අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වීමට අදාළව සිදුකළ විමර්ශනවලින් පසු එම නිලධාරීන් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ය.
බන්ධනාගාර බුද්ධි අංශ විසින් එම විමර්ශන ක්‍රියාත්මක කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත.