topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දැන් සිටින්නේ ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට පිල් මාරු කළ ජනාධිපතිවරයායි.

Patali_Champika_JHU

ලංකා දේශපාලන ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් පිල් මාරු කර තිබෙන බවත් නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදී බවත් ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටී. ඒ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක,

අතීතයේ පටන්ම අපේ රටේ සම්ප‍්‍රදාය තමයි අපේ මහනාහිමිවරුන් විසින් රට පාලනය කළ ඒ රජවරුන් හට අවවාද හා අනුශාසනා ලබා දීම මගින් රජවරු හෝ පාලකයින් වැරදි මගේ යනවා නම් ඒවා නිවැරදි කරගැනීම. ඒ නිසා අපි අපේ මල්වතු හා අස්ගිරි පාර්ශවයන්ගේ මහනායක හිමිවරුන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කළා.

විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් නීත්‍යානුකූලව ජන වරමකින් පත් වුණු අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාව, ඉතාමත්ම නිතී විරෝධි ලෙස සහ ව්‍යවස්ථා විරෝධි ලෙස, ආණ්ඩුක‍්‍රම සම්ප‍්‍රදායන්ට එරෙහිව, ඒ වගේම දේශපාලන සදාචාරයටත් එරෙහිව ගිහින් ඉවත් කරලා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරලා තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය විසිරුවාහැරලා තිබෙනවා. මේ ක‍්‍රියාවල් දෙකම, සම්මත වුණු අපේ 19 වන සංශෝධනයට අනුව රටේ වත්මන් ව්‍යවස්ථාවට විරුද්ධ ක‍්‍රියාවන්.

ඊලඟට එතුමන් ආණ්ඩුක‍්‍රම සම්ප‍්‍රදායන් කිසිවක් ගණනකට ගන්නේ නැතිව, මේ පාර්ලිමේන්තුව කල් තබලා, වාර අවසාන කරලා, දැන් මන්ත‍්‍රීවරු ඉතාමත් නින්දිත විදිහට බිලී බාගන්නා වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්නවා. ඒ වගේම අපි මතක් කළ යුතුයි මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව, එදා පොදු අපේක්ෂකයාට මේ මුළු රටෙන්ම, විශේෂයෙන්ම අපි මේ ඉන්න මහනුවර දිස්ත‍්‍රික්කයෙන් විශාල ජන වරමක් ලැබුනේ, මේ ආකාරයෙන් නීති විරෝධි ලෙස කටයුතු කරන්නවත්, ඒ වගේම පාදඩ බලවේග මුදා හැරලා රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අල්ලාගෙන මේ විදිහට කටයුතු කරන්න නොවෙයි. ඒ වගේම පහුගිය කාලයේ ඉතාමත් නින්දිත විදිහට මුදල් උපයාගත්ත ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන යොදාගෙන සත්‍ය වසන් කරමින් අසත්‍ය වපුරුවන්නටවත් නින්දිත විදිහට පහර ගසන්නටත් නොවෙයි, අයතා ලෙස උපයාගත්තු ධනයෙන් මන්ත‍්‍රීවරු මිලදී ගන්නටත් නොවෙයි ජනතාව ඔහුට, ඒ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්දය ලබා දුන්නේ.

ඒ ජන වරමට, ඡන්ද දායකයින්ගේ ඉල්ලීමට ගරු කරලා කටයුතු කළේ නැහැ එතුමන්. ඒ නිසා මගේ අදහස නම් ඔහුට දුන් ඒ ජන වරම දැන් අහෝසියි. ඒ වගේම අපි විශේෂයෙන්ම එතුමන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ මගින් රටේ ආණ්ඩුකරණය නීත්‍යානුකූල කළ යුතුයි. මොකද අද වන විට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තෙක්ම මේ ප‍්‍රශ්ණය ගිහින් තිබෙනවා. මේ රටේ නිල ආණ්ඩුව මොකක්ද කියන එක ගැන විදේශ රටවල් බලාගෙන ඉන්නවා. මුළු රාජ්‍ය සේවයම අඩපණ වෙලා තිබෙනවා ලේකම්වරුන්ගේ ඉඳන් මොකක්ද නිල ආණ්ඩුව කියලා දන්නේ නැතිව. සමාජයත් අස්ථාවර වෙලා තිබෙනවා. ඒ පමණක් නොවෙයි, ආයෝජනවලට බරපතල ප‍්‍රශ්ණ ඇතිවෙලා තිබෙනවා. අපේ රටට එන සංචාරකයින්ගෙන් 40% පමණ පැමිණීමට නියමිත මේ එළඹෙන නොවැම්බර් මාසයේ ඉඳන් පෙබරවාරි මාසය දක්වා කාලය අතරතුර, නමුත් අද විදේශ රටවල් මේ තත්ත්වයත් සමග සංචාරකයින්ට නොයෙකුත් අවවාදමය ප‍්‍රකාශයන් නිකුත් කරලා තිබෙනවා. ඒ මගින් සංචාරක ව්‍යාපාරයටත් මේ සිදුවීම් මාලාව අවාසනාවන්ත ලෙස බලපාලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, මේ රටේ කොටස් වෙළඳපොල තුළ සිදුවුණු විදේශ ආයෝජන ආපසු යෑමක් සිදුවෙලා තිබෙනවා. තවත් ගත්තාම, අපේ රට ගත්තු ණය, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්තු ණය ලබන ජනවාරි මාසයේ 29 වැනිදා කල් පිරෙනවා ඩොලර් බිලියනයක් පමණ. එහි පොළී අනුපාතය ගත්තාම තිබිච්ච පොලී අනුපාතයෙන් හරියටම දෙගුණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා ව්‍යාජ සහන මල්ලක් දුන්නාට ඒක දීලා තිබෙන්නේ ඉදිරි තුන් මාසයක කාලයකටයි.

මොකද මේ වන විට අපේ භාණ්ඩාගාරයට නිල නොවන විදිහට පත් කරන ලද ලේකම්වරයා කියලා තිබෙනවා අය වැය ගෙන එන්නේ මාස තුනක කාලයකට කියලා. ඒ අනුව පැහැදිලියි මේ පෙන බුබුළක් වගේ බොරු සහන මල්ලක් ඉදිරිපත් කරලා ජනතාව මුලාවේ දාලා, අවසානයේ සිදුකරන්න යන්නේ රටේ ආර්ථිකය මේ තිබෙන තැනෙනුත් පහලට ඇදලා දාලා බිඳ දැමීමක් බව.

අවසාන වශයෙන් ඉතාම ලැජ්ජා සහගත දෙයක් තියෙනවා ඉතාම කෙටියෙන් කියන්න, ඒ තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු හා නගර සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පළාත් සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙක් පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි. ඒනිසා අපි බොහොම කාරුණිකව ජනාධිපතිතුමාට කියනවා, තමන්ට දුන්න ජන වරමට එරෙහිව ඔබතුමා පැත්ත මාරු කළනිසා ඔබට දැන් තවදුරටත් ජන වරමක් නැහැ. ඒ නිසා ලබන ජනවාරි 8 වෙනිදා නීත්‍යානුකූලව ලැබෙන හැකියාවෙන් වහාම ජනාධිපතිවරණය කැඳවන ලෙස. මොකද පිල් මාරු කරලා රටේ ජනාධිපතිකම කරගෙන යෑමට නොවෙයි ඔහුට ජනතාව ජනවරම ලබා දුන්නේ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.