Group selfie සම්ප්රදාය තවදුරටත් ප්රචලිත කිරීම සඳහා Selfie Expert F3 නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert දුරකථන පෙළේ මෑතකදී දියත් කළ F3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ.
සෙල්ෆී ඡායාරූප සඳහා F3 කැමරාවක් සහ සමූහ සෙල්ෆී හෙවත් Group selfie සඳහා පුළුල් කෝණ කැමරාවක් වශයෙන් ඉදිරිපස කැමරා දෙකක් මෙම නව දුරකථනයේ අඩංගු ය. ශ්රී ලංකාව තුළ මෙය අලෙවි කිරීම එළඹෙන මැයි 13 වනදා ආරම්භ වේ.
“OPPO යනු කවදත් පාරිභෝගිකයන් මූලිකත්වයෙහි ලා සැලකු සමාගමක්. ඔවුන්ට ඉහළම තලයේ නිෂ්පාදන හා සේවාවන් සැපයීම සඳහා අප ගන්නා උත්සාහය සාර්ථක වී ඇති බව ඔවුන්ගෙන් අප වෙත ලැබෙන උණුසුම් ප්රතිචාරවලින් පැහැදිලියි . විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා සදාතන මතකයන් බවට පත්කිරීම සඳහා OPPO දුරකථනවල ඇති සුවිශේෂී කැමරාවලින් ලැබෙන දායකත්වය ගැන ඔවුන් බෙහෙවින් පැහැදී සිටින බව කියන්නට පුළුවන්. නව Selfie Expert F3 දුරකථනයත් සමග OPPO නාමය රට තුළ තවත් ජනප්රිය වනු ඇති බවට සැකයක් නැහැ.” OPPO Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී ටොම් සූ (Tom Zou)මහතා පැවසී ය.