අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කළ පසු රට තුළ මතුව ඇති ව්‍යවස්ථා අර්බුධය පිළිබඳ ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරීම රජයට ඇති වගකීම අමතක නොකළ යුතු බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසය.
එමෙන්ම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය හට දැනුම් දී ඇත.