Home > අලුත් ඇසකින්

අලුත් ඇසකින්

කෙසෙල්පත්‍ර, ආහාර ද්‍රව්‍ය එතීම සඳහා සාර්ථක ලෙස යොදා ගන්නා හැටි.

Bananas _How to _Successfully _Wrap_ Food.

පරිසරය දුෂණය කරන එක් ප්‍රධාන සාධකයකි පොලිතීන්. අපද්‍රව්‍යයක් ලෙස ඉවතලන පොලිතීන් කාබනික අපද්‍රව්‍ය මෙන් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයෙන් ජීර්ණයට ලක්නොවේ.විශාල වශයෙන් ආහාර දැවටීම පිණිස භාවිතා කරනු ලබන පොලිතීන් වලින් සකසන ලද කෘතීම දවටන සඳහා විකල්පයක් ලෙස“ජීව දවටන” ඉදිරිපත් කල හැකිය. ජීව දවටන සකස්කිරීම සඳහා අප රටේ බහුලව වගාකෙරෙන පළතුරු බෝගයක් වන කෙසෙල් …

Read More »

සමලිංගික කාන්තාවකගේ අපරාජිත ප්‍රේමය.

Studio_20170506_155837

ඊජිප්තුවේ උපන් ශාසා ඉස්මයිල් ලන්ඩනයේ ජීවත්වූයේ ඇයගේ පෙම්වතිය වන ස්පාඤ්ඤ ජාතික ස්පැනියාර්ඩ් රිකෝ සමඟ ය. ලන්ඩනයේ අනෙකුත් සමලිංගික කාන්තාවන් මෙන්ම ස්පැනියාර්ඩ් සහ ශාසා ද සාමාන්‍ය පරිදි දිවි ගෙවූ පෙම් යුවළකි. ඩුබායි හි ජීවත්වන ශාසාගේ පියාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව දෙදෙනාම ඩුබායි බලා යාම සඳහා ලහිලහියේ සුදානම් විය. නමුත් මෙය සුන්දර …

Read More »

ජීවීන්ට වාසය කිරීමට සුදුසු නව ග්‍රහලෝක 7ක් – (වීඩියෝ)

Studio_20170223_160019

   පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් නාසා ආයතනය විසින් සොයාගෙන තිබේ . නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක් බවයි. මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව …

Read More »

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

Studio_20170222_143700

පුවත් සහ විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තම මිතුරු මිතුරියන් සමග බෙදා ගැනීමට (share) බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. සමාජ මාධ්‍ය තුළ විවිධ දෑ පළ කිරීම සඳහා බලපාන හේතු එකිනෙකට වෙනස්ය. කාලීන පුවතක්, සිත් ඇදගන්නා මාතෘකාවක්, තමන් කැමති රංගන ශිල්පියෙකු පිළිබඳ පුවතක් හෝ සිනහවට තුඩු දෙන වීඩියෝ දර්ශන …

Read More »

සයිටම් නඩුව: වෙනස ප්‍ර‍චණ්ඩ මුත් වෙනස්වීමට විකල්ප නැත.

Studio_20170203_092605

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින්නට අපට කිසිම උවමනාවක් නැති බව මුලින් ම කිව යුතුයි. එහෙත්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප අවධානය යොමු කරන්නේ ග්‍රාහකයාගේ අන්තය වෙතයි. එනම්, අධ්‍යාපනය ලබන්නට අවශ්‍යතාව තිබෙන අයට ඒ සඳහා ඇති ප්‍රවේශ අවස්ථා වැඩි කළ යුතුයි. මේ ලියන මට මගේ දරුවකු …

Read More »

නව ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි ගමන් මග.

Railway Museum Kadugannawa

 ආයතනයක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වාත්තීය සමිතිවලට ඉටු කළ හැකි කාර්යයන් රාශියකි. වර්තමාන කළමනාකරණයේදී සේවකයාත්, ආයතනයක කළමනාකාරිත්වයත් අතර මනා සම්බන්ධීකරණයක්‌ පවත්වාගෙන යැමට වෘත්තීය සමිති තීරණාත්මක කාර්යයක්‌ ඉටු කරනු ලබන බව පිළිගනු ලැබේ. තමන් නියෝජනය කරන සේවක කණ්‌ඩායමේ සාධාරණ අයිතීන් දිනාගැනීම, දිනාගත් අයිතීන් සුරැකීම වෘත්තීය සමිතියක මූලික වගකීම වන අතර ඒ හා …

Read More »

ඉතිහාසය විසින් ඔහු නිදොස්කොට ඇත.

Studio_20161204_103915

මිනිසුන් විසින් ඉතිහාසය නිර්මාණය කරන්නේ නැත.  එහෙත් ඉතිහාසය විසින් එයට උවමනා මිනිසුන් නිර්මාණය කරණු ඇත . එසේ ඉතිහාසය විසින් නිර්මාණය කරන සුවිශේෂි මිනිසුන්ගෙන් ඉතිහාසය යම් යම්  හැරවුම් ලක්ෂයන් ලබාගන්නා අතර එය දිගටම ඉදිරියට ගමන් කරණු ඇත. පිදෙල් කස්ත්‍රෝ යනු එසේ ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද එක් සුවිශේෂි මිනිසෙකු පමණක් නොවේ. …

Read More »

සිමාවෙන් එහා හිතන්නට.

2016-11-10 17.12.28

කුලය අපිව විසන්ධි කිරීමට පෙර, ආගම අපිව වෙන් කිරීමට පෙර, දේශපාලනය අපිව බෙදීමට පෙර, ධනය අපිව වර්ග කිරීමට පෙර,  අපි සියල්ලෝම මනුෂ්‍යන් වී සිටියෙමු. සංහිදියාව ගැන වැඩිපුර කතා කරන්නට වීම යනු විරසකයේ ප්‍රමාණය කියාපාන්නකි. යමක් ගැන වැඩිපුර කතා කරන්නෙත්, යමක් ගැන වැඩිපුර වෙහෙසෙන්නෙත් එහි ප්‍රතිපක්ෂයේ ප්‍රමාණයද වැඩි වී ඇති බැවිනි. …

Read More »

ඉතාලි කතන්දර” වල එන තිමුර්-ඉ-ලෙන්ග්

Studio_20160914_160015

 ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය. මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා …

Read More »

අම්මලාගේ විභාගේ අවසන්ය.

500

අම්මලාගේ විභාගේ අවසන්ය. තාවකාලිකව දරුවන් නිදහස්ය.  එහෙත් එය එතනින් අවසන් වන්නේ නැත. වසරක් පාසා මෝසම් පැමිණෙන්නා සේ නැවතත් විභාගේ එනු ඇත. දරුවන්ගේ හිස මත දෙමාපියන්ගේ ගිගිරුම් පාත් වෙනු ඇත. දරුවන් තාඩන සහ පීඩන වැස්සේ තෙමෙනු ඇත. ප්‍රතිපළ වලින් පසු වැඩි පිරිසක් වේලෙනු ඇත. ඉතින් එය ශිෂ්‍යත්වයයි. පහ වසර ළමයෙකුට මෙවන් …

Read More »