රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.
අමාත්‍ය සාගල රත්නායක සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසා ඇත.
එමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටු කැඳවුම්කරු රයන් ජයලත් පහර ගැනීමට උත්සාහ කළ සිදුවීම පිළිබඳව සති දෙකක් තුළ වාර්ථාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට, අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බව මාධ්‍ය ප්‍රකාශක වරයා මෙහිදී සඳහන් කර ඇත.ඞ