අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම පරීක්ෂණ කටයුතු සඳහා යුධ හමුදාවෙන් ඉල්ලා තිබූ ලිපි ලේඛණ මාසයක් තුළදී ලබා දෙන බව යුධ හමුදා නීති අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් ජයසිංහ පොරොන්දු වී ඇතැයි සඳහන් වේ. පසුගිය සැප්තැම්බර් 12 දින හෝමාගම විවෘත අධිකරණයේදී එක්නැළිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ පැවති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම පොරොන්දුව ඔහු ලබාදී ඇති බවත් සඳහන් වේ.