topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපි අහනකොට කියනවා, නෑ නෑ අපි ටිකක් හෙමින් කරන්න ඕන. නැත්නං මහින්ද ආපහු බලයට එයි කියල”

I
අපි අහනකොට කියනවා, නෑ නෑ අපි ටිකක් හෙමින් කරන්න ඕන. නැත්නං මහින්ද ආපහු බලයට එයි කියල”

මහින්ද රාජපක්‍ෂ නැවතත් බලයට පැමිණිය හැකි බවට පවතින බිය නිසා යහපාලන රජය උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සැබෑ උත්සාහයක් නොගන්නා බව උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

“තවමත් ආණ්ඩුව බයේ ඉන්නවා දෙමළ මිනිස්සුන්ට මොනවා හරි හොඳක් කෙරුවොත් මහින්ද රාජපක්ෂ ආපහු එයි කියල. ඔහොම කරගෙන යනකොට දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට කවදාවත් විසඳුමක් හොයන්න බැරිව යනවා. ඒ ගොල්ලන් අපිත් එක්ක කතා කරනකොට හොඳින් කතා කරනවා. මෙහෙම තමයි කරන්න ඕන කියල හැමදේම පිළිඅරගෙන ඔව් ඔව් කියනවා. ඊට පස්සේ කරන්නේ නැත්තේ ඇයි කියල අපි අහනකොට කියනවා, නෑ නෑ අපි ටිකක් හෙමින් කරන්න ඕන. නැත්නං මහින්ද ආපහු බලයට එයි කියල.” යනුවෙන් විග්නේශ්වරන් මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය කළේ මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ලන්ඩන් නුවර බීබීසී සිංහල සේවය සමඟ දුරකථන සංවාදයකට එක්වූ අවස්ථාවේදී ය.

මනුෂ්‍යත්වය

“යුද්ධය නිසා වැන්දඹුවන් වූ තරුණ කාන්තාවන් 89000ක් උතුරේ ඉන්නවා”

මල්වතු පාර්ශවයේ මහ නායක හිමියන් කිසිදු දේශපාලන අරමුණකින් තොරව උතුරේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව මනුෂ්‍යත්වය පෙරදැරිව කතා කළ බව උතුරේ මහ ඇමතිවරයා මෙහිදී පැවසීය.

“දේශපාලනය කතා කරන්න උන් වහන්සේ කැමති නැහැ. උන් වහන්සේ කතා කළ හැම දෙයකම තිබුනේ මනුෂ්‍යත්වය. හරිම හොඳින් අපිත් එක්ක කතා කළා. හැම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ම එහෙම විය යුතුයි කියල තමයි මට හිතෙන්නේ.” යැයි ඔහු කියා සිටියේය.

“යුද්ධය නිසා වැන්දඹුවන් වූ තරුණ කාන්තාවන් 89000ක් උතුරේ ඉන්නවා. ඒ ය වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන කියල උන්වහන්සේ කිව්වා. ඒ ගැන ‘අපේ මිනිස්සුන්ටත් මම කිව්වා, ඒත් කිසි සැලකිල්ලක් නැහැනේ’ කියලත් උන් වහන්සේ කිව්වා.” යනුවෙන් මහ ඇමතිවරයා තවදුරටත් පැවසීය.

සිරගෙදරට

මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව පල්ලෙකැලේ සිරගෙදරට යාමට හේතුව?
මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව පල්ලෙකැලේ සිරගෙදරට යාමට හේතුව?

මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව පල්ලෙකැලේ සිරගෙදරට යාමට හේතු වූ කර පිළිබඳව පැහැදිලි කර ඇති මහ ඇමතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, එක් පාපොච්චාරණයක් මත පමණක් වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකුම එම සිරගෙදර සිටින බවය.

ජාතිවාදය

තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා උතුරේ ජනතාව අතර ජාතිවාදය අවුස්සන බවට උතුරේ මහ ඇමතිවරයාට පවතින චෝදනා පිළිබඳව මෙහිදී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“අපේ මිනිස්සුන්ට දුන්න පොරොන්දු ඉටු කළේ නැති වුනාම අපි ඒවා දිනා ගන්න උත්සාහ කළා මිසක් මම ජාතිවාදය ඇවිස්සුවේ නැහැ. දකුණේ දේශපාලකයෝ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය අවුස්සන්නේ. එක පක්ෂයක් හොඳ දෙයක් කරන්න හදනකොට අනිත් පක්ෂය කෑ ගහනවා. චන්ද්‍රිකා නෝනා හොඳ දෙයක් කරන්න ගියාම රනිල්ලා පාර්ලිමේන්තුව ඇතුළට ඒ කොලටික ගෙනැල්ල පිච්චුවා. අද ඒකෙ අනික් පතට. උතුරේ අපිටයි ප්‍රශ්න තියෙන්නේ. දකුණේ අයයි එහෙම කරන්නේ.” යැයි කියා සිටියි.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ෆෙඩරල් ක්‍රමයට බලය බෙදා හැරීම මගින් රට නොබෙදෙන බව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවකින් ද තහවුරු වී ඇතැයි ඔහු කියා සිටියේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.