සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ජලය දැඩි ලෙස අපවිත්‍ර වීම හේතුවෙන් හිරිගල් හා කොරල්පරවල පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසා ඇත. එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කර ඇත්තේ රට අභ්‍යන්තරයේ සිදු වන දුෂණයන් නිසා වැඩි වශයෙන් මුහුදු ජලය අපවිත්‍ර වන බවයි.
ඔහු පෙන්වා දී ඇත්තේ හික්කඩුව වැනි සංචාරක ප්‍රදේශවල අපද්‍රව්‍ය මුහුදට එක් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් පැවැතිය ද කොළඹ, ගල්කිස්ස හා මීගමුව යන ප්‍රදේශවල එවැනි ක්‍රමවේදයක් නොමැති කමින් මුහුදු ජලය වැඩි වශයෙන් අපිරිසිදු වී ඇති බවයි.