ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු දිනය ශ්රී ලංකා කණ්ඩායමට ඉතා වෙහෙසකර දිනයක් වූවාට සැක නැත. ඒ දිනයේ යවන පන්දුවාර 90 අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 399 තෙක් කැරකීම නිසාය.
කාසියේ වාසිය දිනා කිසිදු පැකිලීමකින් තොරව පන්දුවට පහරදීම තෝරාගත් නායක කෝලි ආරම්භක පිතිකරුවන් ලෙස ෂිකර් දවාන් හා අභිනව් මුකන්ඩ් පිටියට එවීය . අභිනව් ලකුණු 12 කින් නතර කරන්නට නුවන් ප්රදීප් සහ දික්වැල්ල සමත් වුවද අංක 3 ලෙස පිටියට පැමිණි චෙස්ටවර් පුජාරා සමග එක්වූ දවාන් දැවැන්ත ලකුණු ප්රමාණයක් කරා ඉන්දීය පිළ රැගෙන ගියේ එක්දින තරගයක ප්රහරයක් එල්ල කරමින්.
අන්තය වෙනස් කරමින් නුවන් ප්රදීප් යළි පන්දු යැවීමට කැඳවා කඩුලු අහේනිය යන්තමින් සංසිදවා ගත් ශ්රී ලංකා පිළ වෙනුවෙන් දිනයේ ලබාගත් කඩුලු 3 ටම නුවන් ප්රදීප් වගකීවේය . ප්රදීප් එම ගාලු කොටු පවුර අන්තයෙන් පන්දු යැවීම අරබා ෂිකර් දවාන්ගේ අධිවේගී ඉනිම නතර කරන විට ඔහු පන්දු 168 කට පමණක් මුහුණ දී ලකුණු 190 ක් ලබා සිටියේ ප්රහාරාත්මක වේගය 113.6 ට ලෙස රඳවා ගනිමිනි .
ඔහුගෙන් පසු පිටියට පිවිසි නායක කෝලි පන්දු 8 ක් පමණක් ක්රීඩා කොට යළි ක්රීඩාගාරය වෙත හැරී ගියේ නුවන් ප්රදීප් යළිත් ක්රියාත්මක වීමත් සමඟය. ඔහු ලබාගත්තේ ලකුණු 3 ක් පමණි.
කෙසේ වෙතත් ෂිකර් දවාන් ලකුණු 31 දී ස්ලිප් හි පන්දු රැකි අසේල ගුණරත්න අතට ලබාදුන් පන්දුව රැකගත්තා නම් තත්වය මීට බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණු අතර පන්දුව වැඳීමෙන් ආබාධ වූ අසේල රෝහල් ගත වීම ද ශ්රී ලංකාවට දැවැන්ත පාඩුවක් විය. අසේල යනු ඉතාම සටන්කාමී ක්රීඩකයෙක් මෙන්ම තුන් ඉරියව්වම සාර්ථක ක්රීඩකයෙකි.
දිනය අවසන් වන විට සිය 12 වන ශතකය සම්පූර්ණ කර සිටි පුජාරා නොදැවී ලකුණු 39 ලබා අනිත් අන්තය රැකගෙන සිටී.
සාරාංශය :
ඉන්දියාව 299/3
ෂිකර් දවාන් 190 / චෙස්ටර් පුජාරා 144
නුවන් ප්රදීප් 18-01-643
ගිලීමලේ සුමින්ද චම්පික විසිනි.