අධිකරණ ඇමැතිධූරය හෝ නියෝජ්‍ය අමාත්‍යධූරය තමාට ලබා දෙන්නේ මාස හයක් තුළ හොරු අල්ලා නිම කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කිසිසේත්ම අධිකරණ අමාත්‍යධූරයට සුදුස්සෙක් නොවන බවත්,ඒ සඳහා සුදුසුම පුද්ගලයන් වන්නේ සරත් ෆොන්සේකා හෝ අජිත් පී පෙරේරා වැනි අය බව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.