ජුනි 30 දා හවස 6.00ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දුන් බව බවට ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම්වරයා විසින් සිදුකළ ප්‍රකාශයක් සමඟ විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල ජනතාව ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය තාවකාලිකව අවසන් කර ඇත.
උමා ඔය ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් බණ්ඩාරවෙල ජනතාව අද උදෑසන සිට බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක නිරත විය
මේ හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ සියලුම දෛනික කටයුතු අඩාල වී තිබුණි.
උද්ඝෝෂකයින් අද පස්වරුවේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලින් අවහිර කරමින් දුම්රිය මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරත විය.