ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් ඊයේ ලිඛිත ඉල්ලීමක් කර ඇත. ඕනෑම රටක ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට දායකත්වය ලබාදීම ඇමරිකාවේ පුරවැසියන්ට යෝග්‍ය නොවන්නක් බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකයෙකුගේ නමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.
එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයටද ෆැක්ස් කර ඇතැයි වාර්තා වේ.
අදාල ලිපිය පහතින්,