topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Give2Lanka පදනමෙන්  නව වෙබ් අඩවියක්.

Give_2_Lanka

ප‍්‍රජා සත්කාර සඳහා අරමුදල් රැස්කිරීමේ දේශීය සංවිධානයක් වන Give2Lanka හි නව වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා සිදුවිය. දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන වලට සහය වීම සඳහා මෙම වෙබ් අඩවිය දියත් කර තිබේ.

Give2Lanka හි දායකත්වය ලබන ප‍්‍රමුඛතම වැඩසටහන වන Bright Children Scholarships ක‍්‍රියාවට නංවා ඇත්තේ Berendina සංවිධානය මගින් වන අතර තෝරාගත් සිසුන්ට අදියර දෙකක් යටතේ උසස් පෙළ සහ අභ්‍යන්තර උපාධි අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරයි. මේ සඳහා Give2Lanka මගින් Berendinaසංවිධානය වෙත මුදල් ප‍්‍රදානයක් සිදුකරන ලද ඉදිරි කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමද සිදුකරන ලදි.

එහිදී  Give2Lanka හි විධායක සභාපති දුලාන් ද සිල්වා  පවසා සිටියේ, ‘‘අධ්‍යාපනය යනු සමාජය සවිබලගන්වන ප‍්‍රධානතම සාධකයක් ලෙස අප දකිනවා. අද මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින්, අප හා සමාන අදහස් දරන ජනතාවට අප ඉටුකරමින් සිටින මෙහෙවර හඳුනාගෙන, අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා තමන්ට හැකි අයුරින් දායක වීමට අවස්ථාව හිමි වේවි.” යන්නයි.

සමෘද්ධි ප‍්‍රතිලාභ ලබන පවුල්වල දරුවන් හෝ ඒක පුද්ගල ආදායම රු. 5,000 ට අඩු පවුල්වල දරුවන්, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂයට B සාමාර්ථයක් සහිතව සම්මාන 6 ක් ලබාගෙන ඇත්නම්, මෙම ශිෂ්‍යත්ව සඳහා සලකා බලනු ලැබේ.

උසස් පෙළ අවසන් වූ පසුව මෙම සිසුන්ට වෘත්තීය උපදේශන සේවාවන් ලබාදීමටද කටයුතු යොදා ඇත. ඉහළ ප‍්‍රතිඵල ලබාගැනීමට අසමත් වන සිසුන්, Berendina සමග හවුල්කාරීත්වයන්ට එළඹී ඇති සමාගම් 300 කට අධික සංඛ්‍යාව අතරින් එකක් වෙත රැකියාවන් සඳහා යොමු කෙරේ. තවද වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්ට AAT පාඨමාලාව හෝ ඉහළ ඉල්ලුමක් සහිත ක්ෂේත‍්‍ර වල ඩිප්ලෝමාවක් හැදෑරීම සඳහා රු. 50,000 ක් දක්වා මුදල් ප‍්‍රදානයන්ද සිදුකෙරෙනු ඇත.

2015 වසරේ ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා Bright Children Scholarship මගින් සිසුන් 2,500 කට පමණ සෙත සැලසී ඇති අතර ඉදිරියේදී වසරකට 5,000 ක් දක්වා මෙම සංඛ්‍යාව පුළුල් කිරීම එහි කළමනාකාරීත්වයේ අපේක්ෂාව වී ඇත. ශ‍්‍රී ලංකා තානාපති සේවයේ ප‍්‍රවීණයෙකු වන ආචාර්ය ජයන්ත ධනපාල, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නෙදර්ලන්තයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය හිරාන් ඩයස්, ව්‍යාපාරික ලෝකයේ ප‍්‍රමුඛයෙකු වන හේමක අමරසූරිය  සහ CEPA හි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරිනී ප‍්‍රියන්ති ප‍්‍රනාන්දු  මෙන්ම මෙරට තවත් විශාල පිරිසක් මෙම වැඩසටහනට සහය දැක්වීමට ඉදිරිපත් වී සිටිති.

Bright Children Scholarship සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු  www.give2lanka.org සහ www.jobsberendina.com යන වෙබ් අඩවිවලට පිවිසී ලබාගත හැකිය.

 

Leave A Reply

Your email address will not be published.