පොලිස්පති පුජිත් ජයසුන්දර අද(14) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ. ඒ ප්රභූ ඝාතන සැලැස්මක් පිළිබඳව සිදු වු දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ වලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඩ ඇත්දැයි සොයා බැලීම සහාය.
අද දිනයේ උදෑසන 9.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව අද දිනයේ නියමිත වේලාවට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පතිවරයා පවසා තිබේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දීමක් සිදු කර ඇත්තේ ප්රථම වතාවට බව සඳහන්ය.