topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ ඝාතනය- බන්ධනාගාර කොමසාරිස් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට.

Studio_20180112_162509

 

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27දෙනෙකු  ඝාතනය වීම සම්බන්ධයෙන් වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවගේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන නිලධාරීන්ගෙන් පසුගිය සතියේදී සටහන් ලබාගෙන තිබෙන අතර නුදුරේදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

2012 නොවැම්බර් 9 වැනිදා දහවල් ආරම්භව 10 වැනිදා උදෑසන අවසන් වූ වැලිකඩ බන්ධනාගාර සිදුවීම සොයා බැලීම සඳහා එවක පැවැති ආණ්ඩු සමයේ එක් ත්‍රිපුද්ගල කමිටුවක්ද, වර්තමාන පාලනය ආරම්භ වූ 2015  වසර ආරම්භයේදී තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරන ලදී. පළමු කමිටුවේ වාර්තාව මෙතෙක් හෙළි නොකෙරුණු අතර දෙවැනි කමිටුවේ සාක්ෂි මෙහෙයවීමෙන් පසුව අවසන් වාර්තාව 2015 ජුනි 9 වැනිදා අගමැතිවරයාට සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂට එම කමිටුවේ සාමාජිකයන් විසින් බාර දෙන ලදී. එම කමිටුව හමුවේ සාක්ෂි ලබා දී ඇති සිද්ධිය ඇසින් දුටු බන්ධනාගාර නිලධාරීන් සහ අනෙකුත් සාක්ෂිකරුවන්ට අනුව එවකට මැගසින් බන්ධනාගාර අධිකාරීව සිටි එමිල් රංජන් ලමාහේවගේ විසින් ගිනි අවි හතරක් ඝාතනය කෙරෙණු සිරකරුවන් අසලට දැමූ බවටත්, තවත් රිමාන්ඩ් සිරකරුවෙකු 10 වැනිදා උදෑසන 6ට පමණ තෝරගෙන ගොස් ඝාතනය කිරීමට කටයුතු කළ බවටත් සාක්ෂි ලබාදී තිබේ.

9 වැනිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවකදී කහ පැහැති ටී ෂර්ටයක් සහ නිල් පැහැති කොට කලිසමක් හැඳ, නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශ සමඟ බන්ධනාගාරය වෙත පැමිණ සිරකරුවන් තෝරගෙන ඝාතනය කිරීමට කටයුතු කළ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පිළිබඳවද සාක්ෂිකරුවන් විශාල පප්‍රමාණයක් සාක්ෂි ලබාදී තිබේ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද නැවත පරීක්ෂණ ආරම්භ කළ අතර දැනට දෙදහසකට ආසන්න පිරිසකගෙන් සටහන් ලබාගෙන ඇති බව වාර්තා වේ.ඒ අනුව මෙම නිලධාරීන් දෙදෙනා පළමුව අත්අඩංගුවට ගනු ඇති බවත්, ඉන්පසුව මෙම සිදුවීම් සඳහා අණදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවගේ පැවසුවේ තමන් එම සිදුවීමට වගකිවයුතු නොමැති බවත්, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගොස් කටඋත්තර ලබාදුන් බවත් ය. ‘මේ වැලිකඩ කතාව තනිකර බොරුවක්.  ආයතනයේ ප්‍රධානියා සහ නිළධාරීන් මේකට වගකියන්න ඕන. මං අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට  ගියා. මං විතරක් නෙවෙයි තව 2500කට වඩා ගෙන්නවලා ප්‍රශ්න කළා. පහුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගියාද නැද්ද කියන එකට උත්තර දෙන්න මට අයිතියක් නැහැ’යැයි වැඩිදුරටත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

Reasa

Leave A Reply

Your email address will not be published.