කළුතර දකුණ, මාරවිල හා තිහගොඩ පොලිස් වසම් තුනෙහිම මාරක රිය අනතුරු වාර්තා වී ඇත.
කළුතර දකුණ පොලිස් වසමේ ගාල්ල – කොළඹ මාර්ගයේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක වේලාපුර විදුහල අසලදී ධාවනය වූ යතුරු පැදියක් ගැටී ඇත. අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් ඇත. මරණකාරිය වස්කඩුව ප්රදේශයේ පදිංචිකාරියක් වන බව සඳහන් වේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මාරවිල පොලිස් වසමේ නාත්තණ්ඩිය මාදම්පේ මාර්ගයේ කුඩා වැව හතරමං හන්දිය අසලදී නාත්තණ්ඩිය දෙස සිට හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු මහවැව ප්රදේශයේ පදිංචිකරුවෙකු වේ. අනතුරින් පසු මෝටර් රථ රියදුරු පළාගොස් ඇති අතර එම රියදුරු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබන බව වාර්තා වේ.
එමෙන්ම තිහගොඩ පොලිස් වසමේ මාතර – හක්මන මාර්ගයේ යටියන නගරයේ අපරැක්කට හැරෙන හංදියේ දී හක්මන සිට මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක පාපැදියක් ගැටී අනතුරක් සිදු වී ඇත. එම අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ තිහගොඩ ප්රදේශයේම පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.