රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය,” යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය.
“තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැදී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමයි,” යැයි පැවසූ ඇය, “ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි,” යනුවෙන්ද සිය නිවේදනයෙන් කියා සිටී.
(BBC ඇසුරෙණි)