පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වන දා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් මේවන විට නිකුත්කර ඇත.
යම් ලෙසකින් පළමු ශ්‍රේණියට සිය දරුවා ඇතුළත් කිරීම සඳහා පාසලක් නොලැබුණ හොත් ඒ පිළිබඳව පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමු වී දැනුවත් කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අභියාචනා විභාගය මේ වන විට අවසන් කර ඇත.