තම ඉල්ලීම් පිලිබදව ජනාධිපති ලේකම්වරා සමග පැවති සාකච්ඡා අසාර්තක වීම නිසා දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සදහන්කරයි. ඒ වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුවලට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙනි. රියදුරු සහායක වරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධ ගැටලු හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භකල මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට ලත්වී ඇතිබවද වාර්තාවේ.