topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හොරු කණ්ඩායම් දෙකම එකට තබා මැතිවරණයේදී පරාජයට පත්කළ යුතුයි – ජවිපෙ විජිත හේරත් කියයි.

JVP_Vijitha_Herath

හොරු කණ්ඩායම් දෙකම එකට තබා මැතිවරණයේදී පරාජයට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටී. ඔහු මෙම අදහස් පළකළේ ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත  ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

පසුගිය 23වැනිදා පාර්ලිමේන්තුවට බැඳුම්කර වාර්තාව හා බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් කළා. ඇයි මෙම වාර්තා දෙක පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටියා. ඒ වගේම විපක්‍ෂයේ අනෙකුත් කණ්ඩායම් මෙම විවාදයන් ඉල්ලා සිටියා. 22 වැනිදා පැවති කණ්ඩායම් නායක රැස්වීමේදී මෙම විවාදය පෙබරවාරි 10වැනිදාට පෙර අවශ්‍ය බව අපි අවධාරණය කර සිටියා. නමුත් ලක්‍ෂ්මන් කිරිඇල්ල එය ප්‍රතික්ෂේප  කළා. නැවත 24වැනිදා පැවති පක්‍ෂ නායක රැස්වීමේදී වාර්තා දෙක ගැනම නැවතත් විවාදය අවශ්‍ය බව ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව මෙම විවාදය පෙබරවාරි 10ට පෙර විවාද කිරීමට ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවේදී මහින්ද සමරසිංහත් නිමල් සිරිපාල ද සිල්වාත් එම රැස්වීමේදී ඉන්න අවසථාවේ තමයි ලක්‍ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුව ලෙස එම විවාදය 10වැනිදාට පෙර පැවැත්වීම ප්‍රතික්ෂේපකළේ. එසේ තිබියදී ජනාධිපතිවරයා අභියෝගයක් කළා බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් 10වැනිදාට පෙර තියන්න කියලා. ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ චෞර කණ්ඩායමේ හොරකම හෙළිකරන්න  ඕන කියලයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය පදනම් කරගෙන අපි නැවතත් කථානායකවරයාට ලිපියක් මගින් ඉල්ලා සිටියා, එම විවාදය පිළිබඳව පක්‍ෂ නායක රැස්වීමක් කැඳවන්න කියලා.

පසුව විවාදය සඳහා 8 සහ 9 දින ලබාදෙන බව ආණ්ඩුව කියා තිබෙනවා. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා එම දින දෙකේදී විවාදය පැවැත්වුවහොත් මැතිවරණය කල්දැමීමට සිදුවන බව පවසා තිබෙනවා. එම දින දෙක ඇතුළත විවාදයේ කරුණු මාධ්‍යවල පළවීමෙන් මැතිවරණයට බලපෑමක් එල්ල වියහැකි බවයි ඔහු කියා තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි විපක්‍ෂය ලෙස ඉල්ලා සිටින්නේ පෙබ. 07ට පෙර මෙම විවාදය පවත්වන්න කියලයි. ජනාධිපතිවරයාගේ චණ්ඩි කථාවලින් අපිට වැඩක් නැහැ. ඔහුට තිබෙන විධායක බලතල පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණු වෙලාවේදී ජනාධිපතිවරයා විදේශගත වෙලා සිටියදී ඔහු පාර්ලිමේන්තුව කැඳෙව්වා. එනිසා අභියෝග නොකර පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා. විවාදය අවශ්‍ය වෙන්නේ මැතිවරණයට පෙරයි. මේ වාර්තාවල තියෙන කරුණු ජනතාව දැනගත යුතුයි. 8-9 විවාද කළාට ඒ කරුණු ජනතාව අතරට යන්න සාධාරණ කාලයක් නැහැ. විවාදය ඉල්ලපු පළියට දෙන නිසා 8-9 දීලා වැඩක් නැහැ. මේ පිළිබඳව හරවත් විවාදයක් පවත්වන්නත් එම කරුණු ජනතාව දැනගන්නත් 7වැනිදාට කලින් විවාදය  ඕනෑ.

බැඳුම්කර කොමිසම පිළිබඳ වාර්තාවේ පිටු ගණන 946යි. ඇමුණුම් පිටු ගණන 206යි. මුලූ පිටු ගණන 1152යි. ජනාධිපතිවරයා ඔහුගේ විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේ වාර්තාවේ පිටු 1257ක් තිබෙන බවයි. ජනාධිපතිවරයා රටට කියපු එකයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවයි අතර පිටු 100කට වඩා වෙනසක් තියෙනවා. අපි මේ පිළිබඳව කණ්ඩායම් නායක රැස්වීමේ ප‍්‍රශ්න කළා. කතානායකවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ, නීතිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ පැහැදිලි කිරීම් අනුව වාර්තාවේ පිටු ගණනේ වෙනසක් නැහැ කියලා. ඒ නිසා අපි යෝජනා කළා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාගන්න ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා. නමුත් ජනාධිපතිවරයා පක්‍ෂ නායකයින්ට ආරාධනය කර තිබුණා මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන්න. නමුත් සාකච්ඡා කර කර ඉන්න දෙයක් නැහැ. වාර්තාවේ පිටු පිළිබඳව ප‍්‍රශ්නයක් තිබෙනවා නම් එය ජනාධිපතිවරයා රටට, ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතුයි. වැරැද්දක් තිබෙනවා නම් නිවැරදි කළ යුතුයි. වාර්තාවේ පිටු නීතිමය කටයුතු සඳහා වෙන්කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳව ජනතාව දැනගත යුතුව තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර වාර්තාව වගේම වැදගත් වාර්තාවක් පසුගියදා ජනාධිපතිවරයාට බාරදීලා තිබෙනවා. ඒ, බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවයි. එහි ප‍්‍රධාන සිද්ධි 34ක විමර්ශන වාර්තා තිබෙනවා. එම වාර්තාවල බොහොමයක් 2016දී පරීක්‍ෂණ අවසන්් කොට බාර තිබෙන ඒවායි. ඒ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් කරන්න. මොකද, මහ බැංකු බැඳුම්කර වාර්තාවත් බරපතල මූළ්‍ය අපාරාධ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවත් ප‍්‍රමාණයෙන්, බරින්, හොරකමින් සමානයි. මේ දෙගොල්ලම හොරු. පරීක්‍ෂණ වගේම කඩිනම් විවාදයක් පැවැත්විය යුතුයි. එම වාර්තා 34 බැඳුම්කර වාර්තාවෙන් වහන්න පුළුවන්කමක් නැහැ. එම ජනාධිපති කොමිෂන් වාර්තා පමණක් නොව ත්‍ක්‍ෂෘයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිසමෙන් කළ පරීක්‍ෂණ විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ පිළිබඳවත් පරීක්‍ෂණ කටයුතු අවසන් කළ යුතුව තිබෙනවා. නමුත් මේ වෙනකොට පරීක්‍ෂණ ඇන හිට තිබෙනවා.

බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සිද්ධිවලට අදාළ පුද්ගලයින් අද නියෝජනය කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයයි. එවකට ධීවර ඇමති රාජිත සේනාරත්න පිළිබඳවත් පරීක්‍ෂණ වාර්තාවක් තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට බාර දුන්නේ 2015 ඔක්තෝබර් මාසයේයි. මහියංගනය ඉඩම් පිළිබඳව අනුර විදානගමගේට එරෙහි විමර්ශන වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නේ 2016 අපේ‍්‍රල්. ඔහු අද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ මහියංගනය සංවිධායකවරයායි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයේදී මාධ්‍ය ප‍්‍රචාරණ කටයුතු අයථා විදිහට ලබාගත් ආකාරය පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට බාරදී තිබෙන්නේ 2016 අපේ‍්‍රල් 28වැනිදා. හලාවත කුරුණෑගල වැවිලි සමාගම් පිළිබඳව විමර්ශන වාර්තාව 2016 අගෝස්තු 121වැනිදා බාරදී තිබෙනවා. එයට වගකිව යුතු ජගත් පුෂ්පකුමාර අද ඉන්නේ ජනාධිපතිවරයා සමඟයි. රක්නා ලංකා පිළිබඳ වාර්තාව 2016 සැප්තැම්බර් මස 01වැනිදා ලබාදී තිබෙනවා. එස්.එම්. රංජිත් හිටපු මහඇමතිවරයා පිළිබඳව විමර්ශන වාර්තාව 2006 ඔක්තෝබර් 27වැනිදා. ලූණුවිල පොල් පර්යේෂණ ආයතනය පිළිබඳව වාර්තාවක් 2016දී ලබාදී තිබෙනවා. ශී‍්‍ර ලංකා එයාලයින් කේටරින් ස්ර්විස් පිළිබඳව වාර්තාව 2017 ඔක්තෝබර් මාසයේ ලබාදී තිබෙනවා. එවකට ඇමතිවරයා පි‍්‍රයංකර ජයරත්න. අද ජනාධිපතිවරයා ශී‍්‍ර ලන්කන් එයාලයින් වංචාව පිළිබඳව අලූත් කොමිෂන් පත්්කරන්න කතා කරන්නේ දැනටමත් කරුණු අනාවරණය වී තිබියදීයි. ගමනාගමන කොමිෂන් එක පිළිබඳව වාර්තාව 2017 ජනවාරි මස ලබාදී තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ වංචා දූෂණ පිළිබඳ වාර්තාව 2017 ජූනි මස ලබාදී තිබෙනවා. හම්බන්තොට කරදිය මංගල්‍යය පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට ලබාදී තිබෙන්නේ 2016 මස 15වැනිදායි.

ධීවර සංස්ථාවේ පාඩුව කෝටි 09කට ආසන්නයි. අයි.ටී.එන්. ආයතනයට සිදුවී ඇති පාඩුව කෝටි 23.5යි. හලාවත වැවිලි සමාගමට සිදුවී ඇති පාඩුව රක්නා ලංකා ආයතනයේ සේවකයින් ජනාධිපතිවරණයට යොදවා ගැනීම නිසා සිදුවී ඇති පාඩුව ලක්‍ෂ 70යි. ශී‍්‍ර ලංකා කේටරින් සහ ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ සිදුවී ඇති පාඩුව කෝටි 03යි. ජාතික රූපවාහිනියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති ප‍්‍රචාරණ කටයුතු නිසා සිදුවී ඇති පාඩුව කෝටි 37.5යි. ජාතික තරුණ සේවා සභාවේ අයථා ගනුදෙනුවලින් කෝටි 2කට ආසන්න ප‍්‍රමාණයක් පාඩුවී තිබෙනවා. මෙම අයථා ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයින් මෛතී‍්‍ර කණ්ඩායමෙත් ඉන්නවා. අම්පාර දැයට කිරුළ ප‍්‍රදර්ශනය වෙනුවෙන් වැසිකිලි ඉදිකිරීම් සඳහා වෙන්කළ මුදලින් හොරකම් කරපු ඉන්දික නලින් ජයවික‍්‍රම අද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ චෝදනා ලැබූවන් අතර විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, පියසිරි විජේනායක, පි‍්‍රයංකර ජයරත්න, පද්ම උදය ශාන්ත වැනි අයගේ නම් තිබෙනවා. ඇතැම් අය මෛතී‍්‍ර සමඟත් අද ඉන්නවා.

බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාව සිටියදී ඔහුට ලබාදී තිබූ නිල රථ 3ට අමතරව ආරක්‍ෂක රථ 11ක් භාවිත කොට තිබෙනවා. මුළු වාහන ප‍්‍රමාණය 14යි. නිල ප‍්‍රභු ආරක්‍ෂකයින් 07ට අමතරව නාවික හමුදාවේ 64ක්, යුද හමුදාවේ 84ක්, ආරක්‍ෂාව සඳහා යොදාගෙන තිබෙනවා. පහුගිය කාලයේ හෙළිදරව් වුණා, නාවික හමුදා නිලධාරිනියක් යොදාගෙන තිබුණේ බැසිල්ගේ බිරිඳගේ සාරි කටුව ගහන්නයි. එනිසා මෙම දූෂණ පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකරන්න  ඕනෑ. ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇමිණුම් වීල් බැරෝ එකක දාගෙන එන්න වෙනවා කියලා කතානායකවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ තරම් ප‍්‍රමාණයක් ලියකියවිලි තිබෙනවා. ඒ නිසා මේ හොරකම්වල අඩුවක් නැහැ.

මේ කොමිෂන් වාර්තා දෙකම පිළිබඳව පරීක්‍ෂණ කඩිනම් කළ යුතුයි. උනුත් හොරු, මුනුත් හොරු කියලා අපි එදා කියපු කතාව හරියටම හරි. ඒ නිසා මේ වාර්තා දෙක පිළිබඳවම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි. මෙම වාර්තා දෙක පිළිබඳවම කරුණු සම්පූර්ණයෙන්ම හෙළිකරන්න පුළුවන් වෙන්නේ එවැනි විවාදයකදී පමණයි. ජනාධිපතිවරයා එළියේ කරන කතා පැත්තක තියලා කඩුව වනන්න කියලා අපි  කියනවා. මෛතී‍්‍ර සහ මහින්ද පාර්ශ්වයෙන් එකතු වුණා නම් මේ වාර්තාව එළියට එන්නේ නැහැ. වාර්තා ජනාධිපතිවරයාට ලබාදී මෙපමණ කාලයක් තීන්දු තීරණ ගත්තේ නැත්තේ එම කණ්ඩායම් දෙක එකතු වෙයි කියලා බලාගෙනයි. ජනාධිපතිවරයා මෙයට කලින් කියපු විදිහට හොරුන්ට මඩු වලිගෙන් ගැහුවෙත් නැහැ. අද  කඩුවෙන් කොටන්නෙත් නැහැ.

මේ අතර ජනාධිපතිවරයා පසුගියදා රැස්වීමකදී කියා තිබෙනවා, විපක්‍ෂයේ ඉන්න 52ක් සහයෝගය දෙනවා නම් ශී‍්‍රලනිප ආණ්ඩුවක් හදනවා  කියලා. කැරම් බෝඞ් හොරු, සතොස කාපු  හොරු, හම්බන්තොට දියවර මංගල්‍යයෙන් හොරා කාපු අය, ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනියට පාඩු කරපු හොරු, එක්ක ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයා කතා කරනවා. එක පැත්තකින් කම්බ හොරු කියලා වේදිකාවේ කෑගහන ගමන් අනෙක් පැත්තෙන් ඒ හොරුන් එක්ක ආණ්ඩු හදන්න කතා කරනවා. දඬුවම් කරන්න  ඕන අයට ආණ්ඩු හදන්න ආරාධනා කරනවා. අදත් ජනාධිපතිවරයා ආණ්ඩුව කරන්නෙ හොරුත් එක්ක. අලුතෙන් හදන ආණ්ඩුව කරන්න හදන්නෙත් හොරුත් එක්ක. ඒ නිසා මේ ජනාධිපතිවරයා චණ්ඩි පාට් මැතිවරණ වේදිකාවේ විතරයි. හොරු එකතු වෙලා ආණ්ඩු කරන මෙම කි‍්‍රයාවලිය වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මෙම හොරු කණ්ඩායම් දෙකම එකට තියලා මේ මැතිවරණයේදී පරාජයට පත්කළ යුතුව තිබෙනවා. එය කිරීමේ වගකීම තිබෙන්නේ මේ රටේ ජනතාවටයි යැයි පැවසීය.

එහිදී  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

එෆ්.සී.අයි.ඞී.ය, අල්ලස් හෝ දූෂණ විමර්ශන  කොමිසමෙන් කරපු විමර්ශන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජිත සේනාරත්න, ෆවුසිට, ඩිලාන් පෙරේරාට, පි‍්‍රයංකර ජයරත්නට එරෙහිව චෝදනා සහිත ලිපිගොනු සකස් කළා. මුලින්ම සකස් කළේ ෆවුසි ඇමතිවරයාට එරෙහි ලිපි ගොනුවයි. ඒ අනුව ඔහුට එරෙහිව නඩුවක් ගොනු කළා. නඩුව ගොනු කළාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දිල්රුක්‍ෂි ඩයස්ට ගෙදර යන්න සිද්ධ වුණා. ජනාධිපතිවරයාගේ කඩුව එල්ලවුණේ හොරුන්ට එරෙහිව නොව හරියට වැඩ කරපු රාජ්‍ය නිලධාරිනියටයි. හොරු තවම ආණ්ඩුවේ ඉන්නව. රාජ්‍ය නිලධාරිනියට ගෙදර යන්න වුණා. එනිසා මෙම පරීක්‍ෂණ යට ගහන්න උත්සාහයක් තිබෙනවා. නමුත් අපි කියන්නේ වහාම ඒවා පිළිබඳ අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්න කියලා.

අල්ලස් හෝ දූෂණ පනතට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට චෝදනාවක් එල්ල වුණොත් එම චෝදනාවලට ඔහු වැරදිකරුවෙක් වුවහොත් නීතියෙන් ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරන්න ප‍්‍රතිපාදන තිබෙනවා.

හිටපු නීතිපතිවරයෙක් කියා තිබෙනවා, බැඳුම්කර කොමිෂන් වාර්තාවට අනුව නීති කි‍්‍රයාමාර්ග ගන්න වසරකට වැඩි කාලයක් යනවා කියලා. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කෝප් වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවේ ඒකට අනුව කි‍්‍රයාමාර්ග ගන්න කියලා කිව්වේ. බැඳුම්කර වංචාවට එරෙහි කෝප් වාර්තාව 2016 ඔක්තෝබර් 28 ඉදිරිපත් කළා. ආණ්ඩුව කිව්වා එම වාර්තාව නීතිපතිවරයාට යවලා නඩු දානවා කියලා. දැන් මාස 16ක් ගතවෙලා තිබෙනවා. හිටපු නීතිපතිවරයා කියනවා නම් නීතිමය කටයුතුවලට අවුරුද්දක් ගතවෙනවා කියලා ආණ්ඩුවට  ඕනෑතරම් කාලයක් තිබුණා. ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව නඩු දාන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවෙනවා නම් මේ ආණ්ඩුවේ කාලය තුළ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැති බව ස්ථිරයි. නීතිමය කටයුතු සිදුකරන්නේ මාස දෙකෙන්ද අවුරුදු කිහිපයකින්ද කියලා තීරණය කළ යුත්තේ ආණඩුවයි. මොකද මේ ආණ්ඩුවම බලයට පත්වෙනකොට කිව්වා, හොරුන්ට දඬුවම් දෙන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. දිගින් දිගටම නඩු අහන්න අධිකරණ පිහිටුවනවා කිව්වා. ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක්. ආණ්ඩුවටත් සාමාන්‍ය ක‍්‍රමය යටතේ නඩු අහන්න ගියොත් තමයි අවුරුදු ගණන් ගත වෙන්නේ.

19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවක ඇමති මණ්ඩලය සීමාකොට තිබෙනවා. ජාතික ආණ්ඩුවකදී තමයි ඇමතිවරු ප‍්‍රමාණය වැඩිකරගන්න පුළුවන්කම තිබෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂය සහ සන්ධාන ගිවිසුම අනුව ජාතික ආණ්ඩුවේ කාලය වසර 2කට සීමා වෙනවා. දැන් ගිවිසුමේ කාලය අවසන්. වහාම ඇමති මණ්ඩලය අඩුවිය යුතුයි. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා. ජාතික ආණ්ඩුව හැදෙන වෙලාවේදී අපි මෙම ඇමති මණ්ඩලය වැඩිවීම පිළිබඳව දිගින් දිගටම විරෝධය පළ කළා. එදත් එම සාකච්ඡුාව මතු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ වෙලාවේත් පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ප‍්‍රශ්න කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ව්‍යවස්ථාව පටහැනිව ඇමතිකම් දරමින් ජනතා මුදල් අයථා ලෙස භාවිතා කරනවා. ඒ පිළිබඳවත් විමර්ශනය කරන්න කොමිසමක් පත්කරන්න සිදුවේවි.

ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු වැඩිවෙන ප‍්‍රමාණයට අනුව ඔවුන්ට වැටුප් දෙන්න ආණ්ඩුව 2018 අයවැයෙන් මුදල් වෙන් කරලා නැහැ. දැන් පරිපූරක දාලා මුදල් වෙන්කරගන්න හදනවා. ඒකෙන්ම තේරෙනවා මේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ කියලා. මහ ලොකු ආර්ථික සැලැස්මවල් ගැන කතා කළාට මේ වගේ දේවල් සැලසුම් කරගන්න ආණ්ඩුවට බැහැ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.