උමා ඔය ව්‍යාපෘතියට අදාළව පරිසර ඇගයීම් වාර්තාව පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ සකස් කළ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක් මැදහත් වී තිබිණි. මෙම වාර්තාව එවකට පැවති පාලනයේ බලපෑම මත නීතිවිරෝධීව සකස් කළ බොරු වාර්තාවක් බවට දැඩි ලෙස චෝදනා එල්ල වී තිබු අතර උමා ඔය පරිසර ඇගයීම් වාර්තා සකස් කළ විශේෂඥයින්ට මින් ඉදිරියට පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.
එකී වාර්තාව පිළිබඳව පරික්ෂණයක් කරන තුරු එම විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් සකස් කරන පාරිසරික අගැයිම් වාර්තා පිළි නොගන්නා බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මරවින් ලාල් ධර්මසිරි අද (21) නිවේදනය කර ඇත.