තේ එරට නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය මගිනි.

සිකුරාදා, 'හ්වාසං - 12' බැලිස්ටික් මිසයිලය අත්හදා බලන ආකාරය නැරඹන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්
සිකුරාදා, ‘හ්වාසං – 12’ බැලිස්ටික් මිසයිලය අත්හදා බලන ආකාරය නැරඹන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජාතීන් විසින් පනවනු ලැබූ සම්බාධක උතුරු කොරියානු ආණ්ඩුව පෙරළා දැමීම ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ නවතම සම්බාධක මාලාව මගින් උතුරු කොරියාවේ ඛනිජ තෙල් ආනයනයට සීමා පනවා ඇති අතර උතුරු කොරියාවෙන් රෙදිපිළි මිල දී ගැනීම තහනම් කර තිබේ.

ප්යොන්යැන්ග් පාලනය පසුගිය සිකුරාදා සිදු කළේ ඔවුන්ගේ හය වැනි මිසයිල අත්හදා බැලීමයි.

අලුතින් පැනවූ තහංචිවලින් කෙතරම් දුරට බලපෑමක් වේදැයි ඇතැම් විශ්ලේෂකයන් ප්‍රශ්න කරන්නේ ඉදිරියටත් උතුරු කොරියාවට ජාත්‍යන්තර වෙළඳාම් කිරීමේ හැකියාවක් පවතින බව පවසමිනි.

බ්ලුම්බර්ග් සඟරාව වාර්තා කර ඇත්තේ චීනය සමඟ පවතින ගනුදෙනු හේතුවෙන් උතුරු කොරියාව පසුගිය වසරේ 3.9%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ බවය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී සිදු කරනු ලැබීමට නියමිත දේශනය උතුරු කොරියානු අර්බුදය වෙනුවෙන් වෙන්වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

එහිදී ජපානයේ සහ දකුණු කොරියාවේ නායකයන් ජනාධිපති ට්‍රම්ප් හමුවීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින්ග්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියානු කලාපයේ පවතින අර්බුදය පිළිබඳව අද (සැප් 18) දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ බව චීන නිල පුවත් සේවය වන ෂින්හුවා වාර්තා කර තිබුණි.

මෙම අර්බුදය හමුවේ චීනය සහ ඇමරිකාව එකම ස්ථාවරයක සිටින බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

කෙසේ නමුත් උතුරු කොරියාවට එරෙහිව චීනය සෘජු ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇමරිකාව කියා සිටිද්දී චීනය ප්‍රකාශ කළේ ඇමරිකාව ජසිදුකරන තර්ජන නැවැත්විය යුතු බවය.

(BBC)

Leave A Reply

Your email address will not be published.