topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදිමට කටයුතු නොකළ යුත්තේ ඇයි ?

Weerakumara_Dissanayaka

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බෙදීමට කටයුතු නොකළ යුත්තේ ඇයි ලෙස ප්‍රශ්න කරමින් අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්.

Parlimant_logo

ගෞරවණිය ස්වාමීන් වහන්ස, පූජක තුමනි,
ප‍්‍රගතශීලී බුද්ධිමතුනි, විද්වතුනි, වෘත්තිකයිනි, කලාකරුවනි,
ආදරණීය මව්වරුණි, පියවරුණි,
සහෝදර සහෝදරියණි,
මාධ්‍යවේදී සහෝදර සහෝදරියණි.

මෙම අවස්ථාවේ රට ඉතා වැදගත් තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකට පැමිණ ඇත. මව්බිමේ අනාගත ඉරණම මෙම පලාත් පාලන මැතිවරණය විසින් විසදනු ඇත. පොහොට්ටුවට දිනන්න පුළුවන්ද ? බැරිද ? යන්න මස්පිඩු හරඹයකින් තේරුම් ගැනිමට අප උත්සාහ කලයුතු නැත. අප සිරිසේන ජනාධිපති තුමාට වඩා ඉහළ ජනමතයක සිටින බව පෙන්විමට අපට අවශ්‍ය නම් එය ”ඔව්” හෝ ”ඇත්ත” බව අපි ඉහලින් සිටින වග, මේ රටත් මුළුමහත් ලෝකයාත් දන්නෙමු.

ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යනු අපගේ ජාතික වස්තුවකි. ඔහු කණ්ඩායමකට හෝ කොටසකට පමණක් අයිති නැත. ඔහු අයිති මුළුමහත් ජාතියටමය. ඔහුට අපගේ මුළු මහත් ජාතියේම ගෞරවය ආදරය, හිමිවිය යුතුය. කෙදිනක හෝ මේ රටේ අධිරාජ්‍යවාදයට එරෙහිව ගොඩනැගෙන මහා ජාතික ව්‍යාපාරයේ  සංකේතය ඔහු වනු ඇත. පටු වුවමනාවන් වෙනුවෙන් අප එතුමා කිලිටි නොකළ යුතුය. අපේ දරුවන් ඉතිහාසය ඉගෙන ගන්නා අනාගතයේ දිනෙක ඔවුන්ගේ ජාතික වීරයා විය යුත්තේද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය.

අද අපට තිබෙන්නේ අපේ වංශය බේරා ගැනිමේ සටනක් නොවෙමු. අද අපට තිබෙන්නේ මේ මාතෘ භූමිය බේරාගැනිමේ සටනකි. අප එදා පැවසුවේ “රට එකට” කියාය. අද අප එය පවසන්නේ නැත. “රට එකට” යන පාඨය සැමදා වලංගුය.

එදා අපි “රට එකට” යැයි පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික බලවේග එකමුතුව සිටය. අප එසේ පැවසුවේ බොරුවට නොවෙමු. “රට එකට” යන පාඨය අදටත්, හෙටටත් වලංගුය. අද අප ඉදිරියේ ඇති ප‍්‍රශ්න වෙන් කොට හදුනාගත යුතුය. එනම්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රශ්නත්, රට ඉදිරියේ ඇති අභියෝග, අර්බුද හා ප‍්‍රශ්නත් යන දෙවර්ගයන්ය.

එදා අප මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලයේ “රට එකට” කියා පැවසුවේ රට මුහුණ දුන් අභියෝග ජය ගැනිමට  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත්, සන්ධානයත් එකමුතුව තබාගනිමින් මුළුමහත් රටේ ජනතාව එය වටා එකතු කොට ශ‍්‍රි ලංකා මාතාව ජයග‍්‍රාහීව ඉදිරියට මෙහෙයවීම සදහාය. එම ජයග‍්‍රහණ සියල්ලම  මාතෘභූමියට හා ජනතාවට ලබාදීමටය.

2015 දී  මාතෘභූමියේ සතුරන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදා සන්ධාන ආණ්ඩුව දුර්වල කොට මේ රට ඉදිිරියට යෑමට තිබූ මාර්ගය වැලැක්වීමය.

වර්තමානයේ ගෝලීය අධිරාජ්‍යවාදීන්ගේ  උපාය වන්නේ ජාතික රාජ්‍යයන් දුර්වල කිරීමයි. එම රාජ්‍යයන්ගේ පාලකයන් දුබල කිරීම හා යටත් කිරීමයි.

ශ‍්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් මුහුණදෙන ප‍්‍රධාන ප‍්‍ර‍්‍රශ්න අප නිවැරදිව හදුනාගත යුතුය. අපට වේලක් හැර වේලක් කාලා හෝ නැත්නම් ගස්වල පොතු කාලා හෝ ජීවත්වන්නට රටක් තිබිය යුතුය. අපගේ ආර්ථික ගැටලූවලට අමතරව මේ මාතෘභූමියට  බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් ඇත.

  • ඒකීය රාජ්‍ය දුර්වල කොට උතුරේ ඊලාම්වාදීන් හා බෙදුම්වාදින් ප‍්‍රමුඛ දෙමළ ඩයස්පෝරාව රට බෙදීමට ගෙනයන මෙහෙයුම.
  • විදේශ රාජ්‍යයන් විසින් මේ රට යටත්කොට තම අවශ්‍යතාවයන් සපුරාගැනීමට දරණ උත්සාහය.

මෙකි තත්ත්වය ඉතිහාසයේ අන්කවරදාටත් වඩා ප‍්‍රබලව ශ‍්‍ර‍්‍රී ලංකාව කෙරෙහි බලපාන වකවානුවක් වර්තමානයේ උදාවී ඇත. එය සරල පුංචි දෙයක් නොව. ඉන්දියානු සාගරයේ මුතු ඇටය වටා අද මුලූ ලෝක ආර්ථික ගෝලයම කරකැවෙන්නට පටන්ගෙන ඇත. අද ගෝලිය අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික ඇස, ආර්ථික තරගකාරිත්වය, ආර්ථික උපායන් හා ආර්ථික ප‍්‍රතිවිරෝධයන් වැටි ඇති මාවත සේදමාවතය. සේද මාවත වැටි ඇත්තේ ශ‍්‍රී ලංකාව හරහාය. ඔබ අප හිතන තරම් අප පුංචි මිනිසුන් නොවෙමු. ශ‍්‍රී ලංකාව සේද මාවතේ එක් ප‍්‍රධාන දොරටුවකි. අප මාතෘභූමිය වටා අනාගත ලෝකය කරකැවෙන රහස මෙයයි. ලංකාවේ රාජ්‍ය පාලකයා කවුරුන් වුවද, ඔහු පිළිබදව අගයක් අපට නැතිවුවද, ඔහු විදේශ රාජ්‍යයන්ට වටින්නේය.

අද ශ‍්‍රී ලංකාව දුර්වල රාජ්‍යයක් බවට පත්කිරීමේ අධිරාජ්‍යවාදි අවශ්‍යතාවය මෙයයි. ශ‍්‍රී ලංකාව දුර්වල රාජ්‍යයක් බවට පත්කළ හැකිවනුයේ ලංකාවේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රබල දේශපාලන පක්ෂ හා නායකයන් දුර්වල කිරීමෙනි. පක්‍ෂ දුර්වල කිරීමෙන් බිහිවෙන පාලකයන් දුර්වල වනු ඇත. ඊලාම් රජ්‍යයක් බිහිකිරීමේ බෙදුම්වාදි උපායටද මෙය මනාව ගැලපෙන්නේය.

එක්සත් ජාතික පක්ෂය මෙකි අභියෝගය ජයගැනීමට නොගැලපෙන්නේ අන්කිසිවක් නිසානොව ඔවුන් ප‍්‍රධාන ප‍්‍රතිපත්ති දෙකක මුල්බැස සිටින හෙයිනි.

  1. බලය බෙදීම ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක් ලෙස සලකා කටයුතු කිරීම නිසා.
  2. ජාතික නිෂ්පාදන ක‍්‍රියාවලියකට ප‍්‍රමුඛතාවය දෙනවා වෙනුවට රාජ්‍ය සම්පත් විකිණීම සහ විදේශ රාජ්‍යයන්ගේ වෙළද පොලක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමේ ආර්ථික උපායමාර්ග තුළ    තදින් මුල්බැස සිටින නිසාය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැදගත් වන්නේ 56 පෙරලියෙන් පසු එය තනිකරම ජාතික මතවාදය, ජාතික අභිලාශ හා ජනතාවාදි නැඹුරුවක් සහිතව ජාතික සංකල්ප වලින් පෝෂණය වූ සග, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතා බලවේග සමග පෙරට පැමිණි සාමාජිකයින් සිටින පක්‍ෂයක් වූ නිසාය.

මෙකී දේශපාලන කරුණුවල හරය අප තේරුම්ගත යුතුය. බටහිරත්, රනිල් වික‍්‍රමසිංහත් හිරවුනු තැනක් ඇත. එනම් 2015 ජනවාරි 08 ඔවුන් ගහපු ගැටේටම ඔවුන්ම හිරවී ඇත. තව තවත් එම ගැටය තුළම ඔවුන් හිරකල යුතුය. ඔවුන් එලෙස හිරවූයේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති වූ නිසාය. එය එසේ වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හෝ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පමණක්ම වූ බලවේගයක් නොව ජාතික මතවාද, ජාතික සංකල්ප, ජාතික අභිලාෂවල එකමුතුව හා ඉහතින් සදහන් කල පංචමහා බලවේගයේ හා වමේ ව්‍යාපාරයේ එකමුතු බවේ සංකේතයයි.

වර්තමාන ලෝකයේ ගෝලීය අධීරාජ්‍යවාදයට සහ අධීරාජ්‍යවාදින්ගේ උපායට මුහුණදීමට නම් අප කල යුත්තේ මෙම ජාතික මතවාදය සහිත පක්‍ෂය වූ ශ‍්‍රිලනිපය ආරක්‍ෂා කිරීමයි. එහි නායකයාත්, රාජ්‍ය පාලකයාත් එකම අයෙක් නම්, ඔහු කවර අයෙකු වුවද, ඔහුට ජාතික සංකල්ප වලින් පිටපැනීමට ඉඩනොදි එයතුල රදවා තබාගැනීම අපගේ යුතුකම හා වගකීම වේ. එ් අනුව ශ‍්‍රීලනිපය කඩා දුර්වල කිරීම යනු බටහිරට අධිරාජ්‍යවාදීන්ට අතදීමකි, බෙදුම්වාදීන්ට අතදීමකි. ඒකීය රජ්‍යය කැබලිකිරීමකි. (එජාපය ගෙනඑනු ලබන නව ව්‍යවස්ථාවට ශි‍්‍රලනිපය බෙදීම මනාව ගැලපෙන්නේය.) ශ‍්‍රිලනිපය කඩාබිද දැමීම යනු බටහිරට ආවඩන රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගයක් වනවා හැර එහි වෙනත් ගැඹුරු යථාර්ථයක් හෝ හරයක් නොපෙනෙන්නේය.

අද අපට සිදු කිරීමට ඇත්තේ ‘‘වෙනස’’ වෙනස් කිරීමයි. වෙනස සිදුවූයේ රනිල්ගේ සහ බටහිර වුවමනාවට හා සැලසුමට අනුවය.  වෙනස යනුවෙන් අප 2015 හදුනා ගත්තේ ශ‍්‍රිලනිප සභාපති වරයා වූ මහින්ද රජපක්‍ෂ මැතිිතුමාට එරෙහිව ශ‍්‍රීලනිප මහ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාව උපයෝගි කරගෙන ඔහු රටේ ජනාධිපති බවට පත්කිරිමයි. එයින් ඔවුන් බලාපොරොත්තුවුයේ ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකරන රූකඩ පාලකයෙක් බිහිකර ගැනිමය. ඇත්ත වශයෙන්ම ඔවුන් එදා සිදුකර ඇත්තේ ශ‍්‍රීලනිපය ඔලූවෙන් සිටුවීමය. අද කලයුතු වන්නේ ‘‘වෙනස’’ වෙනස් කිරීමය. වෙනස වෙනස් කිරීමේ උපාය හරි සරලය. එම උපාය වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔවුන්ගෙන් මුදවාගෙන ශ‍්‍රීලනිපයද දෙපයින් සිටුවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ‍්‍රීලනිපයේ ජාතික අභිලාශයන්ගෙන් වටකර ඒකීය රාජ්‍යයත්, ජාතික ආර්ථිකයත් අරක්‍ෂා කරගැනීමය. ගෝලීය අධිරාජ්‍යවාදයටත්, බෙදුම්වාදීන්ටත් සරල හා පහසු බුද්ධිමත්ම පිළිතුර මෙය වන බව විද්‍යාමානවේ. සියලු සකලවිධ සතුරන්ගේ හිස කුඩුකල හැකි පහරදීමද මෙයයි.

අද අප සතුරු උපායන් අමතක කොට, මේ මාතෘභූමිය සතුරන් අපට ලබාදුන් සටන්පාඨ ඔවුන්ටත් වඩා හොදින් කරේ තබාගෙන සිටිනු අපහට දක්නට ලැබෙන්නෙමු. අප මෙලෙසම ගමන් කළහොත් අදට වඩා බරපතල දඩුවම් අනාගතයේ අපටත්, රටටත් විදින්නට සිදුවන බව  නොඅනුමානය.

වර්තමානයේ ඇත්ත වශයෙන්ම කළයුතු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂයත්, ශ‍්‍රිලංකා නිදහස් පක්‍ෂයත් ප‍්‍රමුඛ සියලූම වාමාංශික බලවේග හා දේශපේ‍්‍රමි කොටස් ද, ජාතික හා දේශහිතෛශි සංවිධානද, ප‍්‍රගතශීලි ජනතාව හා ජනතා ව්‍යාපාරද, සියලූ බුද්ධිමත් ප‍්‍රජාවද එකට එකතුකර මහා ජාතික බලවේගයක් නිර්මාණය කිරීමය එම බලවේගයන්ට නායකත්වය දීමය. නොඑසේ නම් අපගේ මාතෘභූමිය මේ පරසතුරු උගුලෙන් ගලවා ගත නොහැකිය. එකි තත්ත්වයට පිටින් සැලසුම් හදන සියලූ දෙනා ගමන අවසාන කරන්නේ පරසතුරන්ගේ උගුල්වල දිවා ? දේකේම වැටි වැටි මරලතෝනි දෙමින්ය. ප‍්‍රහාරයේ ප‍්‍රමාණය හා උපාය හදුනා නොගෙන සටන් කිරීම මෝඩකමකි. දුර්වලකමකි.

”අහෝ ඛේදයකි” අද මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් නැගි සිටින ජනතාවනි, 2015 වේ ඔබ සිටියේ කොහේද ? මම එදා මැතිවරණ ව්‍යාපාරයේ ගම් දනව් පීරමින් රළු බොරළු මාවත් වල ඔබ සොයා ඇවිද ගියෙමි. මට ඔබ හමුනොවූයේ ඇයි? එදා ඔබ පැවසූයේ මහින්ද රාජපක්ෂ මට්ටුකළ යුතුයි කියා නේද ? අද සිටින ඔබ එදා මට හමු වුයේ නම් මෙතරම් අඩන්නට දෙයක් නැත. අදත් ඔහු අපේ ජනපතිය. එදා ඔබට වැරදුනි ද? අපට වැරදුනි ද? අප කාහට වැරදුනි ද? දැන් වැරදී හමාරය දැන් වරද නිවැරදි කළ යුත්තේ දුරදිග සිතා බලාය. ”එක තරහකට ලිදේ පැන්නොත් තරහා දහසකට වත් ගොඩ එන්නට බැරිය.”

එදා අපට වැරදුනේ නැත. ඔබට වැරදුනි. අදත් අපට වැරදී නැත. ඔබට වැරදී ඇති බව මට පෙනෙයි. ඔබ ළග මිස දුර බලන්නේ නැත. මට ඇත්තේ එක ප‍්‍රශ්ණයකි ? අපට ආණ්ඩුබලය රාජ්‍ය බලය දෙකම තිබිය දි ගොඩනැගිය නොහැකි ජනතා රැල්ලක් වික‍්‍රමසිංහ ආණ්ඩුකරන කාලයේ අප පවත්වාගෙන යන්නේ කෙසේද ? එම රැුල්ලේ වාසියත් වික‍්‍රමසිංහ මහතාට ඇති නිසා නොවේ ද?

1977 සිට 1994 දක්වා වූ කාලය හා 2001 සිට 2004 දක්වා වූ කාලය තුළ වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කෙරුවාව අපි හොදින් දන්නෙමු. එය ඔබට අමතක ද ?.

2015 මෛතී‍්‍ර, මෛතී‍්‍ර, කියා හඩ නැගුවේ වික‍්‍රමසිංහය. අද මහින්ද, මහින්ද කියා අපට හඩ නගන්නට ඉඩදී තිබෙන්නේද වික‍්‍රමසිංහය. වික‍්‍රමසිංහ මහතා මෙම අවස්ථා දෙකේ සහ හඩවල් දෙකේ වෙනස හොදින් හදුනන්නේය. 2015 ”මෛත‍්‍රී, මෛතී‍්‍ර” යන හඩින් ශී‍්‍රලනිපය කැඩුවේය. 2020 ජනාධිපතිවරණය අරමුණු කොට ”මහින්ද මහින්ද” යන හඩින් ශ්‍රීලනිපය දෙකඩ කරන්නේය. අවසානයේ අපට වන දෙය අපේ ඔළුවේ ඉන්නා උකුණෙක්වත් දන්නේ නැත.

මෙම තත්ත්වය මා මීට වසරකට පෙර සිට ජා.නි.පෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කලෙමි. දැනට මාස තුනකට පමණ සිට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමට හා නායකයින් හට ද විටින් විට පවසා ඇත. පසුගිය සතියේ ඒකාබද්ධ කණ්ඩායම් රැස්වීමේදී ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ද මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළෙමි.

අප නැගෙන රැළි දැක ඇත. එහෙත් අපට සුනාමි දකින්නට පුළුවන් කමක් නැත. සුනාමි දැක්කත් එය කා හට හෝ පැවසිමට අවසානයේ අප ඉතිරිවන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව සුනාමිය අවසන් වන්නේ සියල්ල විනාශ කරමිනි. අද මේ පැමිණෙන්නේ මහින්ද රැල්ලක්ද ? සුනාමියක් ද? දේශපාලනය හොදින් වැටහෙන මා හට පෙනෙන්නේ අද මේ පැමිණෙනේනේ සුනාමි තත්ත්වයකි.  එය ඇති කරන්නේ වික‍්‍රමසිංහය. විනාශ වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයත්, වාමාංශික ව්‍යාපාරයත්ය. මේ සුනාමියෙන් මෛතී‍්‍රපාල ජනාධිපතිතුමා විධායක බලය තිබෙන නිසා දිවි ගලවා ගන්නේය. අවසානයේ විනාශ වන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ බලවේගයයි. 2015 ත් අදත් මහින්ද – මෛතී‍්‍ර භූ තැටි දෙක හප්පමින් සිටියේ වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ බලවේගයය. දැන් වික‍්‍රමසිංහ මහතා 2020 විධායක ජනාධිපති වීමේ පෙරේත සිහිනයට ළගාවෙමින් සිටින්නේය.

”මම ඔබට රහසක් පවසන්නෙමි” ඒකාබද්ධ විපක්ෂයේ සිටින ජේෂ්ඨ නායකයින් හා මන්තී‍්‍රවරු බොහෝ දෙනෙක් මෙම සත්‍ය තේරුම් ගෙන සිටී. ඇතැම් මන්තී‍්‍රවරුන් හැගිම්බරය.ඒ නිසා මෙකී සත්‍ය ඔවුන්ට නොතේරෙයි. ”මම තවත් රහසක් ඔබට පවසන්නෙමි” ඒකාබද්ධයේ මන්තී‍්‍රවරුන් බොහෝ දෙනෙකු ජනතාව වන ඔබට බියවි ඇත. ඒ මක් නිසාද යත් ඔබ ඔවුනට මනාපයක් නොදී සිටීවි යැයි සිතාය. ඔබ අමනාප කරගැනීමට අකමැති නිසාය.

මටනම් එහි හරයක් හා ගැඹුරක් නොපෙනෙන්නේය. ජනතාවට සත්‍ය පවසා තිබිම අප දිණුවත් පැරදුනත් වඩාත් සුදුසු වන්නේය. නැතිනම් කවදා හෝ ඔබ අපට දොස් පවරනු නොඅනුමානය. මාගේ හෘදසාක්ෂියට එකගව   මට එය කළ නොහැක.

අපි ආණ්ඩු කරන කාලයේ මේ රටේ මහා පොරවල් සිටියේය. කටේ කෙල හිදෙනකන් ඔවුන් ජනතාවට බෙරිහන් දුන්නේය, ගෝරනාඩු කලේය. ඔවුන් තුන්කල් දකින නායකයන් යැයි ඔවුන්ම පැවසූයේ දැයි ජනතාවට දැන් සිතෙන්නට පුළුවන. ඒ මක්නිසාද යත් වර්තමානයේ එක කාලයක්වත් දකින්නට කිසිවෙකුත් නැත. ඔවුන් සියළු දෙනාම බෙලහීනවි ඇතැයි ජනතාවට හැගෙනු ඇත. මේ අවස්ථාවේ ජනතාවට නුවන දෙන්නට නොහැකි, මග පෙන්නන්නට නොහැකි, වරද නිවැරදි කරන්නට නොහැකි නායකයන්ගෙන් මේ රටට ඇති ඵලය කුමක් ද? ඇත්තෙන්ම ඔවුන් ජනතාවගේ නායකයන් නොවන්නේය. එහෙත් අපි ජනතාවට සත්‍ය පවසන්නට පසුබට නොවීයයුතුය. ‘‘යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද’’

වර්තමාන දේශපාලන තත්වය පිළිබද කුමක් පැවසුවත් අප ගොඩවල් කිහිපයකට වැටෙන්නේය. එනම් එක්කො මෛතී‍්‍ර ගොඬේය, නැතිනම් රනිල් ගොඩටය. එසේත් නොමැතිනම් මහින්ද ගොඩටය. එමෙන්ම එසේ වැටෙන උන්හට හමුවන්නේ රුපියල් ද නොව ඩොලර් යැයි ඇතැමුන් පවසන්නේය. එහෙත් අප දන්නා සත්‍ය නම් එම ගොඩවල් තුනේම දැනට සිටින උන්ට කැදවත් නැත. කවුරුන් හෝ සත්‍ය පැවසුවහොත් ප‍්‍රතිවිරුද්ධ මත දරන්නන් පිළිතුරු දෙන්නේ ද ඩොලර් ලැබි ඇතැයි කියාය. ඔවුන් එසේ පවසන්නේ ඇත්තටම ඔවුන්ගේ මනස හිස් නිසාය. ඔවුන් තුළ මතයක් ඉදිරිපත් කිරිමට හැකියාවක් නොමැති නිසාය. එවැනි අයට මේ රටේ අනාගත දේශපාලන අභියෝග ජය ගැනිමට ධෛර්යයක් නොමැත.

නිවැරදි දේ නිවැරදිව හදුනාගත යුතුය. මා ඔබ හට  උදාහරණයක් වශයෙන් අතීතය සිහිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. අද බොහෝ අයට මෙකී තත්ත්වය අමතකය. එනම්, 2000-2001 චන්ද්‍රිකා මැතිනියගේ පොදු පෙරමුණු ආණ්ඩුව කඩා වැටුනි. එය සිදුවූයේ එවක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් එස්. බී දිසානායක මහතා ඇතුළු පිරිසක් යූ.එන්.පි යට කඩාගෙන යාමෙනි. එදා ජරාජීර්ණ වී  ඕජස් ගලන මලමිනියක් වු එම ආණ්ඩුව ජ.වි.පෙ විසින් පරිවාස වැඩපිළිවෙලකට යටත්ව ආරක්ෂා කලේය.

ජ.වි.පෙ එදා එම තීරණය ගත්තේ රට සහ රටේ වාමාංශික ව්‍යාපාරය දෙස බලා පමනී. ජ.වි.පෙ ට එය ඉතා දුෂ්කර කාර්යයක් වු බව මම හොදින් දනිමි.අප එදා ජ.වි.පෙ මධ්‍යම කාරක සභාවේ ඉතා ගැඹුරු දේශපාලන සංවාදයක නිරත විය. ජ.වි.පෙට එදා එය දුෂ්කර කාර්යයක් වුයේ ජ.වි.පෙ මුළු මහත් ඉතිහාසය හා ඉගැන්විම් සියල්ල දෙස ආපසු හැරි බැලිමට සිදුවූ නිසාය. එසේ වුවද එදා ජ.වි.පෙ ඒ  සියල්ල කනපිට හරවා කැපවීම් කලේ රනිල්වික‍්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මේ රටට වන්නේ කුමක් ද? යන ප‍්‍රශ්ණය ප‍්‍රමුඛව පෙරටගෙන කල්පනා කොටය.

2000-2001 ජ.වි.පෙ ගත් නිවැරදි තීරණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනගා පසුව කරන ලද මැදිහත් විම නිසා 2005 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ රටට යුද ජයග‍්‍රහණය ලැබුනේය. රට සංවර්ධන මාවතට අවතීරණ විය.

දේශපාලනයේ තීරණ යනු අපට එක් එක් අවස්ථා වලදී හිතට එන හැගිම් පමණක් ම නොව ඉන් එහාට ගිය ගැඹුරු සත්‍යයකි. හැගීම් වැරදි නැත. එහෙත් එම හැගිම හරි ද වැරදිද කියා සෑම පැතිකඩකින්ම බැලිය යුතුය.

අද අප ශී‍්‍ර.ල.නි.ප.ය දෙකඩකරනවා ද? නැද්ද? යන්න විමසා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාට හෝ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ලඝුකොට නොව, මේ රටට වන්නේ කුමක් ද? යන්න ගැඹුරින් සිතාබලාය.

ශී‍්‍ර .ල.නි.ප.ය දෙකට කැඩිමෙන් 2020 වසර වික‍්‍රමසිංහ මහතා විධායක ජනාධිපති විම වැලැක්විය හැකි නම් අනිවාර්යයෙන්  දෙකට කැඩිය යුතුය. නැතිනම් රනිල් 2020 වසර විධායක ජනාධිපති විම වැලැක් වෙන්නේ දෙකඩ නොවී එකට සිට අරගල කිරිමෙන් නම් කිසිසේත්ම ශී‍්‍ර .ල.නි.ප.ය කැඩිමට ඉඩ නොදිය යුතුය.

දැන් නායකයින්ට අවස්ථාව උදාවි ඇත. කුමන ප‍්‍රාඥයෙක් හෝ 2020 වසර රනිල් පරදවන ක‍්‍රමය රටට ඉදිරිපත් කල යුතුය. එසේ නොමැතිව මුළු මුළු වල හැංගි හැන්ගී කැටපෝල වලින් විද විද බලන්නට දේශපාලන නායකයින් හට අයිතියක් නැත. ඇත්තෙන්ම එය නායකයින්ගේ භූමිකාව නොවන්නේය. රට වෙනුවෙන් නිවැරදි නායකයෙක් ඉදිරිපත් වී රටට අනාගත භූමිකාව පැහැදිලි කළ යුතුය. නැතිව ජනතාව එක් එක් මතවාද වල  ගිල්වාලමින් පීඩාවට පත් නොකල යුතුය.

”අපේ හාමුදුරුවනේ”, ඔබ වහන්සේලා මෙය ඉතා හොදින් දන්නේය. දහම් පාසැල් යන දරුවන් වුවත් දන්නා සත්‍යයක් ඇත. අසමගිය, ගැටුම්, ප‍්‍රතිවිරෝද, බෙදිම්, දුෂ්ඨකම්, කුහකකම්,පටුකල් පනා, කපටි කෛරාටිකකම්, නරකය, වැරදිය, ඒවා පරාජයේ මාවත්ය. සාමය, සමගිය, එකමුතු බව වැරදි නිවැරදි කරගැනිම යහපත් සහ අවංක චේතනාවෙන් කටයුතු කිරීම, දුරදක්නා නුවණින් කටයුතු කිරීම ජයග‍්‍රාහණයේ මාවත්ය, උල්පත්ය, දොරටුය. වැරදි දොරටු වසා නිවැරදි දොරටු ඇරීමෙන් යහපතම සිදුවන්නේය. ජයග‍්‍රාහණ ලැබෙන්නේය. එසේ නොමැතිනම් සිදුවන්නේ අයහපතමය. පරාජයමය. නැවත නැවතත් එයම සිදුවන්නේය.

‘‘අපගේ නායකයින් හට නුවන පහලවේ යැයි කියා අප බුදුන් වහන්සේගෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.’’

මාගේ අවසන් ඉල්ලිම මෙයයි. 2020 වසර ජනාධිපතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා විධායක ජනාධිපති විම වලක්වා පරාජය කරන්නේ කෙසේ ද? යන්න වහාම මේ රටට පවසන්න. ඒ අන් කිසිවක් නිසා නොව බලය මාරු වන්නේ 2020 වසරේ වන හෙයිනි. අප අද ගන්නා කි‍්‍රයාමාර්ග සම්පූර්ණයෙන්ම ඒ හා බැදුනු එකම න්‍යාය පත‍්‍රයක් විය යුතුය. අද එකක් හෙට තව එකක් පැවසිය නොහැක.එයට හොදම උදාහරණය වන්නේ 2000-2001 ජ.වි.පෙ සමග සෑ¥ පරිවාස සහ සන්ධාන ආණ්ඩු තුලින් සිදුකරන ලද මහා දේශපාලන කි‍්‍රයාදාමයක ප‍්‍රතිඵලයක් ලෙස 2005 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යාන්තමට, සීරු මාරුවට ජනාධිපති වූයේ ඡුන්ද 150 000 කට වැඩි ප‍්‍රමාණයක් ලබාගෙනය. උතුරේ ක‍්‍රියාත්මක වූ ජන්ද වර්ජනය මෙම ජයග‍්‍රහණයට ආශිර්වාදයක් විය.

”මා නැවත මෙසේ පවසමි” බලය මාරුවන්නේ 2020 වසර තුලදිය. අපගේ න්‍යාය පත‍්‍රය එය හා බැදුණු එකක් විම අනිවාර්යය වේ. එය කිසිසේත්ම වෙනත් එකක් නොවන්නේය. පළාත් පාලන, පළාත් සභා යන මැතිවරණ ඇතුළු සියල්ල 2020 වසරට දෙවනි වන්නේය. එහෙත් මෙකි සියල්ල 2020 වසර මේ රටේ ජනතාව ලබන ජයග‍්‍රහණ සහතික කරන, එකට බැදුණු එකම දන්වැලක පුරුක්් මිස අන් කිසිවක් නොවන්නේය. අද ලබන කුමන ජයකින් වුවද පලක් නැත. මේ රටේ 2020 වසරේ විධායක ජනාධිපති වන්නේ රනිල් වික‍්‍රමසිංහ නම්, එසේ වුවහොත් ඒ පාපකර්මයට අප සියලූදෙනා වග කිවයතු වන්නේය.

” අද වරදක් කළොත් 2020 වසර වන විට අප සියළු දෙනා රජවිම කෙසේ වෙතත් රන් ගොජ්ජු වී සිටිය හැකිය.”

ජයග‍්‍රහණයේ මෙන්ම දේශපාලනයේ කිසිම ස්ථානයකට බෙදීමේ ලකුණ හෝ අඩු කිරිමේ ලකුණ අදාල නොවන්නේය. ජයග‍්‍රහණයේ මෙන්ම දේශපාලනයේ ලකුණු වන්නේ එකතු කිරිම සහ වැඩි කිරිමය.

සැබෑ ජනතා නායකයින්ට ජනතාවගේ ජයග‍්‍රහණ වෙනුවෙන් කළ නොහැක්කක් තිබිය නොහැකිය. යන්නට බැරි තැනක් තිබිය නොහැක. නමන්නට බැරි හිසක් නොතිබෙන්නේය. එමෙන්ම හොද කොන්දක් ද තිබිය යුතුය. උපායත් මෙයයි, උපායේ ජයග‍්‍රහණයත් මෙයයි, ජයග‍්‍රහණයේ උපායත් මෙයමයි.

මාතෘභූමියට ජය වේවා…! මුළු මහත් ලක්වාසී ජනතාවට  ජය වේවා ..! මාගේ ආදරණිය රජරට ජනතාවට ජය වේවා ..!

ස්තූතියි,
මෙයට විශ්වාසී
වීරකුමාර දිසානායක
අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක

Leave A Reply

Your email address will not be published.