කොළඹ නගරයේ තැන තැන දින තුනක් තිස්සේ ගොඩගැසී තිබූ කසල මෙට්ට්‍රික්ටොන් 1500 ක් පමණ අද සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වේ .
මුතුරාජවෙල කසළ අංගනයට කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල එක්රැස් වන කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා , 6 වැනිදා සහ අද (07) දිනයන්හි කසළ ඉවත් කිරීම සිදු නොවීය.
මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කසළ එක්රැස්වීම නිසා දැඩි සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබිණි.