topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව දේශීය ආදායම් පනත අයි.එම්.එෆ්. වුවමනාවට හැදූ එකක්.-ජවිපෙ නායක අනුර දිසානායක කියයි.

JVP leader _Anura Dissanayaka_political News
නව දේශීය ආදායම් පනත අයි.එම්.එෆ්. වුවමනාවට හැදූ එකක් බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි . ඔහු  මේ අදහස්  පළකර සිටියේ  අද  බත්තරමුල්ල  පැලවත්ත  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි , එහෙදි  වැඩිදුරටත්  අදහස්  දැක්වූ   ජවිපෙ  නායක අනුර දිසානායකයන්
”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කොට ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරපු එකක්. මීට පෙර මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශයක් කළා, අයි.එම්.එෆ්. එකෙන් දෙවැනි ණය වාරිකය ලබාගන්න මෙම පනත සම්මත කරගන්න  ඕනෑ කියලා. පසුගිය 08වැනිදා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක තිබෙනවා, ”දෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡුාවෙන් අනතුරුව දැඩි කාලගුණික තත්වයන් හා ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද ශී‍්‍ර ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්වය ජාතික මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වේ. විශේෂයෙන් නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් කි‍්‍රයාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා කි‍්‍රයාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වී ඇත” කියලා. එයින් පැහැදිලි වෙනවා, මේ පනත අයි.එම්.එෆ් වුවමනාව මත හදපු එකක් කියලා. මේ පනත සැකසීමට අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති, බදු ගෙවන පුරවැසියන්, විගණන ආයතන කිසිදු මැදිහත්වීමක් සිදුකර නැහැ. ඔවුන් සමඟ කිසිදු සාකච්ඡුාවක් කරලා නැහැ. අයි.එම්.එෆ්. එක ඝානා රාජ්‍යයට හදපු පනතේ යම් යම් වගන්ති වෙනස් කරලා මෙම පනත හදලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බදු ගෙවන්නන් සහ බදු ගැන උනන්දුවක් දක්වන අයගේ වුවමනාවන් සලකා බලා හදපු එකක් නෙවෙයි. ලෝකය පුරා අයි.එම්.එෆ්. අරමුදල දියත් කර තිබෙන කොල්ලකාරී ආර්ථිකයට ගැලපෙන නීතිමය සංශෝධන තමයි මේ පනත මගින් ඉදිරිපත් කර තිබෙන්නේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණක් නොව අනෙකුත් ආර්ථික ක්‍ෂේත‍්‍රවලටත් ගෙන ඒමට ආණ්ඩුව එකඟ වූ පනත්වලින් එකක් ලෙස තමයි, මෙම දේශීය ආදායම් පනත ගෙනත් තිබෙන්නේ. මෙම පනත මගින් ඉදිරිපත් කොට තිබෙන වගන්ති අයවැය මගින් ඉදිරිපත් කරන බදු සංශෝධන ඉක්මවා යන තරම් ඒවායි. මේ පනත මගින් රටටත් ජනතාවටත් අහිතකර බදු සංශෝධන විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනවා. සේවක අර්ථසාධක අරමුදල, ආයෝජනය කිරීමේදී මීට පෙර පනවා තිබූ 10% බදු අනුපාතය 14% දක්වා වැඩිකොට තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ලක්‍ෂ 25කට අධික සේවකයින්ට ලැබිය යුතු අරමුදල් මෙම බදු වැඩිවීම හරහා කප්පාදු වෙනවා.
ඒ වගේම මීට පෙර විවිධ ක්‍ෂේත‍්‍රයන් ප‍්‍රවර්ධනය සඳහා ලබාදී තිබූ බදු සහන සම්පූර්ණයෙන් ඉවත්කොට තිබෙනවා. වේදිකා නාට්‍යවලින් ලැබෙන ආදායම සඳහා අයකරන බද්දට 50% සහනයක් මීට පෙර ලබාදී තිබුණත් නව පනත මගින් එය ඉවත්කොට තිබෙනවා. ඒ වගේම ලේඛකයින්ට සහ ප‍්‍රකාශන ආයතනවලට සිය පළමු ප‍්‍රකාශනයේ ආදායමට 50%ක බදු සහනයක් හිමිවී තිබූ අතර නව පනතින් එය අහෝසි කොට තිබෙනවා. මේ ආකාරයට සංගීත නිර්මාණකරුවන්ට, එම කාර්යයන්වලින් ලැබෙන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කොට තිබුණද නව පනතින් සම්පූර්ණයෙන්ම බද්දට යටත් කොට තිබෙනවා. නව උත්පාදනයන්ට මීට පෙර ලබාදුන් බදු සහනය නව පනත මගින් ඉවත්කොට බද්දකට යටත්කොට තිබෙනවා.
විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන ආධාර, ජනාධිපතිවරයා විසින් ලබාදෙන ත්‍යාග, ජීවිත රක්‍ෂණයක් කල් පිරුණු පසු අවුරුදු 60කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබෙන ප‍්‍රතිලාභ මීට පෙර බද්දෙන් නිදහස් කොට තිබුණද නව පනත මගින් ඒ සියල්ල බද්දට යටත්කොට තිබෙනවා. මේ ආකාරයට සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේත් නවෝත්පාදන ක්‍ෂේත‍්‍රයෙත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේත් සියල්ල බදුවලට ඇතුළත් කොට තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ භාණ්ඩවලට මෙතෙක් අයකළ 10% බද්ද 14% දක්වාත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පනවා තිබූ 12%බද්ද 14% දක්වාත් ලොතරැුයි දිනුම්වලට අයකළ 10% බද්ද 14% දක්වාත් ඉහළ දමා තිබෙනවා. අයවැයකින් පනවන බදුවලට වඩා වැඩි බදු සංශෝධන ප‍්‍රමාණයක් මේ පනතෙන් ඉදිරිපත් කොට තිබෙනවා.
රැුකියා කරන අයගෙන් උපයන ආදායමට අයකරන බදු ප‍්‍රමාණයත් ඉහළ දමා තිබෙනවා. මීට පෙර අයවැයෙන් වාර්ෂික ආදායම ලක්‍ෂ 12 දක්වා උපයන වෘත්තිකයන්ට බදු සහනයක් ලබාදී තිබුණා. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගත්තේ නැහැ. නමුත් මේ පනත මගින් බද්දට යටත් වන වාර්ෂික ආදායම ලක්‍ෂ 5 දක්වා අඩුකොට තිබෙනවා. ඒ අනුව වාර්ෂික ආදායම ලක්‍ෂ 5ට වඩා වැඩි සියලූ වෘත්තිකයන් ආදායම් බද්දකට යටත් කොට තිබෙනවා. ඒ වගේම මීට පෙර බදු අනුපාතය තිබුණේ වැඩිවන ලක්‍ෂ 5ට පිළිවෙළින්  4%, 8%, 12%, 16% ආදී වශයෙනුයි. නමුත් නව පනත මගින් 16% බදු අනුපාතය 24% දක්වා වැඩිකොට තිබෙනවා. ඒ වගේම මීට පෙර බදුවලින් නිදහස් කොට තිබූ වෘත්තීමය ආයතන වන වරලත් ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, විශ්වවිද්‍යාල, ආයුර්වේද වෛද්‍ය සභාව, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව, ශී‍්‍ර ලංකා මුද්‍රණ ආයතනය, බලශක්ති සංරක්‍ෂණ අරමුදල වැනි ආයතන පවා බදුවලට යටත් කොට තිබෙනවා.
ඒ වගේම ශී‍්‍ර ලාංකිකයින් මෙරට සිට විදෙස් ආයතනවලට සේවය සපයා හෝ විදෙස්ගතව සේවය සපයා ලබන ආදායම බදුවලින් නිදහස් කොට තිබුණා. මොකද, එම වෘත්තිකයන් ලබන විදේශ විනිමයන් ඔවුන්ගේ අත්දැකීමත් අපේ රටේ ආර්ථිකයට ඉතාම වැදගත් එකක්. නමුත් දැන් එම ක්‍ෂේත‍්‍රයත් බද්දට ඇතුල්කොට තිබෙනවා. කෙසේ නමුත් විදේශිකයෙකු ලංකාවේ සේවය කොට ලබන ආදායම බද්දෙන් නිදහස් කොට තිබෙනවා. විදේශ ආයතනවලට සේවය සපයන ශී‍්‍ර ලාංකිකයින් දිරිගන්වනවා වෙනුවට මේ ආණ්ඩුව සිදුකොට තිබෙන්නේ විදේශිකයින් දිරි ගැන්වීමයි. මෙය සිදුකොට තිබෙන්නේ අන් යමක් නොව එට්කා ගිවිසුම මගින් මෙරටට රැුකියා සඳහා පැමිණීමට නියමිත විදේශිකයන් දිරිගැන්වීමයි. එනිසා අද අපේ රටේ තිබෙන්නේ ශී‍්‍ර ලාංකිකයින්ගේ ආණ්ඩුවක්ද, සුද්දන්ගේ ආණ්ඩුවක්ද කියලා අපිට සැකයක් තිබෙනවා.
බදු ගෙවන්නන්ගේ පාර්ශ්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිය ආදායම් වාර්තා ඉදිරිපත් කළ පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කරනවා නම් ඒ සඳහා කරුණු දැක්වීමක් කළ යුතුයි. එයින් බදු ගෙවන්නන්ගේ අයිතිය තහවුරු වෙනවා. නමුත් නව පනත මගින් කරුණු දැක්වීමකින් තොරව බදු ගෙවන්නන්ගේ වාර්තා ප‍්‍රතික්‍ෂේප කිරීමේ බලය ලබාදී තිබෙනවා. මෙය ඉතාම අසාධාරණයි. මීට එරෙහිව බදු ගෙවන්නන්ගේ සංගමය නඩුවක් පවරා තිබෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමන්විත වෙන්නේ කොමසාරිස් ජනරාල්වරයාගේ සිට පහළටයි. නමුත් 2006 පනතේ වගන්ති අනුව සෙසු නිලධාරීන්ටද යම් යම් බලයන් පවරා තිබෙනවා. ඒ අනුව කොමසාරිස් ජනරාල්වරයා යටතේ සිටින ඇතැම් නිලධාරීන්ට ජනරාල්වරයාගෙන් සහ පනතෙන් යම් යම් බලයන් පැවරෙනවා. එමගින් පරිපාලන කටයුතු කාර්්‍යක්‍ෂම වෙනවා. නමුත් නව පනත මගින් සෙසු නිලධාරීන්ට පනත මගින් පැවරෙන බලය අහෝසි කොට සියලූ බලය කොමසාරිස් ජනරාල්වරයාට පවරා තිබෙනවා. කොමසාරිස් ජනරාල්වරයාට අසීමිත අධිකාරී බලයක් පවරා අනෙකුත් නිලධාරීන් ඔහු යටතට පත්කොට තිබෙනවා. එය බදු එකතු කිරීමේ කාර්යක්‍ෂමතාවයට විශාල බාධාවක්. අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමන්විත වන්නේ කොමසාරිස්වරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් සහ බදු නිලධාරීන්ගෙන්. ඔවුන් එම තනතුරුවලට පත්වීමේ පටිපාටියක් තිබෙනවා. නමුත් නව පනත මගින් ඉහත තනතුරුවලට අමතරව වෙනත් නිලධාරීන්ද පත්කළ හැකි වන පරිදි. කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා, ආයතන ව්‍යුහයට යටත් නොවන පරිබාහිර පුද්ගලයින් පත්කිරීමේ බලය මේ පනත මගින් ලබාදී තිබෙනවා. ඒ අනුව පරිබාහිර සමාගමක් වුවද මේ වෙනුවෙන් පත්කළ හැකිව තිබෙනවා. මේ සිදුකොට තිබෙන්නේ වෙන යමක් නොව බදු එකතු කිරීම සඳහා රජයට තිබුණු බලය පිටත කොම්පැනිවලට ලබාදීමට ඉඩ හදා ගැනීමක්. ඒක තමයි අයි.එම්.එෆ්. අරමුදලේ වුවමනාව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යය පුද්ගලික අංශයට පැවරීම මේ මගින් සිදුකර ගත හැකියි.
ඒ වගේම යම් නිලධාරියෙක් බදු වංචාවක් කළොත් ඔහුට එරෙහිව කි‍්‍රයාමාර්ග ගතහැකි වන්නේ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම යටතේයි. නමුත් නව පනත මගින් එවැනි දුෂණයක් සිදුකළ නිලධාරීන්ට රුපියල් මිලියනයක දඩයකට හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් කළ හැකි පරිදි වගන්තියක් ඇතුළත් කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි, එම නඩු විභාගයට පෙර කොමසාරිස් ජනරාල්වරයාට එම වරද සමථයකට පත්කළ හැකි පරිදි බලය ලබාදී තිබෙනවා. ඒ මගින් ජනරාල්වරයා යටතේ සිටින නිලධාරීන්, ජනරාල්වරයා යටතට පත්කොට පහළ නිලධාරීන්ගේ කොඳු කඩා තිබෙනවා. ඒ නිසා මෙම නව බදු පනත මගින් පරිපාලනය පැත්තෙන්, කාර්යක්‍ෂමතාවය පැත්තෙන්, අකර්මණ්‍ය කොට තිබෙනවා. ඒ වගේම මෙම පනත ඝානා රාජ්‍යයට හදපු ඉංග‍්‍රීසි පනතේ පරිවර්තනයක් නිසා අපේ රටේ බදු ක්‍ෂේත‍්‍රයේ භාවිතා කරන ලද පාරිභාෂිත ශබ්ද කෝෂයට අයත් වචනවලට ඇතුළත් නොවන නව වචන ඇතුළත් වී තිබිීම නිසා පනත තේරුම් ගැනීමේ අපහසුතාත් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මෙය ශී‍්‍ර ලංකාව ඉලක්ක කොට සකස් කළ පනතක් නොවන බව පැහැදිලි වෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන වාර්තා ඉතාම රහසිගතයි. එම වාර්තා අල්ලස් කොමිසමට, නීතිපතිවරයාට හෝ ඇමතිවරයාට පමණයි ලබාගත හැක්කේ. එසේ ලබාගත හැක්කේත් විශේෂ විධිවිධාන අනුවයි. එසේ බදු ගෙවන්නන්ට ආරක්‍ෂාවක් සපයා දී තිබෙන්නේ, ඔවුන්ගේ ව්‍යාපාරවල රහසිගත තොරතුරු අනවශ්‍ය පුද්ගලයන් අතට යාමෙන් ව්‍යාපාර බිඳ වැටීමේ අවදානම නැති කිරීමටයි.  ඕනෑම සමාගමක ආදායම් වාර්තා රහසිගතයි. නමුත් මේ ආණ්ඩුව මගින් ඉදිරිපත්කළ පනත මගින් කියනවා, ඇමතිවරයාගේ නිර්දේශ අනුව විදේශීය සමාගම් සමඟ බදු තොරතුරු හුවමාරු කර ගැනීමට ගිවිසුම්ගත වීමට හැකියි කියලා. එමගින් බදු ගෙවන්නන්ගේ ආරක්‍ෂාව අහිමි කරනවා. එය ව්‍යාපාරිකයන්ට තර්ජනයක්.
ඒ වගේම මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු එකතු කිරීමේ කි‍්‍රයාවලිය සිදුකරන්නේ විශේෂිත මෘදුකාංගයක් කි‍්‍රයාත්මක කිරීම මගිනුයි. එම මෘදුකාංගය නිර්මාණය කළේ සිංගප්පූරු සමාගමක්. ඒ සඳහා රු. කෝටි 500ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැයකර තිබෙනවා. ඒ මගින් ඉතාම කාර්යක්‍ෂම ලෙස බදු එකතු කිරීමේ කටයුතු සිදුකරමින් නිබෙනවා. එම මෘදුකාංගය නිර්මාණය කිරීමේදී 2006 පනතේ නීතිමය රෙගුලාසි අනුගමනය කළා. නමුත් දැන් එම පනත වෙනුවට නව පනතක් ගෙන ඒම මගින් කෝටි 500ක් වැයකොට සකස් කළ මෘදුකාංගය භාවිතා කිරීමට නොහැකි වෙනවා. එය අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට නව මෘදුකාංගයක් සකස් කිරීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අයි.එම්.එෆ්. ආයතනය ණයක් දෙන්නත් එකඟ වෙලා තිබෙනවා. මේ සියලූම කාරණා සලකා බලන විට මෙම පනත අයි.එම්.එෆ්. අරමුදලේ වුවමනාවක් බව පැහැදිලියි. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර නොදිය යුතු පනතක්.
2006 ඉදිරිපත්කළ පනතට සංශෝධන එක්කොට තවදුරටත් කාර්යක්‍ෂම කරන්න අවශ්‍යයි. නමුත් එය අහෝසි කොට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. නව පනතක් ගෙන ඒමේ එකම වුවමනාව වන්නේ, අපේ රටේ ආර්ථිකය අයි.එම්.එෆ්. අරමුදලේ අවශ්‍යතාවයට අනුව හැසිරවීමට නීතිමය තත්වයන් හදා ගැනීමයි. ඒ නිසා තමයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට අයි.එම්. එෆ්. එක ණය වාරිකය නිදහස් කරන්නේ. ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට අපි ඉල්ලූවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් අදාළ ක්‍ෂේත‍්‍ර සමඟ සාකච්ඡුාවක් කරන්න කියල. නමුත් ඒ වෙලාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කිව්වා, මේ පනත දාන්නම  ඕන කියලා. එහෙම කළේ ඇයි? මේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. අරමුදල බලපෑම් කරනවා. රනිල්-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුව වගකියන්න  ඕනෑ  අයි.එම්.එෆ්. එකට නෙවෙයි. ඔවුන් වගකිව යුත්තේ අපේ රටේ ජනතාවටයි. ඒ නිසා මේ පනත පරාජයට පත්කළ යුතු පනතක්. ඒ නිසා මේ පනත පරාජයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. මේ බදු පනත අයවැය ලේඛනය ඉක්මවා යන පනතක්. ඒ නිසා මේ පිළිබඳව රටේ සංවාදයක් හදලා මේ පනත සම්මත නොකර අහෝසි කිරීමට අපි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා.
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
පනත පිළිබඳ තව දුරටත්
මේ පනත පරාජය කිරීමට නීතිමය කි‍්‍රයාමාර්ගත් ගත හැකියි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ පවත්වන්න. ඒ වගේම අපි නව පනත පරාජය කිරීම සම්බන්ධව වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කරනවා. මෙම පනත පරාජය කළ හැක්කේ, පාර්ලිමේන්තුවෙන් පිටත කරන අරගලයක් මගින්. මොකද සාම්ප‍්‍රදායික වශයෙන් අපේ රටේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බහුතරයක් තිබෙන නිසා මෙවැනි පනත්වලටද ආණ්ඩුවේ ඇමතිවරු අත උස්සනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ සටන ප‍්‍රමාණවත් නැහැ. ජනතා සටනක් අවශ්‍යම වෙනවා. ඒ වගේම මෙය අත්‍යාවශ්‍ය ලෙසම පරාජය කළ යුතු පනතක්. අපේ රටේ ආර්ථිකය ගැන සැලකිල්ලක් දක්වන කිසිවෙකු මේ පනත අනුමත කරන්නේ නැහැ. මේ පනත සියලූ දෙනාටම බලපානවා. කලාකරුවන්ට, ගොවියන්ට, ලොතරැුයියක් ඇදෙන පුරවැසියන්ට, ජීවිත රක්‍ෂණයක් කල් පිරෙන අවු. 60 ඉක්මවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, සුභසාධක ආයතනවලට, පන්සල්, පල්ලි, කොවිල් සියල්ලටම, බැංකු තැන්පතු තියෙන සියලූ දෙනාටමත් ආදී වශයෙන් සියලූම දෙනාට මේ පනත බලපානවා. මේ පනත සියලූම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වුණත් අයි.එම්.එෆ්. එකේ ප‍්‍රසාදයට ලක්වෙන්නේ ඒ නිසයි.
මන්තී‍්‍රවරුන් මේ බදුවලින්. නිදහස්. මොකද, ඔවුන්ට දීමනාවක් තමයි ලැබෙන්නේ. එම නිසා ඔවුන් උපයන විට අගයන බද්දෙන් නිදහස්.
ජා.නි.පෙ.ය ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්වීම පිළිබඳව…
ගෙවල්වල ඉන්න පොඩි ළමයි ඔවුන් පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය නැතිවුණාම සෙල්ලම් බඩු පොළොවේ ගහනවා, මේකත් හරියට ඒවගේ වැඩක්. ඒනිසා ඔවුන්ගේ කි‍්‍රයාමාර්ග පිළිබඳව එතරම් සැලකිල්ලට ලක්කළ යුතු නැහැ කියලයි අපි හිතන්නේ.
අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් මතුවෙලා තිබෙන සාකච්ඡුාව ගැන අවධානය යොමුකළ යුතුයි. රටක ව්‍යවස්ථාව යනු ඒ රටේ සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවල නීතිමය ලියවිල්ලයි. ඒ නිසා රටක සමාජ පරිවර්තනයක් වූ සෑම අවස්ථාවකදීම නව ව්‍යවස්ථාවක් ගොඩනැගෙනවා. 1917 විප්ලවයෙන් පස්සේ සෝවියට් රුසියාවට නව ව්‍යවස්ථාවක් ගෙනාවා. 1949 විප්ලවයෙන් පස්සේ චීනය නව ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒ වගේම කියුබානු විප්ලවයෙන් පස්සේ ඒ රට අලූත් ව්‍යවස්ථාවක් හදා ගත්තා. නමුත් අපේ රට ධනපති  රාජ්‍යයක්. ඒ නිසා අපේ රටේ සමාජ, ආර්ථික කි‍්‍රයාවලියට රැුකවරණය දෙන්නේ ධනපති ව්‍යවස්ථාව. ඒ අනුව 1972දීත් 1978දීත් නිර්මාණය වෙන්න්නේ ධනපති ව්‍යවස්ථාවන්. නමුත් වාමාංශික ව්‍යාපාරයක් ලෙස වුවත් අපි ඇතැම් ධනේශ්වර ප‍්‍රජානත්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට එකඟයි. මොකද, ධනේශ්වර ක‍්‍රමයක් යටතේ වුවද ජනතාවට යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනාගත යුතුව තිබෙනවා. අපේ රටේ ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය කරපු එකක්. ඒ නිසා එය විකෘති කරපු ව්‍යවස්ථාවක් ලෙසයි තිබෙන්නේ. නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමේදී විවාදයට බඳුන් විය යුතු කරුණු තුනක් තිබෙනවා. එකක් තමයි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, දෙවැන්න, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය, තෙවැන්න බලය බෙදීම. අපි මෙම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලියට සකී‍්‍රයව මැදිහත් වෙනවා. නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා මේ වනවිට 80%ක පමණ සියලූ පක්‍ෂවල එකඟතාවයක් තිබෙනවා. විධායක ක‍්‍රමය අහෝසි කිරීමට පක්‍ෂවලින් බහුතරයක් එකඟයි. තවත් පක්‍ෂ එකක් දෙකක් ඒ පිළිබඳව සාකච්ඡුාවක ඉන්නවා. බලය බෙදීම පිළිබඳව කිසිදු අවසන් එකඟතාවයකට පැමිණ නැහැ. ඒ වගේම බුද්ධාගමට අදාළ වගන්ති, රටේ ඒකීයභාවය පිළිබඳව කිසිදු සාකච්ඡාවක්  නැහැ. ඒවා ස්ථීර දේවල්. සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. ඒ නිසා රටට හිතකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ජනතාවගේ අයිතිවාසිකම් රැුකෙන, එක් පුද්ගලයෙකුට අසීමිත විධායක බලතල නොමැති ව්‍යවස්ථාවකට අපේ එකඟතාවය තිබෙනවා. අපේ අවශ්‍යතාවයට කරගන්න නොහැකි වුවත් 1972 සහ 1978 ව්‍යවස්ථා ගේනකොට තිබුණු අවශ්‍යතාවයට වඩා වැඩි අවශ්‍යතාවයක් මේ වෙලාවේ තිබෙනවා. අලූත් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා යුතුයි. එවිට ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒනිසා කුමන පක්‍ෂ අකමැති වුණත් ව්‍යවස්ථාව ජනතාව ඉදිරියේ විභාග වෙනවා. ඒ තමයි වැදගත් වන්නේ.

Leave A Reply

Your email address will not be published.