රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ පිළිවෙල මේ වන විටදැඩි ගැටළුකාරී තත්වයකට පත්ව ඇතියි සදහන් වේ.විශේෂයෙන් සයිටම් ප්රශ්නය සම්බන්දයෙන් මේ වනවිට ඔවුන්ගේ ක්‍රියාකලාපය දෙබෙඩි ස්වරුපයක් පෙන්නුම් කරන බවත්,ආණ්ඩුව විසින් සයිටම් විරෝධී සිසුන් වෙත මුදාහැර ඇති මර්ධනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිහඩ පිළිවෙතක සිටීමත්, විවිධ පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවත්,එම නිසාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකට බෙදීයෑමේ තත්වයකට ලක්ව ඇති බවත් සදහන්ය. තවත් වෛද්‍යවරු පිරිසක් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පමණක්ම පෙනී සිටිය යුතුය යන මතයට පමණක්ම එළඹ ඇති බව එහි අභ්‍යන්තර තොරතුරු සදහන් කර සිටියි.