topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය ද? බැසිල් ද? චමල් ද? – ඇමති නවීන් විමසයි.

Minister_Navin_22

“අපිට ජනාධිපති මැතිවරණට හොඳ අපේක්ෂකයෝ ඉන්න බවත් ඒක පවුලකට සීමා වී නැති බවත් දැන් ඒ අය විහිළුවක් වී ඇති බවත් sහෝදරයෝ තුන් දෙනා අතර තරගයක් ඇති වෙලා අපේක්ෂකයා වෙන්නේ කවුද කියා බවත් ගෝඨාභය ද? බැසිල් ද? චමල් ද? ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්නේ විය යුතු  බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා  මෙසේ පැවසුයේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ගම්පෙරළියෙන් පොහොසත් රටක් සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“ අපිට ජනාධිපති මැතිවරණට හොඳ අපේක්ෂකයෝ ඉන්නවා. ඒක පවුලකට සීමා වෙලා නෑ. දැන් විහිළුවක් වෙලා ඒ අය. සහෝදරයෝ තුන් දෙනා අතර තරගයක් ඇති වෙලා අපේක්ෂකයා වෙන්නේ කවුද කියලා. ගෝඨාභය ද? බැසිල් ද? චමල් ද? ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්නේ වෙන්න ඕනේ. ළඟදී බැසිල් කියනවා කොහොමත් මගේ පුරවැසිකම අයින් කරන්නේ නෑ කියලා. එයාට එයාගේ පුරවැසිකම වැදගත්. ගෝඨාභය ගැන විශාල මතයක් තිබ්බත් ඒත් පුරුවැසිකම පිළිබඳ ප්‍රශ්නය එයාටත් තියෙනවා. එයත් කියන්නේ නෑ පුරවැසිකම අයින් කළාද? නැද්ද? කියලා. මම මේ සහෝදරයින් දෙන්නටම අභියෝග කරනවා කරුණා කරලා මේ රටේ ජනතාවට පෙන්වන්න තමුන්නාන්සේලාගේ පුරවැසිකම තවම තියෙනවා ද? නැද්ද? කියලා. ඊට පස්සේ අපි කතා කරමු කවුද අපේක්ෂකයා කියලා. ඉතිං එහෙනම් දැනට තරග කරන්න පුළුවන් එකම අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහත්තයා විතරයි. එහෙමත් නැත්නම් නෝනා. ශිරන්තිගේ නමත් කියනවා. මොකද මේක හරි ගෝත්‍රවාදී පක්ෂයක් නේ. ඒ අයත් කියනවා නායකයා කියන කෙනාට තමයි අපි ඡන්දය දෙන්නේ. මේ අර අප්‍රිකාවේ ගෝත්‍රවාදය වගේ. පවුල්වාදය අපේ පක්ෂය එහෙම නෙවෙයි. අපේ පක්ෂයේ අවකාශය තියෙනවා පුංචිම තැන ඉඳලා ඉහළම තැනට යන්න. ප්‍රේමදාස මහත්තයා කළේ ඒකයි. එම නිසා අද හොඳ දෙවන පෙළක් තියෙනවා. තුන්වන පෙළක් තියෙනවා. ඕන කෙනෙක්ට නායකත්වයට එන්න පුළුවන්. පක්ෂය තුළ දොරවල් සීමා කරලා නෑ. ඕනෑම කෙනෙක්ට නායකත්වයට එන්න පුළුවන්. මමත් පුංචිම තැන ඉඳලා ගියේ. ගාමිණීගේ පුතා කියලා මට විශේෂ තැනක් දුන්නේ නෑ. අපි ආවේ ක්‍රම ක්‍රමයෙන්. කාටවත් කියන්න බෑ මට විශේෂයෙන් සැලකුවා කියලා.  ”

මම අද ඉතාමත් සතුටු වෙනවා කෑගලු දිස්ත්‍රික්කයේ අන්තිම සමුළු දෙක මේ පවත්වන්නේ. අපි මේ සමුළු පුත්තලම් දිස්ත්‍රික්කයේත් පටන් ගත්තා. තමුන්නාන්සේලා හිතනවා ඇති ඇයි අපි මෙහෙම කරන්නේ කියලා. අපි ආයෙත් මෙහෙ කතා අහන්න නෙවෙයි ආවේ. කතා වලින් අපිට වැඩක් නෑ. අපිට ඕනේ ප්‍රතිඵල. එක්සත් ජාතික පාක්ෂිකයන් අතර එහෙම මතයක් තියෙනවා. ජනතාව සමඟ සිටින දේශපාලඥයෙක් විදිහට මට ඒ ස්පන්දනය හොඳට තේරෙනවා. අපේ පක්ෂයේ ජීවනාළිය වන තමුන්නාන්සේලා යම්කිසි කළකිරීමකින් ඉන්න එක අපි හොඳට දන්නවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. පෙබරවාරි 10 වෙනිදා තමුන්නාන්සේලා ඒ වේදනාව අපිට ඒත්තු ගැන්වූවා. අපේ පක්ෂය 38%ක ඡන්ද පදනමක් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. අපිව 33%ට බැස්සුවා. අපි 38% ගත්තා නම් අපේ ස්ථාවරය වගේම ශක්තිය එලෙසම තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් පාක්ෂිකයෝ විශාල පිරිසක් ඡන්ද පොළට ගියේ නෑ. විශේෂයෙන්ම කෑගලු දිස්ත්‍රික්කයේ සමහර අය සියඹලාපිටිය ඇමතිතුමාගේ වැඩසටහන් යටතේ රස්සා දෙන නිසා එතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නා. අපි මේවා දන්නවා. මේවා අපිට අලුත් දේවල් නෙවෙයි. මේ තොරතුරු අපිට ලැබෙනවා. ඇත්තටම තමුන්නාන්සේලාගේ සංවිධායකතුමා එලොව ගිහිල්ලා මෙලොව ආව පුද්ගලයෙක්. මෙවැනි තරුණයන්ට අපි පක්ෂය තුළ තැන දෙන්න අවශ්‍යයි. අපි බුද්ධිමතුන්ට තැන දෙන්න අවශ්‍යයි. අපි ළඟ මනුස්සත්වය තිබෙන්න අවශ්‍යයි. සංවිධායකතුමාට ආයෙත් තමන්ගේ වැඩකටයුතු කර ගන්න අපි සහයෝගය දිය යුතුයි. තමුන්නාන්සේලා නුවරඑළිය ආසනයට ඇවිත් ජනතාව සමඟ කතා කළොත් සමහර විට මටත් බනියි. ඒක ස්වභාවික දෙයක්. නමුත් අන්තිමට පාක්ෂිකයින් හැටියට අපි ඒකරාශී වෙන්න අවශ්‍යයි. ආසන සංවිධායකවරයෙක්ගේ විශාල අඩුපාඩුකම් තිබෙනවා නම් දූෂණ හොරකම්  තිබෙනවා නම් එතකොට අපිට ආසන සංවිධායකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතිනම් අපි ආසන සංවිධායකවරයා ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.

එමනිසා අපි අද පක්ෂයක් හැටියට ඉතාමත් කේන්ද්‍රීය තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපි කොහාටද යන්නේ කියන එක තමුන්නාන්සේලාගේ හදවතේ වැඩ කරනවා ඇති. විශේෂයෙන්ම පක්ෂයේ තනතුරු දරන අපිටත් ඒ ප්‍රශ්නය තියෙනවා. අපි මැතිවරණ ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. මැතිවරණ කියන්නේ ජනතාවගේ කැමැත්ත. ඉතිං මේ මුළු රටේම සිතියම ගත්තොත් කෑගලු දිස්ත්‍රික්කය අපිට ඉතාමත් වැදගත්.   කෑගලු දිස්ත්‍රික්කය මත තමයි සබරගමු පළාත රදා පවතින්නේ. අපි හිතනවා රත්නපුර දිස්ත්‍රික්කය අපිට ඉතාමත් අමාරුයි කියලා. නමුත් අපි හිතනවා කෑගලු දිස්ත්‍රික්කයට අපිට සටනක් දෙන්න පුළුවන් කියලා. අපි මේ ආසනයත් ඡන්ද හත්දහස් ගණනකින් පැරදිලා තියෙනවා. ඡන්ද තුන්දහස් ගණනක් වෙනස් කරන්න පුළුවන් නම් අපිට මේ ආසනයත් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි පක්ෂයේ තියෙන අඩුපාඩුකම් ක්‍රමක්‍රමයෙන් හදා ගන්නවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ වෙනකොට මේ රටේ සියලුම ආසන වලට මිලියන 100ක මුදලක් භාණ්ඩාගාරයෙන් දීලා තියෙනවා. මිලියන 100ක් කියන්නේ කෝටි 10ක මුදලක්. අපි ගම් පෙරළිය හරහා තමුන්නාන්සේලාට ඒ ඒ ආසන වලට වැඩ කිරීමට පාරවල් පන්සල් කෝවිල් පල්ලි සෑදීමට වතුර , විදුලි බලය ලබා දීමට අපි කටයුතු කරනවා.  තව මිලියන 100ක් ලබන වසරේදීත් තමුන්නාන්සේලාට ලැබෙනවා. අපි වැඩ කළේ නෑ කියන කතාව එවිට තමුන්නාන්සේලාට කියන්න බෑ. අපේ පක්ෂයේ ජනතාව වැඩ කරන්න ඒ තියෙන අවශ්‍යතාවය අපි තේරුම් ගත්තා. එම නිසා මම හිතන්නේ ගමට අවශ්‍ය ඒ සංවර්ධනය ලබා දීමට අපි කටයුතු කරනවා.

අපි කොච්චර වැඩ කළත් අපේ පාක්ෂිකයින් බලා ගත්තේ නෑ කියන මැසිවිල්ල හැම වෙලාවෙම අපිට තියෙනවා. අවුරුදු තුනක් ගියා. අපිට මොනවද වුණේ කියන එක. එය සාධාරණයි මම ඒක පිළි ගන්නවා. ඒ නිසා තමයි අපි තීරණයක් ගත්තේ මේ රැකී රක්ෂා ප්‍රශ්නයට අපි පාක්ෂිකයන්ට රස්සා දෙන්නම අවශ්‍යයි. මට මතකයි මගේ තාත්තා වැඩ කළ හැටි. ඒ චිත්‍රය මගේ ඔළුවේ තාම තියෙනවා.

මම එතුමාගේ මේසය ළඟ ඉන්නවා කෝල් එකක් අරන් එතුමා කියනවා අමාත්‍යාංශ ලේකම්ට මේ මගේ මිනිස්සු එන්නේ පත්වීම් ලිපි ටික ගහලා තියන්න කියලා. පොඩි නෝට් එකක් ඒ මිනිස්සු අරන් යන්නේ. පැය එකහමාරෙන් දෙකෙන් ඒ අයට පත්වීම් ලිපි දෙනවා.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ අවුරුදු ගණන තුළදී 8000 – 9000ට පත්වීම් ලිපි දුන්නා. තවමත් ඒ අය ගාමිණී දිසානායකගේ පින්තූරය පෙන්නලා පින් දෙනවා. ඒ වගේ අනිත් නායකයෝත් වැඩ කළා. ඉතිං අද තත්ත්වය වෙනස්. අද මේ අවුරුදු 20ක් තුළ පොදු පෙරමුණු ආණ්ඩුව හැම තැනම කට්ටිය පුරවලා. තමුන්නාන්සේලා දන්නවා විශේෂයෙන්ම මම වත්තේගම ආසනයේ සංවිධායක හැටියට කටයුතු කළා. රත්වත්තේ මහත්තයාත් එක්ක මම හැප්පුණේ. ඒ අවුරුදු තුන හතරට 6000ක් දැම්මා පෙට්ට්‍රොලියම් කෝපරේෂන් එකට. විදුලිබල මණ්ඩලයේ රස්සා දෙන හැටි තමුන්නාන්සේලා දන්නවා. මේවා වුණා . දයාබර අම්මේ තාත්තේ අවුරුදු 20ක් කියන්නේ පොඩි කාලයක් ද? 1994 වෙනස් වුණා දී මේ ක්‍රමය ටිකක් වෙනස් වුණා. ඒ සුළු කාලය ඇරෙන්න  අපි අවුරුදු 20ක් විපක්ෂයේ හිටියා. සෑහෙන කාලයක් ගිහිල්ලා ඒ නිසයි පාක්ෂිකයෝ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පෙරළුනහම අපිට යමක් කරලා දෙයි කියලා. අපි ඒවා තේරුම් අරගෙන ඉන්නේ. අපි තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් පරිවර්තනය වන දේශපාලඥයෝ. ඒ නිසා අපි පක්ෂය ඇතුළේ මේ ගැන විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. අපි තමුන්නාන්සේලාට පැහැදිළි පොරොන්දුවක් දෙනවා අපේ පාක්ෂිකයන්ට ලබන මාස හතර පහ තුළදී අඩුම රැකියා හත්අට දහසක්වත් ලබා දෙනවා කියලා.

අපි ඓතිහාසික තීරණයක් ලබා ගෙන තිබෙනවා. අපි මේ තීරණය ගත්තේ මීට මාස දෙක තුනකට පෙර. හැරිසන් ඇමතිතුමා අද සමෘද්ධි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. හැම ආසනයකටම අලුතෙන් සමෘද්ධිලාභීන් දාහකට සමෘද්ධිය ලබා දෙන්න අපි කටයුතු කරනවා. පාක්ෂිකයින්ගේ හැගීමක් තියෙනවා අපි යූඑන්පීකාරයෝ නිසා අපි සමෘද්ධියෙන් කපනවා කියලා. අපි ඒක වෙනස් කරන්න ඕනේ. සමෘද්ධිය කියන්නේ ජනතාවගේ මුදල්. ජනතා මුදල් එක පක්ෂයකට විතරක් දෙන්න බෑ. එම නිසා අපි ඉතාමත් ඉක්මණින් මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපේ පක්ෂය තුළ විශාල ප්‍රතිසංවිධානයක් අපි කරනවා. නායකතුමාගේ මැදිහත් වීමෙන් තනතුරු ගොඩක් එතුමා ඇති කරලා තියෙනවා. තරුණ නායකයින් පෙළක් අද පක්ෂයේ ඉන්නවා. තුන්වන පෙළක් පක්ෂයේ අපි ඇති කරලා තියෙනවා. සුජීව සේනසිංහ බුද්ධික පතිරණ හර්ෂණ රාජකරුණා වැනි නායකයෝ. දක්ෂයන්ට තැන අපේ නායකතුමා දීලා තියෙනවා. තමුන්නාන්සේලා ඒක පිළි ගන්න ඕනේ. අපි ඒකරාශී වෙලා එකමුතු උනොත් මේ ගේම් එක අපිට ගහන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. උතුරු නැගෙනහිර ඡන්ද 80% – 90%ක්ම එන්නේ අපේ පක්ෂයට. රාජපක්ෂලාට ඒවා යන්නේ නෑ. මේ රටේ දමිල මුස්ලිම් ඡන්ද 80% රාජපක්ෂවරුන්ට නෑ. තමුන්නාන්සේලා ඒක දන්නවා. අපිට තියෙන්නේ යම්කිසි වැඩ කොටසක් කරන්න. ඒක තමයි බඩු මිල අඩු කරලා රක්ෂා ටිකක් දීලා පක්ෂය ශක්තිමත් කරන එක. අපි ඒකයි දැන් කරන්නේ. අද තමුන්නාන්සේලා හිස් අතින් යන්නේ නෑ.  අද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් යම් දෙයක් අපි දෙනවා. එම නිසා පාක්ෂිකයා රජ කරන යුගය අතට ඇවිල්ලා තියෙන්නේ. අධෛර්යමත් වෙන්න එපා. ශක්තිමත් වෙන්න. අපි ඉදිරියට යමු. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.

තමුන්නාන්සේලා දකිනවා දැන් රූපවාහිනියෙන් කට්ටිය ගහගන්න විදිහ. වෙල්ගම එකක් කියනවා. උඩරට තරුණ මන්ත්‍රීවරු තුන්දෙනා එකක් කියනවා. වෙල්ගම පිස්සෙක් කියලා කියනවා.  වෙල්ගම කියනවා එයා මිනීමරුවෙක් කියලා. තමුන්නාන්සේලා දකින්න ඇති. ඉතිං අපි මේ දිස්ත්‍රික්කය තුළ නැවතත් දූෂිත මහ ඇමතිවරු පත් කරන්න යනවාද? විශාල මාළිගා හදලා තියෙන මහ ඇමතිවරු අපි ආයෙත් පත් කරනවා ද? හැම කොන්ත්‍රාත්තුවකින්ම 20% ගන්න මහඇමතිවරු ඇති කරන්න යනවාද? අපිට ඕනේ පවිත්‍ර නායකත්වයක් කෑගලු දිස්ත්‍රික්කයට.

අපිට ඕනේ ඒ නිසා පළාත් සභා හෝ ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න. එදා මට අවශ්‍ය තැන දුන්නේ නැති නිසා මට කළකිරීමක් තිබ්බා. නමුත් අද මට සතුටුයි ක්‍රමක්‍රමයෙන් මේ ගමන ආව නිසා. අපිට සාටක ඔටුණු  පළදවන්න කවුරුත් හිටියේ නෑ. පක්ෂය තුළින්ම පාක්ෂිකයාගේ ඡන්දය හරහායි අපි ආවේ. ඒ නිසා මේක තමයි හොඳම දේශපාලන පක්ෂය. ඒ නිසා අපේ අඩුපාඩුකම් හදා ගමු . පාක්ෂිකයන්ට යම් යම් දේවල් දෙන්නේ ඒ නිසයි. ඒ දීලා තියෙන මුදල් වලින් සංවිධායකතුමා සමඟ එක් වෙලා ගමට වැඩ කරන්න. පුද්ගලිකව තමුන්නාන්සේලා බලා ගන්න එකත් අපි කරනවා. රැකී රක්ෂා ටික සමෘද්ධිය ලබා දෙන එක අපි කරනවා. තමුන්නාන්සේලා ගමට ගිහින් දේශපාලනය කරන්න.

අනිත් දේ තමයි අපේ පක්ෂය අපි ස්ථානගත කළ යුතුයි. මාධ්‍ය හරහා අපේ පක්ෂයට හරියට ගහනවා. අපි ඒවාට මුහුණ දෙන්න ඕනේ. ඒවා ප්‍රශ්න නෙවෙයි අපිට. අපේ මාධ්‍ය සම්ප්‍රදාය අපි මීට වඩා දියුණු කළ යුතුයි. තව දෙයක් තමයි විකල්පය. අපි ඒ ගැනත් කතා කළ යුතුයි. රාජපක්ෂලා ආවොත් ආයෙත් මොකක්ද වෙන්නේ.  මිනීමැරුම් සුදු වෑන්. ලසන්ත ඝාතනය ප්‍රදීප් එක්නැළිගොඩ තාමත් නෑ. අද මොනවා උනත් නිදහස තියෙනවා. ඕන කෙනෙක්ට බණින්න පුළුවන්. අද තමුන්නාන්සේලා දන්නවා අධිකරණයට නිදහස තියෙනවා. ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරු අපි වෙනස් කරන්න ගියේ නෑ. තර්ජන කළේ නෑ. ඒ නිදහස ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය. අපි නවක්කන්න කාටවත් බෑ අපි මේ ගමන ඉදිරියට යනවා. අපි මේ සම්මන්ත්‍රණය හතළිස් දෙදාහකට කරනවා. ඒ සියලු දෙනාට වැවිලි කර්මාන්තය හරහා යම් දෙයක් දෙනවා. අපි එහෙමයි දේශපාලනය කරන්නේ. අපි බලන්නේ අපිත් එක්ක ඉන්න මිනිස්සු ආරක්ෂා කර ගන්න. එහෙනම් තමුන්නාන්සේලාත් පක්ෂය වෙනුවෙන් කතා කරන්න. සංවිධානය වෙන්න. අපි ඉදිරියට යමු. මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ තමුන්නාන්සේලා අරෙක්ෂා කරන්න ඕනෑම දෙයක් කරයි කියලා. අපි ඒ ගේම් එකේ ඉන්නවා අපි ඒ ගේම් එක අතාරින්නේ නෑ. අපි කෑගලු දිස්ත්‍රක්කයටත් වෙනම රබර් කලාපයක් ඇති කරන්නත් කටයුතු කරමින් පවතිනවා. මිලියන ගණනක් වියදම් කරනවා. රස්සා තුන්හාර දහසක් ඒ රබර් කලාපය තුළ ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දේ අපි ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු හරහා කියන එක මම ප්‍රකාශ කරනවා. අපි දේශපාලනය කරමු. එමනිසා නැවතත් හොරු ඇති නොකර හොඳ දක්ෂ තරුණ පවිත්‍ර නායකයින්  බිහි කරන්න අපි කටයුතු කරමු. ඒකට තමුන්නාන්සේලා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.